පස් කන්ද එක්දරු මව බිලි ගනී මධ්‍යම කඳුකරයට ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් මහනුවර අංකුඹුර පොලිස් බල ප්‍රදේශයට අයත් රඹුකේවෙල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටී නිවසේ කාමරයක නිදා සිටි 56 හැවිරිදි එක් දරු මවක ජීවිතක්ෂයට පත්ව ඇති අතර , ඇයගේ නව හැවිරිදි දියණිය තුවාල ලබා මහනුවර මහ රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය කියයි. 27 November 2021
‘‘පොහොට්ටුවට විපක්ෂයට ඕන ඕන විදියට නටන්න අපි සූදානම් නෑ‘‘ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හෝ විපක්ෂයට අවශ්‍ය පරිදි ක්‍රියා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුදානම් නැතැයි සමූපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවැසීය. 27 November 2021
පරීක්ෂණ කටයුතු සඳහා ගෑස් සාම්පල ඛනිජ තෙල් සංස්ථාවට ගෑස් සිලින්ඩර පුපුරා යෑමේ සිද්ධීන් කිහිපයක් පිළිබඳව තොරතුරු වාර්තා වීමෙන් පසු ගෑස් සමාගම් දෙකේ ගෑස් සාම්පල පරීක්ෂණ කටයුතු සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට යවා ඇතැයි පාරිභෝගික සේවා කටයුතු රාජ්‍ය අමාත්‍යංශය පවසයි. 27 November 2021
විශේෂඥ වෛද්‍යවරුන් 16කට “සායනික මහාචාර්ය” පදවි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් 16 දෙනකුට “සායනික මහාචාර්ය” පදවි පිරිනැමීය. 27 November 2021
මහපොළ අරමුදල් පනත ළඟදීම මැතිසබයට මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව බාර අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහාවූ පනත් කෙටුම්පතට වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරකසභාවේ අනුමැතිය ලැබිණ. 27 November 2021
නුවරඑළියේ මන්ත්‍රී බංගලාව හිතවතුන්ට සැප ගන්න දීලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විවේක සුව ගැනීම සඳහා පිහිටුවනු ලැබ ඇති නුවරඑළියේ සෙන්පති නිවෙසේ (general’s house) ලැගුම් ගැනීම සඳහා ඇතැම් මන්ත්‍රීවරුන් සිය හිතවතුන් සහ ඥාතීන්ට ලබාදීම නිසා එහි විවේක ගැනීමට යන තමන්ගේ සහ තම පවුල්වල සාමාජිකයන්ගේ නිදහසට බාධා මතුව ඇතැයි මන්ත්‍රීවරුන් පිරිසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පැමිණිලි කර ඇත. 27 November 2021
අප්‍රිකානු රටවල් 06 ක සිට ශ්‍රී ලංකාවට පැමිණීම අත්හිටුවීම දකුණු අප්‍රිකාවේ මේ දින වල පැතිරෙමින් යන කොරෝනා නව විකෘති ප්‍රභේදය ශ්‍රී ලංකාව තුළට ඇතුළු වීම වැලැක්වීම සදහා , එම කළාපයේ රටවල් 06 ක සිට පසුගිය දින 14 ක කාළයක් රැදී සිට පැමිණෙන ගුවන් මගීන්ට ශ්‍රී ලංකාවට පැමිණීම තහනම් කරමින් , එම කළාපයේ සිට පැමිණෙන ගුවන් සේවා සමාගම් වෙත ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා නිවේදනය නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේය . 27 November 2021
ගෑස් සිලින්ඩර පුපුරා යෑම ගැන රජයේ විශේෂ අවධානය ගෑස් සිලින්ඩර පුපුරා යාමේ සිද්ධීන් සම්බන්ධයෙන් රජයේ විශේෂ අවධානය යොමු වී ඇතැයි සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය. 27 November 2021
ගෆුර් ගොඩනැගිල්ලෙන් වැටි නාවිකයා මරුට කොළඹ කොටුව ගෆුර් ගොඩනැගිල්ලේ අලුත්වැඩියා කටයුතු කරමින් සිටී නාවික හමුදා භටයකු එම ගොඩනැගිල්ලෙන් වැටී මියගොස් ඇතැයි කොටුව පොලීසිය කියයි. 27 November 2021
රජය සුදු අලි 32ක් පෝෂණය කරයි මෙරට බරපතළ පාඩු ලබන රාජ්‍ය ආයතන සංඛ්‍යාව 32ක් දක්වා ඉහළ නැග ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) පවසයි. 27 November 2021
ඉදිරිකාලයේ ගිගුරුම් සහිත වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉදිරි දිනවල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 27 November 2021
කොළඹට ලැබුණු ගිනි නිවන රථ ගමට ගෙන යෑමට සූදානමක් කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවට ලැබුණු උස ගොඩනැගිලිවල ගිනි නිවීම සඳහා භාවිතා කෙරෙන ගිනි නිවීමේ රථ 15කින් කොටසක් ඇතැම් ඇමැතිවරුන් තමන්ගේ පළාත්වලට රැගෙන යෑමට උත්සාහ දරමින් සිටින බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි. 27 November 2021
වාහන බලපත්‍රය ගැන මන්ත්‍රීවරු පිරිසක් කතානායකට යළි දුක කියති වාහනයක් මිලදී ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කෙරෙන තීරු බදු රහිත බලපත්‍රය (පර්මිට්) ලබාදීමට කටයුතු කරන්නැයි පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් යළිත් වතාවක් ඉල්ලීමක් කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි. 27 November 2021
‘‘අය වැය ඡන්දයට නොආ විදුර - විජයදාස ගැන පියවරක් ගන්න‘‘ අය වැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීමට සහභාගී නොවු විදුර වික්‍රමනායක රජ්‍ය අමාත්‍යවරයා හා විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් පියවරක් ගන්නැයි පොදු ජන එක්සත් පෙරමුණ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇත. 27 November 2021
ලිට්රෝ සමාගම ප්‍රථම වරට විගණනයට ලිට්රෝ ගෑස් සමාගම විගණනය කිරීමට එරෙහිව අධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සම ඉවත් කර ගැනීම නිසා එම සමාගම විගණනය කිරීමට ප්‍රථම වරට ආරම්භ කර ඇත. 27 November 2021
අගමැති රාජ්‍ය ආයතන ප්‍රධානීන් හමුවෙයි පාඩු ලබන ආයතන ලාභ ලබන ආයතන ලෙස පරිවර්ථනය කරමින් රාජ්‍ය ආයතන ලබන වසරේ (2022) විශේෂ ප්‍රගතියක් ලබාගත යුතු යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 27 November 2021
අද ආසාදිතයන් 714 ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 226 දෙනකු අද(26) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 26 November 2021
‘‘ජනප්‍රිය නොවන තීන්දුවල ප්‍රතිලාභය ජනතාවට නුදුරේම ලැබේවි‘‘ ගෝලීය ආර්ථික අභියෝග ජය ගනිමින් රට සමෘද්ධිය කරා ගෙන යාමට ඉදිරියේදී ද ජනප්‍රිය නොවන තීන්දු රැසකට එළඹීමට සිදුවනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (26) පැවසීය. 26 November 2021
විදුලි සැර වද්දා රහසේ වළ දැමූ හස්තියා පුත්තලම කල්අඩිය හයේ කනුව ප්‍රදේශයේ ඉඩමක සවිකර තිබු විදුලි අලි වැටක් හරහා අධිබල විදුලි සැර වද්දවා ඇතේකු ඝාතනය කර රහසේ වල දමා තිබියදි අද (26) සොයා ගත් බව පුත්තලම සහකාර වනජීවි අධ්යක්ෂ එරන්ද ගමගේ මහතා පැවසිය. 26 November 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 488ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 488 දෙනකු අද (26) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 26 November 2021
කොවිඩ් මරණ 26 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 26 දෙනකු ඊයේ (25) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (26) තහවුරු කළේය. 26 November 2021
ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයෙන් පොලිස්පතිට පැමිණිල්ලක් බස්රථ ඇතුලු වාහන සඳහා යොදා ගන්නා ඉන්ධන ජාත්‍යන්තර ප්‍රමිතියට පරිභාහිර බව පවසමින් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. 26 November 2021
පාසල් සිසුන්ට නත්තල සමරන්න දින 4 ක නිවාඩුවක් නත්තල් උත්සවය වෙනුවෙන් ලබන දෙසැම්බර් මස 23, 24, 25 සහ 26 යන දින හතර සියලු පාසල්වලට නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමත්‍යාංශය තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය. 26 November 2021
කෘෂිකර්ම වැය ශීර්ෂයට සජබ විරුද්ධ වෙයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට සමගි ජන බලවේගය විරුද්ධත්වය දක්වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (26) පැවසීය. 26 November 2021
සෞඛ්‍යයෙන් රතු එළියක් උත්සව සමයේදී ‘කොවිඩ්’ රෝග පැතිරීමට තුඩු දෙන ලෙස ජනතාව හැසිරුණොත් සහ පැතිරීමට ඉඩ ඇති යැයි අවධානමක් තිබේ නම් මාර්ගෝපදේශ දැඩි කිරීමට සිදුවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥා වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද (26) පැවසීය. 26 November 2021
භූමි මෙහෙයුම් සේවක හිඟයෙන් ගුවන් ගමන් පමා වෙයි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වැඩිම ආදායම ලබන භූමි මෙහෙයුම් අංශයේ සේවක හිඟය නිසා කටුනායක ගුවන් තොටුපොළ ගුවන් යානා පියසර කිරීම බෙහෙවින් ප්‍රමාදවී ඇති බව සඳහන් වේ. 26 November 2021
අලුත්කඩේ උසාවිය අසළ නිහඩ විරෝධතාවක් ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සංවිධානය කරන ලද නිහඬ විරෝධතාවයක් අලුත් කඩේ උසාවි ඉදිරිපිට අද (26) පැවැත්විණි. 26 November 2021
'මොල්නුපිරවීර්' ගෙන්වන්න ජනපතිගෙන් ඖෂධ ඇමැතිට උපදෙස් කොවිඩ් මර්දනයට ලෝකයේ බොහෝ රටවල් යොදාගන්නා මොල්නුපිරවීර් කැප්සූලය (molnupiravir capsule)රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මඟින් මෙරටට ගෙන්වීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඖෂධ නිෂ්පාදන,සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාට අද (26) උපදෙස් දුන්නේය. 26 November 2021
බූස්ටර් එන්නත ලබාදීමට ජංගම සේවා යොදවන්නැයි ජනපතිගෙන් නියෝග කොරෝනා මර්දන එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා ගෙන මාස තුන ඉක්මවූ වයස 60ට වැඩි සියලු දෙනාට ජංගම රථ සේවා යොදවා තෙවෙනි මාත්‍රාව(බූස්ටර් )ලබාදීමට කටයුතු කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට අද (26) උපදෙස් දුන්නේය. 26 November 2021
ඉදිකිරීම් බලපත්‍ර නිකුත් කිරීමට නව ක්‍රමවේදයක් ඉදිකිරීම් සම්බන්ධ බලපත්‍ර නිකුත් කිරීම එකම ආකෘතියක් යටතේ සිදු කිරීම ගැන නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබද අමාත්යාංශයීිය උපදේශක කාරක සභාවේදී විශේෂ අවධානය යොමුවිය. 26 November 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026