චාල්ස් මැතිවරණ කොමිසමට උතුරේ හිටපු ආණ්ඩුකාර පී.එස්.එම්.චාල්ස් මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකාවක ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කෙරුණු යෝජනාවට පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය ලැබී ඇත. 27 October 2021
ඩොලර් ගැටලුව සිමෙන්ති හිඟයට මුල සිමෙන්ති හිඟයට ප්‍රධානම හේතුව සිමෙන්ති ආනයනික සමාගම් කීපයක්ම ආනයනය අත්හිටවීම බව ශ්‍රී ලංකාවේ ප්‍රධාන සිමෙන්ති සමාගමක උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 27 October 2021
ගුවන්තොටේ පී.සී.ආර් යළි අරඹයි සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය නොලැබීම නිසා මෙතෙක් කලක් වසා දමා තිබූ කටයුනායක ගුවන්තොටුපොළේ ස්ථාපිත පී.සී.ආර්. පරීක්ෂණාගාරයේ කටයුතු අද ආරම්භ කෙරිණි. 27 October 2021
බත්තරමුල්ලේ අදත් විරෝධයක් සෞභාග්‍යයෙ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ එක් කොට ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපන විශ්ව විද්‍යාලය, අධ්‍යාපන විශ්වවිද්‍යාලය පිහිටවීමට විරෝධය දක්වමින් උද්ඝෝෂණයක් බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට පැවැත්විණි. 27 October 2021
‘‘මා කෘෂිකර්ම අමාත්‍යංශයේ තනතුරක් දැරුවේ නෑ‘‘ කෘෂිකර්ම අමාත්‍යාංශයේ කිසිදු ආයතනයක රැකියාවක නිරත නොවන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා පවසයි. 27 October 2021
සලේගේ පැමිණීල්ලට විමර්ශනයක් සී.අයි.ඩිය කියයි පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවට අදාළව සිරිල් ගාමිණී පියතුමන් සහ වෙනත් පාර්ශ්ව කිහිපයක් කළ ප්‍රකාශ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙසට ඉල්ලා රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා සිදුකළ පැමිණීල්ලකට අදාළව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතාට අද (27) කරුණු ඉදිරිපත් කළේය. 27 October 2021
සැක හිස්වැසුම් හා ජැකට් මාලඹෙන් හමුවෙයි පොලිසියෙන් බව පවසා අංගොඩ මීගහවත්ත ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී පුද්ගලයකුගේ හිසට වෙඩි තබා ඝාතනය ආ සැකකරුවන් පැළඳගෙන සිටි ආරක්ෂක හිස් වැසුම් දෙකක් සහ ජැකට් තුනක් මාලඹේ ප්‍රදේශයේ කෙසෙල් වගාබිමක් තුළ තිබියදී අද සොයා ගත් බව කඩුවෙල පොලිසිය කියයි. 27 October 2021
ලංගමට කෝටි 1600ක් ඉල්ලයි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය (ශ්‍රී ලංගම) ශක්තිමත් කිරීම සහ සේවක අයිතීන් සුරක්ෂිත කිරීමට අවශ්‍ය අරමුදල් සඳහා ඉදිරි අයවැයෙන් රුපියල් මිලියන 16,000 ක් හෙවත් රුපියල් කෝටි 1600 ක් වෙන්කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරමින් සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ලිපියක් යොමු කර තිබේ. 27 October 2021
රෙජිස්ටාර්වරුන්ට සාමදාන තනතුරත් රෙජිස්ටාර් තනතුර ලබාදීමේ දී ඔවුන්ට සාමදාන විනිශ්චයකාරකම ද ලබාදීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතාට උපදෙස් දුන්නේය. 27 October 2021
“කොල්ලුපිටිය නව වෙළෙඳ සංකීරණයේ ඉදිකිරීම් කඩිනම් කරන්න’’ කොල්ලුපිටිය පැරණි වෙළෙඳපොල පවතින ස්ථානයේ නව වෙළෙඳ සංකීර්ණයේ ඉදිකිරීම් කඩිනම් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ. 27 October 2021
මවක සහ දියණියන් තිදෙනකු වස ශරීර ගතව රෝහලට හාලිඇළ වෙැල්හින්න පදිංචි මවක සහ ඇගේ කුඩා දරුවන් තිදෙනා විස ශරීර ගත වීමෙන් අසාධ්‍යව බදුල්ල රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. 27 October 2021
කහටරූප්ප ගමේ 37කින් 23කට කොරෝනා පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දුෂ්කර ගම්මානයක් වන කහටරුප්ප, ගඩාදෙහිගොල්ල ගම්මානයේදී ගම්වැසියන් 37 දෙනකුගේ සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී ඔවුන් අතරින් 23 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට හදුනාගත් බව පස්සර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. 27 October 2021
මගමරුවා 13ක් ඩැහැගනී දිවයින පුරා සිදු වු මාරක රියඅනතුරු වලින් ඊයේ (26) දිනය තුළ පමණක් පුද්ගලයන් 13 දෙනෙකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. 27 October 2021
පූජිත් ජයසුන්දර-හේමසිරි ප්‍රනාන්දු නඩුවක් අවසන් පාස්කු ඉරිදා ප්‍රහාරය වලක්වා ගැනීමට කටයුතු නොකිරීමෙන් සහ වගකීමෙන් බැහැරවීමෙන් සාපරාධී මනුෂ්‍ය ඝාතන සිදුකර ඊට අනුබල දී වරදක් සිදුකළැයි කියන සිද්ධියට අදාළ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් සම්බන්ධව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුව අවසන් කිරීමට කොළඹ වැඩබලන මහේස්ත්‍රාත් සංජය ගමගේ මහතා අද නියම කළේය. 27 October 2021
ඇමැති වැලි මාෆියාවට තිත තබයි දිවයින පුරා වැලි බෙදාහැරීම් කටයුතු ලබන වසරේ සිට ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව යටතේ සිදු කිරීමට අවධානය යොමු වී ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 27 October 2021
රස්සා නැති උපාධිධරයෝ පළාත් සභාවට එති උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් පළාත් ගුරු පුරප්පාඩුව සඳහා බඳවා ගැනීමට කැඳවා තිබු ගැසට් පත්‍රය අත්හිටුවීම වහා හකුළා ගන්නා ලෙස රජයට බලකරමින් රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද බස්නාහිර පලාත් සභා සංකීර්ණය ඉදිරිපිට පැවැත්විය 27 October 2021
අනුරාධපුරයේ කොරෝනා යළි හිස ඔසවයි අනුරාධපුර නගරයේ ඉකුත් දින තුන තුළ සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයෙන් කොරෝනා වැළඳුණු දරුවන් 20 දෙනකු හඳුනා ගත් බව අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ආර්.එම්.එස්.බී. රත්නායක මහතා පවසයි. 27 October 2021
පුත්තලමේ අනතුරින් පුතා මරුට තාත්තා රෝහලට පුත්තලම වනාතවිල්ළුව මාර්ගයේ 02 කණුව පුදේශයේ අද උදැසන සිදුවු රිය අනතුරකින් පුතා මියගොස් තාත්තා බරපතල ලෙස තුවාල ලබා ඇතැයි පුත්තලම පොලිසියේ රථ වාහන අංශය කියයි. 27 October 2021
සත්වෝද්‍යාන නව අධ්යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ වෘත්තීය ගණකාධිකාරිවරියක වන ශර්මිලා රාජපක්ෂ මහත්මිය ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල්වරිය ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරනු ලැබ සිටින්නීය. 27 October 2021
රිජ්වේ රෝහලේ කොවිඩ් දරුවන් 10ට අඩුවෙයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොවිඩ් ආසාදිත දරුවන් සංඛ්‍යාව 10ක් දක්වා අඩුවී ඇතැයි එහි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය. 27 October 2021
මැතිවරණ ආචාර ධර්ම නීතිගත කෙරේ මැතිවරණ ආචාරධර්ම නීතිගත කිරිමට පියවර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 27 October 2021
බඹරු ඇන 18 ක් රෝහලේ මුන්දලම දේවාලහංදිය ප්‍රදේශයේ බඹරු ඇනීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් 18 දෙනෙකු ප්‍රතිකාර සඳහා මුන්දලම රෝහලට ඇතුළත්කර ඇතිබව මුන්දලම රෝහල් අධ්යක්ෂ එම් මාලිංගම් බාස්කරන් මහතා පවසයි. 27 October 2021
පහළ වායුගෝලයේ කැළඹිලි තත්වයක් දිවයින ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි තත්වයක් හේතුවෙන් ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 27 October 2021
එක් රටක්-එක නීතියක් ගේන්න ඥානසාර හිමි ප්රමුඛ බළකායක් එක් රටක් සහ එක නීතියක් සඳහා වූ සාමාජිකයින් 13 දෙනකුගෙන් යුතු ජනාධිපති කාර්යය සාධක බළකායක් ස්ථාපිත කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබ ඇත. 27 October 2021
බදුල්ල රෝහලට ආ 282 කින් 19කට කොරෝනා බදුල්ල මහ රෝහලේ සිදු කළ පී.සී.ආර් සහ රැපීඩ් ඇන්ටජින් පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් 19 දෙනකු හදුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 27 October 2021
පූජිතට - හේමසිරිට එරෙහිව සාක්කි ගන්න බුද්ධි හිටපු අධ්යක්ෂ අධිකරණයට කතෝලික පල්ලි හා තරුපහේ හෝටල් ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කරන බවට නිශ්චිත තොරතුරු ලැබී තිබියදී එය වැලැක්වීමට කටයුතු නොකළ බවට හිටපු පොලිස්පතිවරයාට සහ හිටපු ආරක්ෂක ලේකම්වරයාට එරෙහි නඩුවේ සාක්කි දීම සඳහා ලබන 22 වනිදා අධිකරණයෙ පෙනී සිටින ලෙස නියම කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂක නිලන්ත ජයවර්ධන මහතාට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල සිතාසි නිකුත් කළේය. 27 October 2021
කොවිඩ් එන්නත නැත්නම් ‘පොදු ස්ථාන’ තහනම් ? ‘කොවිඩ්’ මර්දන එන්නත ස්වෙච්ඡාවෙන් ලබාගත යුතු එන්නතක් වීම නිසා රජයට බලකිරීමක් කළ නොහැකි වුවද ප්රජාතන්ත්රවාදී රජයක් හැටියට බහුතරයේ යපත සඳහා එන්නත ලබානොගත් පුද්ගලයන්ට පොදු ස්ථානවලට ඇතුල්විය නොහැකි තහනමක් පැනවීමේ තීරණයක් ගැනීමේ අවස්ථාව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. 27 October 2021
වස විසෙන් තොර රටකට හමුදා දායකත්වය ශ්‍රී ලංකා යුද හමුදාවේ දායකත්වයෙන් ,නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ රණවිරුවන් නිෂ්පාදනය කරන ලද ප්‍රථම කාබනික පොහොර තොගය ශ්‍රී ලංකා පොහොර සමාගම වෙත නිල වශයෙන් බාරදීම නැගෙනහිර ආරක්ෂක සේනාංකාධිපති මේජර් ජෙනරාල් චන්න වීරසූරිය මහතාගේ සහ සහභාගිත්වයෙන් එම මූලස්ථානයේ දී සිදුවිය. 27 October 2021
මහබැංකු අධිපති තනතුරේ බර වැඩි කරයි මහ බැංකු අධිපතිවරයාට කැබිනට් අමාත්‍යවරයකු හා සමාන තත්වයක් ලබාදීමට රජය තීරණය කර ඇත. 27 October 2021
ගුවන් මගීන් ලියාපදිංචිය මාර්ග ගත ක්‍රමයට ගුවන් මගීනට තත්පර 20 ක් ඇතුළතදී ලියාපදිංචි වීමට හැකි මාර්ග ගත ක්‍රමවේදයක් හදුන්වා දුන් බව ඇතැයි ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක පවසයි. 26 October 2021
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026