(නිමල කොඩිතුවක්කු)
ගෑස් හිඟය මෙන්ම හාල්, පාන්පිටි ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟය හේතුවෙන් රටපුරා හෝටල්, ආපන ශාලා සහ බේකරි දහස් ගණනක් වසා දමා ඇතැයි ඒවායේ හිමිකරුවෝ පවසති.
ප්‍රධාන නගරවල පමණක් නොව ප්‍රදේශීය නගර මෙන්ම ගම්බද ආපන ශාලා බේකරි රැසක් වසා දමා ඇති අතර මේ හේතුවෙන් පාරිභෝගිකයෝ දැඩි පීඩාවට පත්ව සිටිති.
කෑම වේලක් මිලදී ගැනිම සඳහා කිලෝමීටර් ගණන් ඇවිද යාමට සිදුව ඇති බවද ඔව්හු පවසති.
විවෘතව ඇති වෙලදසැල්වල පවා ප්‍රමානවත් පරිදි අහාර නොමැති කමින් තමන් දැඩි දුෂ්කර තත්වයට පත්ව සිටින බවත් ඔව්හු කියති.
මේ හේතුවෙන් ක්ෂණික නූඩ්ල්ස් ආදිය ආහාරයට ගනිමින් දවස ගෙවීමට සිදුව ඇති බවත් පාරිභෝගිකයෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd