(ඩයනා උදයංගනී)
කොළඹ මහ නගර සභා සීමාවේ වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයන් සඳහා කොවිඩ් මර්දන එන්නත් බූස්ටර් මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත් මාත්‍රාව ලබාදීම හෙට (10) සිට ආරම්භ කිරීමට නියමිතය.
මේ සඳහා අදාල පුද්ගලයිනට කෙටි පණිවුඩයක් යොමුකරන බවත්, ඒ අනුව අදාළ මධ්‍යස්ථානයක් වෙත පැමිණ බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගත හැකි බවත් කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය දිනූකා ගුරුගේ මහත්මිය පැවසුවාය.
කොවිඩ් මර්දන එන්නත් දෙවැනි මාත්‍රාව ලබාගෙන මාස තුනක් සම්පූර්ණ වූවන්ට බූස්ටර් මාත්‍රාව ලබාදෙන බවත් ඇය සඳහන් කළාය.
කොළඹ මහ නගර සභා බලප්‍රදේශයේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ඔස්සේ ද මෙම එන්නත් මාත්‍රාව ලබාදීමට කටයුතු කරන බව වෛද්‍යවරිය කීවාය.
බූස්ටර් එන්නත ලබාගැනීම සඳහා සුදුසුකම් ලැබූ වයස අවුරුදු 30ට වැඩි පිරිස 3,25,000ක් පමණ වන බව කී දිනූකා ගුරුගේ මහත්මිය තමන්ට ලැබෙන දිනයට පැමිණ එන්නත ලබාගන්නා ලෙසත් අනවශ්‍ය ලෙස එන්නත්කරණ මධ්‍යස්ථාන අවට එක්රැස්වෙමින් එන්නත් ලබාගැනීමට උත්සාහ නොකරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද පැවසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆයිසර් එන්නත බූස්ටර් ලෙස ගත් අයට සංකුලතාවයන් වැඩි බව පේනවා . බොහෝ සෞඛ්‍ය සේවකයන් පවා බූස්ටර් ලෙස එය ලබා ගෙන නැහැ . ජනතාවගෙ වැඩි උනන්දුවක් නැහැ . බූස්ටර් ලෙස ෆයිසර් වෙනුවට කලින් දුන් එකම දෙන්න බැරිද .