
(නිමල කොඩිතුවක්කු)
ගෑස් ටැංකි පුපුරායාම, ගෑස් සංයුතිය වෙනස් කිරීම ඇතුළු ගෑස් මගඩිය රජයේ නොහැකියාවේ ප්‍රතිඵලයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
පාරිභෝගිකයා රැක ගන්නට ඇති පාරිභෝගික සේවා අධිකාරිය වත්මන් රජය යටතේ සමාගම් රැකගැනීමේ තැනට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා සදහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක සසුනට අරුණ වැඩසටහන මගින් අම්බලන්තොට උඩබැරගම පුණ්‍යවර්ධනාරාමස්ථ ශ්‍රී ඛේමානන්ද දහම් පාසලේ ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
පසුගිය දිනවල ගෑස් ආශ්‍රිත පිපිරීම් 458 කට වැඩි ප්‍රමාණයක් සිදු වී ඇති බවත් ඒවා සාමාන්‍ය පිපිරීම බවට විෂය භාර අමාත්‍යවරයා පැවසීම හාස්‍යයක් බවත් විපක්ෂ නායකවරයා සදහන් කළේය.
පාරිභෝගික සේවා කටයුතු අමාත්‍යවරයා සමාගම් සේවා කටයුතු අමාත්‍යවරයා බවට පත්ව ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා මුළු ආණ්ඩුවම එකතුවී රටේ ජනතාව අන්දවමින් සිටින බවද වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාම කිව්වේ නැත්තේ පාකිස්තාන සිද්ධියට ආණ්ඩුව වගකිව යුතුයි කියලා විතරයි. ඒකත් කියන්න මහත්තයා... එතකොට තමන්ගේ නොහැකියාවත් සම්පූර්ණයි.
සජිත් අගමැති කරමු.. සියලු ප්‍රශ්න සඳහා ඔහු විසඳුම් ලබාදෙනු ඇත.
අද මුළු රටේම ගෘහණියන් ගෑස් ලිප පත්තු කරන්නෙ මරන බියෙන්.විපක්ෂය නායකතුමා කියන්නෙ සහතික ඇත්ත.
කවුරු බලයට ආවත් දැන් රට ගොඩදාන එක ලෙහෙසි නැහැ.ඒ තරමටම අපේ රට මහා ණය උගුලකට හිරකරලා හමාරයි .
නැතුව පුතේ නැතුව. මේ මොනවා කියනවද.