
(ඩයනා උදයංගනී)
මෙරට දේශපාලනය කරන අය අතර සිටින අවංක, දූෂණයෙන් තොර, වංචා නොකරන සහ රටට ආදරය කරන පිරිස් ඒකරාශී කරගනිමින් පුළුල් ශක්තිමත් බලවේගයක් ගොඩනැගිය යුතු යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
එම බලවේගය තුළින් රටේ අනාගතය අභිවෘද්ධිය සඳහා කටයුතු කළ යුතු බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
වර්තමානයේ රටේ පවතින ආර්ථික අර්බුදය, පොහොර, ගෑස්, බඩුමිල ආදී සියලු ගැටලු සම්බන්ධයෙන් කිසිවකුත් ඇඟ බේරා නොගෙන එකිනෙකාට ඇඟිල්ල දිගු නොකරමින් රජය සිය වගකීම ඉටු කළ යුතු බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේය.
හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී අද (8) පැවති රණවිරු ප්‍රතිභා ප්රණාම සම්මාන උළෙලට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
සියලු ජාතීන්ගේ සමඟි සන්ධානය මගින් 28 වැනි වරටත් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.
රටේ ගොවි ජනතාව තවමත් පොහොර නොමැතිව දුක්ඛිත තත්වයක පසුවන බව කී හිටපු ජනාධිපතිවරයා සෑම තැනකම ගෑස් සිලින්ඩර් පුපුරායාමෙන් ද ජනතාව පීඩාවට පත්ව සිටින බව ප්‍රකාශ කළේය.
දැනට තිබෙන ප්‍රධාන ප්‍රශ්න විසඳා රටේ දුක් විඳින මිනිස්සු වෙනුවෙන් රජය සිය වගකීම ඉටු කළ යුතු බව කී මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ සඳහා රජයට අවශ්‍ය සහයෝගය ලබාදීමට තම පක්ෂය කටයුතු කරන බව ද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දූෂණයෙන් තොර දේශප්‍රේමීන් කියලා හඳුන්වන්නේ ඔබ වැනි පුද්ගලයින්ද?
මේ හොර රැළ සමග සිටිමින් එසේ කරන්නේ කෙසේදැයි පහදා දෙන්න මැතිඳුනි...
යහපාලනේ වගේ තවත් එකක්ද? වඳින්නම් ආයෙත් නම් එපාමයි...
අර ඉස්සෙල්ලා ගොඩ නැගුවා වගේ...
ආයි අලුත් කතාවක් ගොතන් එන්න හදන්නේ..ජෙප්පන්ට එක්කහු වෙන්නද දන්නැ මේපාර ට්‍රයි එක..
දැන් කවුද දුෂණයෙන් තොර දේශප්‍රේමීන් ?
මහ පුටුවේ ඉන්නකොට හිතුනේ නැද්ද?
ආයෙත් අළුත් පදයක් ගහනවැයි. අපි නටයි කියලද හිතන්නේ.........
ඇයි ආයෙත් පාස්කුවක් ලඟද ?
එක පාරක් උස්සන් ගිහින් ලොකුම තැනින් තිබ්බා .නටපු තොවිලෙකුත් නෑ බෙරේ පලුවකුත් නෑ. දැන් මේ රට ගොඩ ගන්නවා බොරු .ලැබුන අවස්ථා දෙකම මග හැරියා.
යහපාලනයක් හදන්ඩ ඇවිත් කරපු හරිය අපි දැක්කා. දින 52 ආන්ඩුවක් හැදුවෙත් දේසප්රේමියෝ එක්ක එකතුවෙලා වෙන්ඩැ.
දේශප්‍රේමින් අඟහරු ලෝකෙන් තමයි ගෙනෙන්න වෙන්නේ. විකාර නැතුව යන ලෝකෙට වැඩක් කරගන්න සිරිසේන අපිට පව් නොදී.
රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙ නායකත්වය සමග එකතුවී මැතිවරණ වලට ඉදිරිපත්වෙමු .රජයෙ දේපල හොරකම් නොකරපු දේශපාලන නායකයෙක් ඇත්නම් ඒ රනිල් වික්‍රමසිංහ පමණයි
ඔබතුමා කියන විදියට දූෂණ වංචා වලින් තොර කව්රු හෝ ඉන්නවා නම් ඒ ඉන්නේ දඹානේ විතරයි.නමුත් වැඩි ජනතාව දේශපාලනය නොකරන හින්දා ඔබ තුමාට ඔය විදියේ කට්ටියක් හොයාගන්න අඟහරු ලෝකෙට තමයි යන්න වෙන්නේ
රටේ සංචිතේ තියෙන්නේ මාසෙකට කන්න දෙන්න විතරයිලු. මෙයා හදන්නේ ඒ්ක මාසයකට බස්සන්නද?
මෙයා ආයෙමත් කෙලින්න වගේ හදන්නේ.බලය තියනකොට පඹයා ,දැන් සුපර් මෑන්
මට තේරුනා, අර නිතරම රට යන වගේ එකකින් නේද?
අම්බලන්ගොඩ තානායම මෙන්ම අම්බලන්ගොඩ ධම්මකුසල විදුහල ඇතුලු තවත් පාසල් 38 ක් විනාශ කරමින් මුලු දකුණු පළාතම විනාශ කරපු දේශපේමියෙකුත් ලංවෙලා නොවැ ඉන්නෙ.
එහෙනං ඔබතුමා ඔය හදන සංධානයෙන් ඉස්සෙල්ලම අයින් විය යුතුයි.
නරකද ඔබතුමාගෙ වචනවලින්ම දේශප්‍රේමියා ගැන විග්‍රහයක් කලොත්.........
එහෙනම් වහාම විශ්‍රාම යන්න. ඒ වැඩ ෆොන්සේකලා අනුර කුමාරලා බලාගනියි.
මේ අර කෙහෙල් කොලේ බත් එක ඔතාගෙන ඇවිත් මහ මන්දිරයේ එළියේ බංකුවෙ වාඩිවෙලා කෑම කෑවයි කිව්ව ඉලන්දාරියාද