
(නිමල කොඩිතුවක්කු)
මෝටර් රථ ආනයනය නතර කිරීමට රජය ගත් තීරණය හේතුවෙන් මෙරට වාහන අලෙවිසැල්වලින් සීයට අනූවකට වඩා වැඩි ප්‍රමාණයක් වැසී ගොස් ලක්ෂ හතරක පමණ ප්‍රමාණයකට රැකියා අහිමි වී ඇතැයි ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග මහතා ලංකාදීපයට පැවසීය.
රටේ පවතින උග්‍ර ඩොලර් හිඟය හේතුවෙන් තවත් වසර ගණනාවකට මෝටර් රථ ආනයනය සිදු කිරීමට නොහැකි වනු ඇති බවත් කුලතුංග මහතා සඳහන් කළේය.
මෝටර් රථ ආනයනය නතර කිරීම හේතුවෙන් ජනතාව වැඩි වශයෙන් මිලදි මිලදී ගනු ලබන සුසුකි වැගන් ආර්, ටොයටා පැසෝ, ටොයටා විට්ස්, ටොයටා ඇක්සියෝ, ටොයටා ප්‍රිමියෝ, ටොයටා රයිස්, සී. එච්. ආර්, වෙසල්, ග්‍රේස් ඇතුලු මෝටර් රථ වෙළදපොල තුළ උග්‍ර හිඟයක් පවතින බවද ඔහු පැවසීය.
මෝටර් රථ ආනයනය කිරීමට රජය අවසර ලබා නොදීම හේතුවෙන් සේවකයන්ට වැටුප් ගෙවීමට නොහැකිව, බැංකු ණය ගෙවීමට නොහැකිය වාහන අළෙවිකරුවන් විශාල මූල්‍ය අර්බුදයකට පත්ව ඇතැයිද ඔහු පැවසීය.
ලියාපදංචි කළ වාහන මිලද සීඝ්‍රයෙන් ඉහල ගොස් පාරිභෝගිකයින් දැඩි අසීරු තත්ත්වයකට පත්ව ඇති බවත් කුලතුංග මහතා සඳහන් කළේය.
කොරෝනා වයිරසය ව්‍යාප්තිය සමග ඇතිවූ ආර්ථික අර්බුදය හමුවේ මෝටර් රථ ආනයනය කිරීම ඉකුත් වසරේ මාර්තු 19 වැනිදා සිට අත්හිටුවීමට රජය පියවර ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව විතරයි... කොරෝනා නිසා මෙච්චර ආර්ථික අර්බුදයකට මුහුණ දෙන්න වුණේ... මේ කාලකණ්ණි දේශපාලකයන් නිසා...
දේශපාලුවන්ට V8 ගෙනාවට කමක් නැද්ද මොල හතානෝ?
මෝටර් රථ ගෙන්නුවොත් රටම හාමතේ. රට විරුවන් රටට එවන් ඩොලර් ටික දෙනෙකුගේ සුඛ විහරණයට වාහන ගෙන්වන්නද කියන්නේ? එහෙම කළොත් අපේ ළමයි රටට එවන ඩොලර් වහාම නවත්වනවා.
රට විරුවන්ට තමන් උපයපු ඩොලර් යොදා වාහන ගෙන්වීමක් කළ හැකි බවට මතයක් තිබෙනවා.
වාහන විකුණන රස්සාව නැතිව වෙන රස්සාවක් කරන්නම බැරිද?
දේශපාලකයින්ද යන්න තීරණය කිරීමට පෙර, ජනතාව තේරුම් ගත යුතු සත්‍ය වන්නේ, දැනට පවතින ආර්ථික ක්‍රමයේ භයානක බව කොරෝනා තුළින් පෙන්නුම් කළබවයි. ආර්ථිකයේ පවතින අසමතුලිත බව නිසා ඩොලර් හිඟයේ උග්‍රබව වැඩිවී ඇත. වඩා හොඳ දේශීය ආර්ථික ක්‍රමයක් රට තුළ ඇතිවිය යුතු බව මෙයින් හැඟේ. අධික ආනයනය තවදුරටත් සිදු කළ නොහැකි බව මෙයින් පෙනී යයි. සෑම ක්ෂේත්‍රයක් තුළම පාලනයක් ඇතිවිය යුතුබව පෙනී යයි. දේශපාලකයින්ට සාප කිරීමෙන්ම මෙයින් ගොඩ යා හැකි නොවන මට්ටමකට දැන් ළඟාවී ඇත. මෙය ජනතාව තේරුම් ගත යුතුයි. තම අත ඇති මුදලට වඩා වියදම් කිරීමට යාම ලාංකික ජනතාවගේ ලක්ෂණයක් වී ඇත...
මෝටර් රථ ගෙන්වන්න බැරි නම් ඒවා අලුත්වැඩියා කරගෙන ධාවනය කරන්න අමතර කොටස් වලට ගහන බද්ද 50%ක් පමණ අඩුකරන්න. අද අමතර කොටස්වල මිල ඉතා ඉහළ වන අතර, ඒවායේ මිල අධික බැවින් අද පාරේ ධාවනය වන වාහන වල යෝග්‍යතාවය අඩු මට්ටමක පවතින නිසා, අනතුරු සිදුවීම ඉහළ ගොස් ඇත. ඉදිරියේදී මෙම තත්වය ඉහළ ගොස් විශාල හානි සිදුවිය හැකිය...