(ඩයනා උදයංගනී)

80 දශකයේ විනෝදාස්වාද සිනමාවේ ජනප්‍රිය සිනමාකරුවකු වූ "සිංහල සිනමාවේ බොක්ස් ඔෆිස් රජු"  ලෙසින් විරුදාවලිය ලද ප්‍රවීණ ජනප්‍රිය අධ්‍යක්ෂ සහ රංගන ශිල්පී සුනිල් සෝම පීරිස් මහතා අද (10) අභාවප්‍රාප්ත විය. 

ඔහු මියයන විට 73 වන වියෙහි පසුවිය.

ඔහුගේ මුල්කාලීන සිනමා නිර්මාණ සියල්ල අතිසාර්ථකව ප්‍රදර්ශන කාලය දින 100 ඉක්මවූ බැවින් "සිංහල සිනමාවේ බොක්ස් ඔෆිස් රජු" ලෙස හැඳින්විණි.

යසපාලිත නානායක්කාරයන්ගේ "ගැහැණියක්" චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂවරයෙකු ලෙස සිනමාවට පිවිසි සුනිල් සෝම පීරිස් මහතා අධ්‍යක්ෂණය කළ ගේ මුල් චිත්‍රපට පහ වන "ඔබට දිවුරා කියන්නම්", "ජය අපිටයි", "දිනුම" (සම අධ්‍යක්ෂණය), "රජ වැඩකාරයෝ" සහ "ඔබටයි ප්‍රියේ ආදරේ" යන සිනමා නිර්මාණ දින සියය ඉක්මවූයේ අතිශය ජනාදරයට පාත්‍ර වෙමිනි.

ඔහුගේ හයවැනි චිත්‍රපටය වූ "මමයි රජා" චිත්‍රපටය ප්‍රදර්ශන කාලය දින දෙසීය ඉක්මවීය

ඔහුගේ පුතු සුදේශ් වසන්ත පීරිස් ද මේ වන සිනමා අධ්‍යක්ෂවරයෙක් සහ රංගන ශිල්පියෙක් වන අතර ඔහුගේ මිණිපිරිය වන චමත්කා පීරිස් ද නව පරපුරේ නැගී එන ගායිකාවකි.