
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සිර දඩුවම් නියමව සිටින රංජන් රාමනායක මහතාට සමාවක් ලබා දීමට ජනාධිපතිවරයා දැනුවත් කරන්නැයි අධිකරණ ඇමැතිවරයාගෙන් ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවැසීය.
අධිකරණ ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවද
හෙතෙම
රංජන් රාමනායක මහතා නිදහස් කිරීමට පියවර ගන්නැයි ඉල්ලා සිටිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ පෙරමුණ ජනාධිපතිවරයාට බාරදීමට ලිපියක් අස්සන් කරගෙන යන බවද හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ අධිකරණ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති තවමත් රන්ජන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ නැහැ...
වැඩි කාලයක් යන්න කළින් මේ රටේ මෙසී ඔයාව මේ රටේ ජනාධිපති කරලා නවතින්නේ...
ඕන් කිරිගහට ඇන්නා වගේ කියන්නම් රන්ජන් නිදහස්. නැතිනම් ගොනා පිටිපස්සේ කරත්ත රෝදේ වගේ තමා
රන්ජන්ව නියමිත කාලයට පෙර නිදහස් කළොත් නැවත නැවතත් අධිකරණයට අපහාස කරයි. කටට බ්රේක් නැතුව ඔහේ ගැලරියට කියවන කෙනෙක්...
දී කිරට බළල්ලුත් සාක්කියි කිව්වලු....
මිනීමරුවන්, රට කාපු, හොර දූෂිත දේසපාලුවන්, ස්ත්‍රී දූෂකයින් අද නිදහසේ නිදැල්ලේ ආණ්ඩුව ඇතුළේ... කොන්ද කෙළින් තියාගෙන ඇත්ත කතාකරපු රන්ජන් හිරේ. මෙය මුලුමනින්ම දේශපාලන පළිගැනීමක් බව දන්නෝ දනිති. ඇත්ත තිත්තයිලු...
බොරුවට කෑ ගැසුවාට පක්ෂ විපක්ෂ ගොඩක් අය කැමතියි රන්ජන් හිරේ ඉන්නවාට...
ඇත්තෙන්ම රංජන්ට ඇප ලබාදිය යුතුයි. ඔහු කළ වරද කුමක්ද? ඇත්ත කතාකරපු එකද? රාජ්‍ය දේපළ මංකොල්ල කාපු අය කී දෙනෙක් අද එළියේ ඉන්නවද? උසාවියේ වුණත් ඇත්ත කතා කළ යුතුයි. එළියට නොදෙන එකේ ලොකු රහසක් තියෙන බවයි අපට තේරෙන්නේ. ඉස්කෝලේ නොගිය අපට තේරෙන දේ ඇයි මේ පණ්ඩිතයින් කියාගන්න එවුන්ට නොතේරෙන්නේ...?