(ඩයනා උදයංගනී)

කොවිඩ් වසංගතයෙන් මව්පියන් අහිමි වූ වයස අවුරුදු 20ට අඩු දරුවන් වෙනුවෙන් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහනක් ‍ඉටුකම කොඩිව් -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල මගින් ආරම්භ කර ඇත.

ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව මෙම වැඩසටහන ආරම්භ කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ සඳහා අයදුම් කරන්නන් මව/පියාගේ මරණ සහතිකයේ සහතික කළ පිටපතක්, දරුවන්ගේ උප්පැන්න සහතිකයේ සහතික කළ පිටපතක්, ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරීවරයාගේ තහවුරු කිරීමේ ලිපියක් සහ දරුවන් පාසල් යන බවට පාසලේ විදුහල්පතිවරයාගේ තහවුරු කිරීමේ ලිපියක් සමඟ අයදුම්පතක් යොමු කළ යුතුය.

ලියුම් කවරයේ වම්පස ඉහළ කෙළවර "කොවිඩ් -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලින් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීම" ලෙස සටහන් කර 'ලේකම්, කොවිඩ්-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල, ජනාධිපති කාර්යාලය, කොළඹ 01' ලිපිනයට අදාළ අයදුම්පත යොමුකරන ලෙස ද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.