අඩු පීඩන කලාපය නැගෙනහිර වෙරළ දෙසට දිවයින ආසන්නයේ පවතින අඩුපීඩන කලාපය බස්නාහිර දෙසට ගමන් කර අනතුරුව නැගෙනහිර වෙරළ දෙසට ගමන් කිරීමට ඉඩ ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 28 October 2021
වැලමිටියාවේ කුසලධම්ම නා හිමියෝ අපවත් වෙති කැලණිය විශ්ව විද්‍යායාලයේ කුලපති, කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක වැලමිටියාවේ කුසලධම්ම හිමියෝ අපවත් වූහ. 28 October 2021
රැඳවියෝ දෙකක් තහනම් භාණ්ඩ සමග මාට්ටු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනකු සන්තකයේ තිබී සිම් කාඩ් පතක් සහ දුම්කොළ සහිත පාසලක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 28 October 2021
රුපියල් ලක්ෂ 10ක් ගත්තැයි පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට වාහනයක් මිලදි ගැනිමට පැමිණි පුද්ගලයකුගේ රුපියල් දස ලක්ෂයක් කොල්ලකෑවයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වඳුරඹ පොලිසියේ අපරාධ විමර්ශණ අංශයෙ ස්ථානාධිපතිවරයා අත් අඩංගුවට ගත් බව නාගොඩ පොලිසිය පවසයි. 28 October 2021
සිමෙන්ති මිල තව ඉහළට? ලෝක වෙළෙඳපොලේ සිමෙන්ති මිල ඉහළ යෑමෙන් ආයයන පිරිවැය ඉහළ ගොස් ඇති බවත් එම මිල ඉහළ යෑමට සාපේක්ෂව දේශීය සිමෙන්ති මිල ද ඉහළ යෑමක් වියහැකි බවත් සිමෙන්ති ආනයනරුවෝ පවසති. 28 October 2021
රේගුවේ තෑගි සෙල්ලම අතේ මාට්ටු ශ්‍රී ලංකා වරාය අධිකාරිය ආනයනය කළ රුපියල් කෝටි 1149ක් වටිනා දොඹකර යන්ත්‍ර තිස් හයකට රේගු සටහන් ඉදිරිපත් නො කිරීමේ චෝදනාව යටතේ රුපියල් කෝටි 158 ක දඩ මුදලක් පනවා ඉන් කෝටි හැත්තෑ නමයකට වැඩි මුදලක් ඇතැම් රේගු නිලධාරීන් ත්‍යාග මුදල් ලෙස ලබා ගැනීමට දැරූ උත්සාහයක් පිළිබඳව තොරතුරු හෙළිවී ඇතැයි රජයේ ගිණුම් පිළිබද පිළිබද පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) පවසයි. 28 October 2021
සිරිල් ගාමිණි පියතුමා අද සී.අයි.ඩී.යට රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්යක්ෂ සුරේෂ් සාලේ මහතා කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට සිරිල් ගාමිණී පියතුමා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද දින පැමිණෙන ලෙස දැනුම් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. 28 October 2021
සුඛෝපභෝගී වාහන 300ක් වරායේ දිරයි රජය වාහන ආනයනය තහනම් කිරීමෙන් පසු පසුගිය වසරේ ආනයනය කළ සුඛෝපභෝගී වාහන 300 කට අධික සංඛ්‍යාවක් වරාය තුළ ඇති බවත් එම වාහන සම්බන්ධයෙන් අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා ‘ලංකාදීප’යට පැවසීය. 28 October 2021
වෙඩි බෙහෙත් සමග හිටපු කොටියා අල්ලයි අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් යතුරුපැදියක අසුන යට සඟවා රැගෙන යමින් සිටි එල්. ටී. ටී. ඊ. සංවිධානයේ හිටපු ප්‍රබල නායකයෙක් පොලීසිය විසින් මුලතිව් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය. 28 October 2021
ඇමතිටත් වලංගු නැති පොහොර සමාගම් වලින් පඩි ගන්න නිලධාරීන් කවුද? කෘෂිකර්ම අමා්‍යංශයේ ගොඩක් නිලධාරීන් රසායනික පොහොර සමාගම්වලට උපදේශන සේවා ලබාදෙන බවත් සමහර නිලධාරීන් අමාත්‍යංශය සමඟ නොමැති බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 27 October 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 134ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 134 දෙනකු අද(27) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 27 October 2021
කෘෂි ආචාර්යවරු-මහාචාර්යවරු ජනපතිගෙන් සාකච්චාවක් ඉල්ලති පොහොර අර්බුදය සම්බන්ධයෙන් නිවැරදි අදහස් හා වැඩපිළිවෙළක් පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීම සඳහා විශ්ව විද්‍යාලවල කෘෂිපීඨවල ආචාර්ය මහාචාර්යවරු 141 දෙනෙක් ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලා සිටිති. 27 October 2021
නව ගුවන් සමාගම් පහක් ලංකාවට සෘජු ගුවන් ගමන් අරඹයි ඉදිරි මාස දෙක ඇතුළත ජාත්‍යන්තර ගුවන් සමාගම් 5ක් ශ්‍රී ලංකාව සමඟ සෘජු ගුවන් ගමන් ඇරඹීමට නියමිත බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (27) පැවසීය. 27 October 2021
“මයිකල් නේස්බි සාමිවරයා හැමවිටම අපිට ලොකු ශක්තියක් වුණා’’ ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ශ්‍රී ලංකාවට චෝදනා එල්ලවූ සෑම අවස්ථාවකදීම මයිකල් නේස්බි සාමිවරයා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ ලංකාව වෙනුවෙන් පෙනී සිටිය බවත් , ඒ පිළිබද තේරුම්ගත් එවැනි දේශපාලනඥයෙක් සිටීමට හැමවිට ශ්‍රී ලංකාවට වාසියක් වූ බව ද විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා බ්‍රිතාන්‍යයේදී කියා සිටියේය. 27 October 2021
කොවිඩ් ආසාදිතයන් තව 425ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 425 දෙනකු අද (27) හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 27 October 2021
‘‘ප්‍රමිතියට නැති පොහොර ගෙන්වන්නේ නෑ‘‘ ශ්‍රී ලංකාවට සියලුම පොහොර ගෙන්වන්නේ පොහොර පනතට අනුව අදාල ප්‍රමිතියට අනුකූල නම් පමණක් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. 27 October 2021
දුම්රිය මගීන්ට ප්‍රවේශපත් නිකුත් කරන්න අවසර ඉල්ලයි දුම්රිය මගීන්ට ප්‍රවේශපත් නිකුත් කිරීමේ අවස්ථාව ලබාගැනීමේ ඉල්ලීම ලබන සිකුරාදා පැවැත්වෙන ‘කොවිඩ්’ මර්දන කමිටුවට යොමු කරන බවත් ඒ සඳහා අනුමැතිය ලැබේ යැයි බලාපොරොත්තු වන බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ‘ලංකාදීප’යට අද (27) පස්වරුවේ පැවසීය. 27 October 2021
කොවිඩ් මරණ 20 ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 20 දෙනකු ඊයේ (26) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (27) තහවුරු කළේය. 27 October 2021
මෙරටදී එකලස් කළ මෝටර් රථයක් වෙළඳපලට මෙරට පළමුවරට සියයට 30ක දේශීය අගය එකතු කිරීමක් සහිතව, එකලස් කරන ලද බොලෙරෝ සිටි පිකප් (Bolero City Pik Up) වර්ගයේ මෝටර් රථය වෙළඳපොළට හඳුන්වාදීම කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) සිදුකෙරිණි. 27 October 2021
අංගොඩ වෙඩි තැබීමේ හෝඩුවාවට පොලිසියෙන් ලක්ෂ 25ක් මුල්ලේරියාවන පොලිස් වසමේ මීගහවත්ත ප්‍රදේශයේ දී ඉකුත් (26) දින වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කර තවත් පුද්ගලයකුට තුවාල සිදු කිරිමේ සිද්ධියට සැකකරුව වශයෙන් හදුනාගෙන සිටින පොන්නම්පෙරුම ආරච්චිගේ දොන් දනුශ් බුද්ධික (30) නොහොත් “ජිලේ ” නැමැත්තා සැකකරු හදුනා ගැනීමට පොලිසිය මහජන සහය පතයි. 27 October 2021
ඉතාලියේදී දරු දෙදෙනා ඝාතනය කළ ලාංකික කත පැන යයි ඉතාලියේ වෙරෝනා නගරයේ නවාතැන්පොළක සිටි අවුරුදු 11 සහ අවුරුදු 3 දියණියන් දෙදෙනකු ඝාතන කළ බව කියන මව සොයා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත. 27 October 2021
මිනුවන්ගොඩ මළගෙදරකින් කොරෝනා පුංචි පොකුරක් මිනුවන්ගොඩ හොරම්පැල්ල නවලෝක ප්‍රදේශයේ රෝහල් සේවකයකුගේ අවසන් කටයුතුවලට සහභාගී වූ පිරිසෙන් 35 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 27 October 2021
වගා හානියට කෝටි 37 ක් වන්දි වගා හානිවීමෙන් පසුගිය වසරේ (2020) යල කන්නයේ ආපදාවට පත්වූ ගෙවීන්ට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණඩලය පසුගියදා රුපියල් කෝටි 37 කට (රුපියල් 371,463,986) අධික වන්දි මුදලක් ප්රදානය කළේය. 27 October 2021
ලංවීම සමිති වැඩවර්ජනයකට සැරසෙයි කොරවලපිටිය යුගදනව් බලාගාරයේ කොටස් ඇමෙරිකා සමාගමකට විකිණීමට විරෝධය දැක්වීම සඳහා වෘත්තීය සමිති රැසක් ඒකාබද්ධව එක්දින වැඩවර්ජනයකට යන බව ලංවීම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි. 27 October 2021
අල්ලස් දෙන්න ගිය කසිප්පු ජාවරම්කරුට වැඩ වරදී සිය කසිප්පු ජාවාරම බාධාවකින් තොරව කරගෙන යාම සඳහා ඉත්තෑපාන පොලීසියේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට රුපියල් 50,000 ක අල්ලස් මුදලක් ලබාදීමට පැමිණී කසිප්පු ඡාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවේ (විමර්ශන) අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක විතානගේ මහතා පැවසීය. 27 October 2021
දන්ත රෝහලට එනවනම් එන්නත් කාඩ්පත රැගෙන එන්න ශ්‍රී ලංකා ජාතික දන්ත වෛද්‍ය ශික්ෂණ රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනිමට පැමිණෙන සියලු දෙනා කොවිඩ් මර්දන එන්නත ලබාගත් බවට තහවුරු කෙරෙන එන්නත් කාඩ්පත රැගෙන එන ලෙස එහි අධ්යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා දැනුම් දෙයි. 27 October 2021
‘‘පොහොර බලෙන්දීම ඉන්දියාව පරිප්පු දැම්මා වගේ වැඩක්‘‘ රටේ නිරෝධායන නීති අනුව ප්‍රතික්ෂේප වූ පොහොර තොගය බලහත්කාරයෙන් ලබාදීමට උත්සාහ කිරීමේ අයිතියක් චීන සමාගමට නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය. 27 October 2021
කළුතර පැත්තකට හෙට වතුර කපයි අලුත්ගම,මතුගම ,අගලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට හෙට (28) දින පෙරවරු 9.00 රාත්‍රි 7.00 දක්වා පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව කලුතර ජාතික ජලසම්පාදන මණ්ඩලයේ ප්‍රාදේශීය ඉංජිනේරු පි.එච්. අජිත් මහතා පවසයි. 27 October 2021
ජාත්‍යාන්තර ක්‍රිකට් පිටියට යන රත්නාවලී දියණිය සිම්බාබ්වේහිදී ලබන මස 21 වැනිදා ආරම්භ වන කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ගම්පහ රත්නාවලි බාලිකා විදුහලේ 16 හැවිරිදි විශ්මි ගුණරත්න ඇතුළත්ව සිටින්නීය. 27 October 2021
ගෙවතු වගාට සතියක් වස විසෙන් තොර ආහාර සුරක්ෂිතතාව අරමුණු කර ගෙන දීප ව්‍යාප්ත ගෙවතු වගා සතියක් ප්‍රකාශයට පත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. 27 October 2021
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026