
(සුජිත් හේවාජුලිගේ )
බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ප්‍රවේශය (බිම්ස්ටෙක්) සංවිධානයේ මහ ලේකම් ටෙන්සින් ලෙක්ප්හෙල් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේදී අද (8) පෙරවරුවේ හමුවිය.
මෙය ලෙක්ප්හෙල් මහතාගේ පළමු ශ්‍රී ලංකා සංචාරයයි
බිම්ස්ටෙක්හි සභාපතිත්වය ශ්‍රී ලංකාවට (2018 – 2020 කාලසීමාව සඳහා) හිමි විය. බිමිස්ටෙක් සංවිධානය සඳහා ශ්‍රී ලංකාව එම කාල සීමාවේදී දැක්වූ දායකත්වය මහ ලේකම් ටෙන්සින් ලෙක්ප්හෙල් මහතාගේ ඇගයීමට ලක්වූ බව ජනාධිපති කාර්යාලය පවසයි
බිම්ස්ටෙක් සංවිධානය හරහා ගොඩනගන කලාපීය සහයෝගීතාව වඩා ඵලදායී විය යුතු හෙයින් කලාපයේ ජනතාවට එහි ප්‍රතිලාභ සෘජුවම ලබාදිය හැකි අයුරින් සාමාජික රටවල් සහ මහ ලේකම් කාර්යාලය සමග කැපවීමෙන් ක්‍රියා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී මහ ලේකම්වරයා සමග පැවැසීය .
බිම්ස්ටෙක් ප්‍රඥප්තිය සම්පූර්ණ කිරීම මගින් ආයතනික ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව කෙරෙහි ශ්‍රී ලංකාව අවධානය යොමු කර ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
බිම්ස්ටෙක් හි අනාගත ක්‍රියාකාරකම් වෙනුවෙන් සාමාජික රටවල් අතර විශේෂිත වූ ක්ෂේත්‍ර බෙදාගැනීම සිදු විය යුතු බවත් ඒ වෙනුවෙන් ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරි මාස කිහිපයේ දී ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
කොවිඩ් වසංගතය හේතුවෙන් නියමිත කාලපරිච්ඡේදයේදී පැවැත්වීමට නොහැකිවූ පස්වන බිම්ස්ටෙක් සමුළුව ලබන වසරේ මුල් කාර්තුවේදී පැවැත්වීමට හැකි වෙනු ඇතැයිද ගෝඨාභය රාජපක්ෂ මහතා විශ්වාය පළ කළේය.
මේ අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, බිම්ස්ටෙක් ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරුන් වන හොසෙයින් මොෂාරෆ් , මහිශිනී කොලොන්නේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd