
(සමන් පාලිත නානායක්කාර)
හපුතලේ ඉදල්ගස්හින්න ප්‍රදේශයෙන් පැහැර ගත් පිරිස මෝටර් රථයෙන් ගොස් කඩුගන්නාවවේදී අද මංකොල්ලකෑමක් සිදු කළ බවට තොරතුරු ලැබී ඇතැයි හපුතලේ පොලීසිය කියයි.
කඩුගන්නාව නගරය අසන්නයේදී කාන්තාවකගේ ගෙලබැදි රුපියල් රන් මාලයක් මෝටර් රථයකින් පැමිණි තිදෙනකු කොල්ල කා ඇති බවට පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
ඉදල්ගස්හින්නෙන් පැහැරගත් මෝටර් රථයේ අංකයත් කඩුගන්නාවේ දී අද මංකොල්ලය සිදු කිරීමට භාවිතා කළ මෝටර් රථයේ අංකයක් සමාන බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ.
මොරටුවේ සිට අවමංගල්‍ය නිවසකට යන බව පවසා කුලී පදනම මත රැගෙන ආ මෝටර් රථය හපුතලේ ඉදල්ගස්හින්න ප්‍රදේශයේ පාළු ස්ථානයක දී රියදුරුගේ අතපය බැඳ දමා මෝටර් රථය පැහැරගෙන ගොස් තිබුණි. තිදෙනකුගෙන් යුත් කණ්ඩායමක් මෙම මෝටර් රථය පැහැරගත් බවට රියදුරු හපුතලේ පොලීසියටපැමිණිලි කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"මං කොල්ල කාපු වාහනය" ලියුම්කරු කොල්ල කාපු වාහනය...
මාල කඩාගැනීම බොහොම හොඳ ස්වයං රැකියාවක්... ඇමැතිකම දක්වා උසස් වීමට පුළුවනි..!!!