
(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් සමාගම අද (13) දිනයේ ද ගෑස් බෙදානොහැරීම නිසා ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටියහ.
රට තුළ ගෑස් හිඟයක් ඇති වී තව වූ මාස හතරක පමණ කාලය තුළ දිගින් වැඩිම ගෑස් පෝලිම් අද රට පුරා දැකිය හැකි වූ අතර බොහෝ ප්‍රදේශවල ගෑස් සිලින්ඩර පොකුරු ආකාරයට සම්බන්ධ කර කුලියට ආරක්‍ෂා කරන ආකාරයක් දැකිය හැකිය.
මෙහිදී එක සිලින්ඩරයක් රැයක් ආරක්‍ෂා කිරීමට රුපියල් 100 යේ සිට රුපියල් 500 දක්වා මුදලක් අය කරන බව ද වාර්තා වේ.
ලිට්‍රෝ සමාගම අද (13) දිනය වන විට අඛණ්ඩව දින 9 ක් ගෑස් සපයා නොමැති අතර එම කාලය පුරාම පෝලිම්වල රැදී සිටින බෙදානොහැරීම ගෑස් ලබාගැනීමට ජනතා පෝලිම් දිගු වී ඇති අතර ඇතැම් ප්‍රදේශවල පාරිභෝගිකයෝ දින ගණන් පෝලිමේ රැදී සිටින බව ද වාර්තා වේ.
එම දින 9 තුළ එම සමාගම පසුගිය 7 වැනිදා බස්නාහිර පළාතේ ඇතැම් ප්‍රදේශවලට පමණක් සුළු ගෑස් සිලින්ඩර සුළු ප්‍රමාණයක් සැපයීය.
ලිට්‍රෝ සමාගම ආනයනය කළ ගෑස් මෙටි්‍රක්ටොන් 3900 ක් රැගත් නෞකාවකට අද (13) දිනයේ ද මුදල් ගෙවීමට නොහැකි වීමෙන් මේ වන විට දින 6 ක කාලයක් නිදහස් කරගැනීමට නොහැකි වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලකණ්ණි නායකයෝ කීපදෙනෙක් රටම කාලකණ්ණි කළා...!
ඔය තරුණයන්ට මොබයිල් එකකුත් සපයන්න ඩේටා සමඟ... ජීවිත කාලයම ඔතන ඒක බලබල කොට කොටා ඉඳියි...!! ඕක තරුණයෝ කාළකණ්ණි කරන්න තවත් වෑයමක් පමණි...!