(පැතුම් දර්ශන) 

හොරොව්පොතාන මරදන්කඩවල මැදවච්චිය නව ගොවි සංවිධානය සඳහා රජය මගින් ලබා දුන් ඝන කාබනික පොහොරවල තිබී ගල් සහ කිරල මැටි හමුවීම නිසා පොහොර මිටි 1175 ක් නැවත සමාගමට භාරදීමට කටයුතු කළ බව නව ගොවි සංවිධානයේ සභාපති එම්.කුමාරවංශ මහතා පවසයි. 

මරදන්කඩවල නව ගොවි සංවිධානයට ලැබුණු කාබනික පොහොර මිටි අදාළ ගොවියන් සඳහා බෙදා දීමට කටයුතු කළ බවත් පසුව එම බෙදන ලද පොහොරවල උර විවෘත කර බැලීමේ දී විශාල ගල් සහ කිරළ මැටි තිබී ගොවීන්ට හමුවී ඇති බවත් සභාපතිවරයා පපවසයි. 

හොරොව්පොතාන ගොවිජන බල ප්‍රදේශයේ අක්කර දාහත්දහසක් වෙනුවෙන් මෙම ඝන කාබනික පොහොර මිටි අනූ දහසක් බෙදා දීමට නියමිත අතර එහි වගකීම භාරගෙන ඇත්තේද මෙම සමාගම බව ගොවි සංවිධානය පවසයි. 

මේ සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත්‍රික් පොහොර ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ බන්දුල කුමාර මහතා ද මෙසේ කීය" " බල ප්‍රදේශයටම පොහොර දෙන්නේ මේ සමාගම . අපිත් එතැනට ගියා. දන්නවනේ අපේ අය වැඩ කරනකොට. වගකීමක් නැතිව වැඩ කරන්නේ. එහෙම කරපු මිටියක තිබිලා තමයි ඒ ටික හම්බ උනේ. අපේ ප්‍රධාන කාර්‍යාලයට අපි යවලා තියෙනවා. ඊට අමතරව සියලුම තොග අයින් කරනවා.