වනජීවි ඇමති මියගිය රණවිරුවන්ට ජීවය දෙයි යුද්ධයේදී මියගිය ත්‍රිවිධ හමුදාවේ සියලුම රණවිරුවන් සිහිපත් කිරීම සඳහා එම මියගිය රණවිරුවන්ගේ සංඛ්‍යාවට සමාන විවිධ පැළ වර්ග විසි පන් දහස් නවසිය තිහක් (25,930) වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාගේ මූලිකත්වයෙන් පුත්තලම කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඉපලෝගම ප්‍රදේශයේ පසුගියදා රෝපණය කෙරිණ. 28 October 2021
නිලීකා මලවිගේ ලෝක සෞඛ්‍ය උපදේශක තනතුරකට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අනුක විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ කෝවිඩ් -19 මර්දනය සඳහා වන තාක්ෂණික උපදේශක කමිිටුවේ සාමාජිකාවක් ලෙස පත් කර ඇත. 28 October 2021
ලොව පිළිගත් විද්‍යාඥයන් අතරට අපේ 24ක් ලොව ඉහළම පෙළේ විද්‍යාඥයන් පිරිස අතරට ( සියයට දෙකක) ශ්‍රී ලංකාවේ ආචාර්ය මහාචාර්යවරුන් ඇතුළු විද්වත්හු 24 ක් ඇතුළත්ව සිටිති. 28 October 2021
චැපල් අංශයෙ වහලයට කෝටියක අලාභහානි සිරකරුවන්ගේ විරොධතාවය නිසා වැලිකඩ බන්ධනාගාරයේ චැපල් අංශයෙ වහලයට කෝටියකපමණ අලාභහානි සිදුවි ඇති බව බන්ධනාගාර ඉංජිනේරු අංශය විසින් තක්සේරු කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සහ පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි. 28 October 2021
ලිංගික අල්ලස් ගන්න ගිය පොලීස් ස්ථානාධිපති මාට්ටු පොලීසියට ඉදිරිපත් කළ පැමිණීල්ලට සාධාරණයක් ඉෂ්ට කර දීම සදහා කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ වනාතවිල්ලුව පොලීසියේ ස්ථානාධිපතිවරයා අද (28) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවේ (විමර්ශන) අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක විතානගේ මහතා පැවසීය. 28 October 2021
ජනපති රජයේ ආයතනවලට වාහන 314ක් බෙදාදෙයි ක්ෂේත්‍ර රාජකාරි සඳහා අත්‍යවශ්‍ය වන වාහන 164ක් සහ යතුරුපැදි 150ක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන කිහිපයක ප්‍රධානීන්ට ජනාධිපති කාර්යාලයේදී අද (28) පෙරවරුවේ බාර දුන්නේය. 28 October 2021
පෞද්ගලික බස්රථ යළි ආරම්භ කිරීමට උපරිම සහන කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් වසර එකහමාරකට ආසන්න කාලයක් අකර්මන්‍ය වූ පෞද්ගලික බස් රථ කර්මාන්තය නැවත ආරම්භ කිරීම සඳහා එම බස් රථ හිමියන්ට ලබාදිය හැකි සියලුම සහනයන් ලබාදෙන ලෙස ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතාට උපදෙස් දෙනු ලැබීය. 28 October 2021
පළිබෝධ නාශක හතරක් මෙරටට ගෙන්වීමට අවසර ඉල්ලයි තෝරාගත් බෝග කිහිපයක් වෙනුවෙන් පළිබෝධ නාශක හතරක් මෙරටට ගෙන්වීම සදහා ජනාධිපතිවරයාගෙන් අවසර ඉල්ලා ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 28 October 2021
සහල් මිල නැවතත් ඉහළ දමයි සහල් මිල නැවතත් රුපියල් 10 සිට 30 දක්වා ගණනකින් ඉහළ දැමීමට පොළොන්නරුවේ ප්‍රධාන පෙළේ සහල් නිෂ්පාදන සමාගම් පියවර ගෙන තිබේ. 28 October 2021
රිය අනතුරු සිදුකර පලායන රියදුරන්ට වැටක් රිය අනතුරක් සිදුකර පලායන රියදුරන් හා වාහන සම්බන්ධයෙන් වාර්තා වු සැනින් අපරාධ වාර්තා කොට්ඨාසයේ සැකකරුවන් නියාමනය කිරීමේ (AMIS) අංශය වෙත ක්ෂණිකවට දැනුවත් කළ යුතු බව පොලිස්පතිවරයා සියලුම රථවාහන නිලධාරීන් ට විශේෂ චක්‍රලේඛයක් මගින් දැනුම් දී ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි. 28 October 2021
කොවිඩ් ආසාදිතයෝ 7,487 ක් සුවය ලබා පිටව යති කොවිඩ් ආසාදිත ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 7,487 ක් සුවය ලබා අද (28) රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 28 October 2021
ඉසෙඩ් ඩී ඇළට වැටුණ අලි දෙදෙනා පැය 8 කින් පසු ගොඩට මාදුරුඔය ඉසෙඩ්.ඩි.ප්‍රධාන ඇළට පිඹුරත්තෑව ප්‍රදේශයෙන් අද (8 ) අලුයම වැටී සිටි අලි දෙදෙනෙකු පැය අටක මෙහෙයුමකින් අනතුරුව වෙහෙරගල වනජීවී නිලධාරීන් ගොඩට ගෙන උල්පත්වැව රක්ෂිතයට පලවා හැරීමට කටයුතු කළේය. 28 October 2021
අන්තර් පළාත් දුම්රිය ධාවනය ගැන තීරණය හෙට අන්තර් පළාත් දුම්රිය ධාවනය සම්බන්ධයෙන් හෙට පැවැත්වෙන කෝවිඩ් මර්ධන කමිටුවෙදී තීරණය කිරීමට නියමිත බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසයි. 28 October 2021
අයි ඩී එච් රෝහලෙන් සුබ ආරංචියක් අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ (අයි ඩී එච් රෝහල) කොවිඩ් රෝගීන් සංඛ්‍යාව හරි අඩකින් පමණ අඩුවී ඇතැයි එහි අධ්යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා ලංකාදීපයට පැවැසීය. 28 October 2021
වැලිකඩ විරෝධය මසකට පසු අවසන් දීර්ඝ කාලීනව සිර දඩුවම් විදින සිරකරුවන් පිරිසක් පොදු සමාවක් ඉල්ලා වැලිකඩ බන්ධනාගාරයේ චැපල් අංශයේ වහලයක් මත මාසයකට අධික කාලයක් පුරා ක්‍රියාත්මක විරෝධාතායව අවසන් කර ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක හා පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි. 28 October 2021
බසය වෙළට - 13ක් රෝහලට මාතලේ සිට සැලගම දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් මාතලේ ගොලැන්හෙන්වත්ත ප්‍රදේශයේ දි මාර්ගයෙන් ඉවතට පැන වෙළකට පෙරළිමෙන් පුද්ගලයන් 13 දෙනකු තුවාල ලබා ඇති බව පොලිසිය කියයි. 28 October 2021
බන්ධනාගාරයට වූ හානිය ගැන විමර්ශනයක් සිරකරුවන් පිරිසක් වැලිකඩ බන්ධනාගාර චැපල් වාට්ටුවේ වහලය මත නැග විරෝධතාවයේ නිරතවීම හේතුවෙන් බන්ධනාගාරයට සිදු වූ හානිය සම්බන්ධයෙන් මේ වන විමර්ශනයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 28 October 2021
පොලිසියේ පිරිසකට මාරු වීම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතා ඇතුලු නියෝජ පොලිස්පතිවරුන් දෙදෙනකුට සහ පොලිස් ස්ථානාධිපතිවරුන් පස් දෙනකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා ද ඇති බව පොලිස් මුලස්ථානය පවසයි. 28 October 2021
සිරිල් ගාමිණී පියතුමන් සී.අයි.ඩියට නොපැමිණෙයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කැඳවීමට පිළිතුරු ලබාදීමට සුදානම් වී පැමිණීම සඳහා සතියක කාලයක් ඉල්ලමින් සිරිල් ගාමිණී පියතුමන් එම දෙපාර්තමේන්තුවෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත. 28 October 2021
පදවියෙන් දින තුනට කොරෝනා 60ක් වාර්තා වෙයි පදවිය සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයෙන් ඉකුත් දින තුන තුළ කොරෝනා ආසාදිතයන් 60 දෙනකු වාර්තා වී ඇතැයි එම කාර්යාලය කියයි. 28 October 2021
ස්විස්ටර්ලන් පිරිසකගෙන් මාතර රෝහලට ශ්වසන උපකරණ ස්විස්ටර්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්, වියට්නාම සහ තායිලන්ත ජතිකයන්ගේ ධන පරිත්‍යාගයෙන් ශ්වසන උපකරණ පද්ධතියක් මාතර මහා රෝහලට බාර දුන්නේය. 28 October 2021
වෛද්‍ය සංගමයෙන් ජනාධිපතිට යෝජනා හතරක් යළි කොවිඩ් රැල්ලක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු පියවර හතරක් පිළිබඳ නිර්දේශ ඇතුළත් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යවා ඇත. 28 October 2021
ලබන වසරේ සිට නොමිලේ තේ පැළ වගා කිරිමට කැමති ඕනෑම පුද්ගලයකුට තේ පැළ ලබන වසරේ සිට නොමිලේ ලබාදීමට කටයුතු කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය. 28 October 2021
“පොහොර බාර ගන්න බෑ’’: අගමැති චීන තානාපතිට කියයි කොළඹ වරායට පැමිණ ඇති චීන පොහොර නෞකාවේ ඇති පොහොර තම රටට භාරගත නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා චීන තානාපති වී. ශෙන්හොන් මහතාට දැනුම් දී තිබේ. 28 October 2021
පාර්ලිමේන්තුව නියෝජනය නොකරන සියලු පක්ෂ එ.ජ.නිසට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන සියලු පක්ෂ ලබන මස 11 දින වනවිට එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ එක්වන බව එහි මහලේකම් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 28 October 2021
ජනපති - හවුල් පක්ෂ නායකයන් අද සවස හමුවෙයි ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයන් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් අරලියගහ මැදුරේදී අද සවස පැවැත්වෙන බව රජයේ ආරංචි මාර්ග කියයි. 28 October 2021
“රටේ ස්වෛරීත්වය තුට්ටු දෙකට විකුණන්න දෙන්නෙ නෑ’’ රටේ ස්වෛරීත්වය තුට්ටු දෙකට විකුණන්න ආණ්ඩුවට ඉඩ නොදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. 28 October 2021
සජබයේ ‘‘හුස්ම‘‘ කාසල් රෝහලට සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක ’’විපක්ෂයෙන් හුස්මක්’’ වැඩසටහනේ ’ජන සුවය’ සමාජ සත්කාර වැඩසටහනෙහි 32 වන පියවර ලෙස රුපියල් ලක්ෂ හැත්තෑ හයක් වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලට පිරිනැමිණි. 28 October 2021
රජයෙන් දෙන පොහොරවලින් අස්වැන්න අඩු වුණොත් වන්දි රජයෙන් ලබාදෙන පොහොර භාවිතයෙන් අස්වැන්න අඩු වුවහොත් ඒ සඳහා ගොවීන්ට වන්දි ලබාදීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවසීය . 28 October 2021
නඩු භාණ්ඩ කඩිනමින් නිෂ්කාශනය කරන්න වැඩපිළිවෙළක් අධිකරණවල නඩු භාණ්ඩ වශයෙන් ගොඩගැසී පවතින වාහන ඇතුළු උපකරණ කඩිනමින් නිෂ්කාෂණය කිරීමේ වැඩපිළිවෙලක් සකස් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ. 28 October 2021
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026