
(අංජුල මහික වීරරත්න)
ගිලෙන නැවකට ගොඩ වීමට තමාට පිස්සු නැතැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හමුවේ පවසා තිබේ .
අගමැති ධුරය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන්නට යන බවට රාවයක් පැතිර ඇතැයි ද එහි සත්‍යතාවයක් තිබේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඇසූ පැනයකට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය .
රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුව ගතහොත් ආර්ථිකය යළි ගොඩ ගැනීමට හැකි වෙතියි සමහරුන් තුළ මතයක් ඇති බව එම මන්ත්‍රීවරුන් එහිදී පවසා තිබෙි.
රටේ ඩොලර් සංචිතය ජනවාරි වන විට අවසන් වෙන තැනකට පැමිණ ඇතැයි ද ආර්ථිකය ඉතා අපහසු තැනක පවතින බැවින් ලබන වසර අමාරු වසරක් වේවි යැයි වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාට වාසනාව කැරකෙයි වගේ
ඔයාගේ නැව ගිල්ලවලා ඔයා විතරක් බේරිලා දැන් අනිත් නැව් ගැන කතා කරන්න එපා මහත්තයෝ...
ගිලුනු කෙනෙක් ගිලෙන නැවකට ගොඩ වෙන්නෙ කොහොමද ? උස්සලා දාගන්න වෙයි.
මේ මෙයා ගිලෙන නැවක් ගැන පිස්සුවෙන් කතා කරනවා. මෙයා UNP ය කියන සද්දන්ත නැව පොළොවටම සමතලා කරලා ලංකාවේ තිබුණු මහා කුළුණක් වගේ පක්ෂය යනඑන මන් නැතුව නන්නත්තාර කරලා තියෙන්නේ. සජිත්ට UNP බාරදීලා ගෙදර ගියානම් අද වෙනකොට UNP ය මොනතරම් ඉහළ තැනක තියේවිද? UNP යට කරපු විනාසෙට...රටේම UNP කාරයින් තියන දෙස් දෙවොල් වලින් මෙයාට නියම දඬුවම ලැබෙයි...
විශ්වාසද?
ඉතිං මහත්තයා ඔයාලගේ නැව ගිලිල ගොඩක් කල්නේ. ඒක නැවතත් ගොඩගන්න බැහැ...
ඒක නම් හරියට හරි.
දැනටමත් මෙයා මෙයාගේ පක්ෂයත් ගිලලා, මෙයාවත් ගිලලා අවසන්... ඉතින් පිස්සු කතා කියන්නේ.
වගකීමෙන්ද කියන්නේ...?
ගොඩවෙන්න එපා.. නැව අල්ලාගෙන සුළං පාරට ගොඩට එන්න. ඊට පස්සේ කියන්න මම නැවත අරගෙන ගොඩට පීනුවා කියලා. එතකොට කට්ටිය හුරේ දාවි...
මේ මමත් එල්ලෙන්න වැලේ වැල් නැතිව ගහගෙන යන වෙලාවේ ගිලෙන නැවට මම නැග්ගේ නෑ.. එහෙම නගිනවා නම් මම ඇම්ඩා නොවේ..