‘ඉඳගන්න’ කතාවෙන් නෝන්ඩි වෙච්ච විපක්ෂයේ ප්‍රබලයා කවුද? බස්නාහිර පළාත නියෝජනය කරන, පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රබලයෙක් ගිය සතියේ දවල් කෑමට පාර්ලිමේන්තු භෝජනාගාරයට ගියේය. 29 November 2021
යුගදනවි පෙත්සම් සලකා බැලීම ඇරැඹේ කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ රජයට අයත් සියයට හතලිහක කොටස් නිව් ෆෝට්රස් එනර්ජි නැමැති ඇමෙරිකානු සමාගමකට ලබා දීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ ධර්මායතනාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ,සමගි ජන බලවේගය , වෘත්තීය සමිති ඇතුළු පාර්ශව කිහිපයක් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ අද 29 November 2021
ජනපති අණින් නතර වූ ආර්.එම්.වී කාක්කෝ යළි රජ කරති මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ (ආර්.එම්.වී.) නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලයට සේවා ලබාගැනීමට පැමිණෙන ජනතාව දැඩි පහසුතාවට පත්කරමින් පුද්ගලයන් 20 ක පමණ පිරිසක් එම කාර්යාලය ඉදිරිපිට කිසිඳු බාධාවකින් තොරව හැසිරෙමින් වංචාකාරී ක්‍රියාවල නිරතවන ආකාරය දැකගත හැකිය. 29 November 2021
ඔමික්‍රෝන් වැලැක්වීමට රජය සියලූ ක්‍රියාමාර්ග ගෙන අවසන් ඔමික්‍රෝන් සැර කොරෝනා වයිරස ප්‍රභේදය මෙරටට ඇතුළුවීම වැළැක්වීම සඳහා රජයක් විදිහට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (29) පැවැසීය. 29 November 2021
මහවිරුවන් සැමරූ දෙදෙනකු එස්.ටී.ඒෆ්.දැලේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ මහවිරු සැමරුම් දිනය සැමරීමට ක්‍රියාකල පුද්ගලයින් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකාය මගින් කොක්නිඅඩිචෝලේ කඩුකාමුනෙයි ප්රදෙුශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.. 29 November 2021
'ඔමික්‍රෝන් බරපතළයි: රටට එන සියලු දෙනා කොරෝනා පරීක්ෂණවලට යොමු කරන්න' ඔමික්‍රෝන් සැර කොරෝනා වයිරස ප්‍රභේදය මේ රටටත් ඇතුළුවීමට හැකියාවක් ඇති හෙයින් රටට එන සියලු දෙනා පීසීආර් පරීක්ෂණවලට ලක් කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (29) පැවැසීය. 29 November 2021
පඩිපෙළින් වැටී සූපවේදීයා මරුට මීගමුව කෙලින් වීදිය ප්‍රදේශයේ හෝටලයක පැවති පැති මත්පැන් සාදයකින් අනතුරුව එහි සූපවේදියකු පඩිපෙළකින් වැටී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. 29 November 2021
අගමැති දිවුරුම් දෙයි: ජනපති වීදුරු කුටියේ චෙක් රාජ්‍යයේ අග්‍රාමාත්‍ය ධුරයට තේරීපත්වුණු විපක්ෂ නායක පෙත්‍ර ෆියාලා ජනාධිපති මන්දිරයේ දී චෙක් ජනාධිපති මයිලෝස් සෙමාන් ඉදිරියේ දිවුරුම් දුන්නේය. චෙක් ජනාධිපතිවරයා ’කොවිඩ් 19’ ආසාදිතයකු බව තහවුරු වී ඇති අතර, දිවුරුම් දීම සිදුවූයේ වීදුරු පෙට්ටියකින් වෙන් කළ ජනාධිපතිවරයා ඉදිරියේ වීම විශේෂත්වයකි. 29 November 2021
පස්වෙනි මහලෙන් වැටි හොටෙල් කළමණාකරු මරුට නුවරඑළිය නගරයේ ප්‍රධාන සංචාරක හෝටලයක සේවය කළ කළමණාකරුවෙකු ඔහු නවාතැන්ගෙන සිටි හෝටලයේ පස්වන මහලෙන් අද (29) අලුයම බිමට වැටි එම ස්ථානයේම ජිවිතක්ෂයට පත් වි ඇති බව නුවරඑලිය පොලිසිය පැවසිය. 29 November 2021
දරු ප්‍රසූතියට පා පැදියෙන් ගිය මන්ත්‍රී පාර්ලිමේන්තුවට යද්දීත්, රාජකාරී සඳහා යද්දීත් නිරන්තරයෙන් පා පැදිය භාවිතයට ගන්නා නවසීලන්තයේ හරිත පක්ෂයේ මන්ත්‍රීවරියක වන 41 හැවිරිදි ජුලී ඈන් ජෙන්ටර්, දරු ප්‍රසූතිය සඳහා ද පා පැදියෙන් රෝහල් ගත වුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 29 November 2021
’ඔමික්‍රෝන්’ ගැන බොරු කලබල එපා ’ඔමික්‍රෝන්’ වයිරස විකෘතිය සම්බන්ධයෙන්, මේ මොහොතේ බියවීමට හෝ කලබලවීමට හෝ හේතුවක් නොමැති බවත්, වයිරස විකෘතිය ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට සති දෙක තුනක් යනු ඇති බවත් එම විකෘතිය පළමුවෙන්ම හඳුනාගත් දකුණු අප්‍රිකා වෛද්‍යවරියක වන ඇන්ජෙලික් කෝටේස් ලොවට කියයි. 29 November 2021
ගිලන්රියේ හැපුණු කාන්තාව මරුට හදිසි අනතුකරට ලක්වූ රෝගියෙක් රෝහලට රැගෙන එමින් තිබූ 1990 හදිසි ප්‍රතිකාර සේවා ගිලන් රථයක යතුරුපැදියක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන්ගත් කාන්තාවක් මියගොස් ඇතැයි පනාමුර පොලීසිය පැවසීය. 29 November 2021
උගන්ඩාවේ එන්ටැබේ ගුවන්තොටුපොළ චීනයට අප්‍රිකා රාජ්‍යයක් වන උගන්ඩාවේ කම්පාලා නුවර එන්ටැබේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ චීනයට සින්න වී ඇතැයි අප්‍රිකා මාධ්‍ය වාර්තා උපුටා දක්වමින්, ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 29 November 2021
දවසේ කාලගුණය දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (29) සහ හෙට (30) දිනවලදීත් සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 29 November 2021
පුපුරණ ද්‍රව්‍ය කිලෝ 23 සමඟ අයෙක් දැලේ කටාන කලුවාරිප්පුව නිවෙසක සඟවා තිබූ පොටෑසියම් නයිට්ට්‍රෙට් කිලෝ 23 අධික ප්‍රමාණයක් , ගිනි අවියක් සමග 54 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 29 November 2021
කොත්තුවේ මිලත් ඉහළ යයි කෙටි ආහාර වර්ගවල මිල රුපියල් 5 කින් සහ කොතුරොටියක මිල රුපියල් 10 කින් අද (29) සිට ඉහළ දැමූ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. 29 November 2021
ආණ්ඩුව ගැන කලකිරීමකුත් නැ:දාල යන්නෙත් නෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් ඉවත් කිරීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය 29 November 2021
ගෑස් කාන්දුවක් දැයි සොයන්න උපදෙස් ගෑස් සිලින්ඩරයක් මිලදී ගත් පසු එය නිවස තුළට ගැනීමට පෙර කාන්දුවක් සිදුවන්නේ දැයි පරීක්ෂා කර බැලීම සුදුසු බව ස්වභාවික වායු සහ ඛනිජ තෙල් ගවේෂන ඉංජිනේරු නිමල් ද සිල්වා මහතා පවසයි. 28 November 2021
මොරන්තුඩුවේ නිවසක ගින්නක් මොරොන්තුඩුව , මාවල, මහාරැක්ම සොහොන මැද පාර නිවසක අද රාත්‍රි ගින්නක් හටගෙන ඇතැයි මොරොන්තුඩුව පොලිසිය කියයි . 28 November 2021
මේ දක්වා කොරෝනා නව රෝගීන් 532ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 532 දෙනකු අද (28) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 28 November 2021
ගෝලීය කොරෝනා ව්‍යාප්තිය තරමක අඩුවක් ගෝලීය කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත. 28 November 2021
කොරෝනා මරණ 27ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 27 දෙනකු ඊයේ (27) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (28) තහවුරු කළේය. 28 November 2021
දේශීය වෛද්‍යරු බටහිර වෛද්‍යවරුන්ට නඩු දමන්න යති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආයුර්වේද හා දේශීය ප්‍රතිකාරවලට දිගින් දිගටම අකුල් හෙළමින් සිටින හෙයින් එම සංගමයට එරෙහිව නීතිමය පියවර ගන්නා බව දේශීය හා ආයුර්වේද වෛද්‍යවරුන්ගේ ස්වාධීන එකමුතුව කියයි. 28 November 2021
‘පොඩි මැණිකේ’ බදුලු යන්න සූදානම් අයහපත් කාලගුණයෙන් දුම්රිය මාර්ගවලට හානිසිදුවීම නිසා අත්හිටුවා තිබූ උඩරට සහ පුත්තල මාර්ගවල දුම්රිය ධාවනය හෙට (29) නැවත ආරම්භ කරන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා ‘ලංකාදීප’යට පැවසීය. 28 November 2021
කුරුණෑගල පුර සභාව අමුතු තැනකින් පාසල් බඩු මිලට අරන් කුරුණෑගල මහ නගර සභාව යටතේ පාලනය වන පෙර පාසල් සඳහා රුපියල් ලක්ෂ 50 කට ආසන්න වටිනා පාසල් උපකරණ මිලදී ගෙන ඇති ආයතනය පිළිබඳව සොයා බැලීමේදී එය පාසල් උපකරණ අලෙවි කරන ආයතනයක් නොව වාහන අමතර කොටස් අලෙවි කරන ආයතනයක් බවට තොරතුරු හෙළිවී ඇතැයි විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි. 28 November 2021
පුත්තලමේත් නිවෙස් දෙකක ගෑස් ටැංකිවල ලීක් පුත්තලම දළුව සහ ආරච්චිකට්ටුව වෛරන්කට්ටුවේ නිවෙස් දෙකක ගෑස් ටැංකි දෙකකින් ගෑස් කාන්දුවක් හේතුවෙන් එක් නිවෙසක සිලින්ඩරයක් ගිනිගෙන ඇති අතර අනෙක් නිවසේ ගෑස් ටැංකිය කඩිනමින් නිවසින් ඉවත් කළ බව එහි නිවැසියෝ පැවැසූහ. 28 November 2021
කැලණි ගඟ අපවිත්‍ර කරන තැන් 1700 සොයා ගෙන කැලණි ගඟට ස්ථාන 1700 කින් අපද්‍රව්‍ය එක් කරන බව මධ්‍යම පරිසර අධිකාරිය කළ අධ්‍යයනයක දී හෙලිවී ඇත. 28 November 2021
දේශීය පාවහන් කර්මාන්තයේ ලක්ෂ පහකගේ රැකියා අවදානමේ පාවහන් සහ සම් භාණ්ඩ නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය හිඟවීම නිසා නිෂ්පාදනය ඇනහිටීමෙන් ක්ෂේත්රයේ ලක්ෂ පහක පමණ පිරිසකගේ රැකියා අහිමිවීමේ අවදානමක් මතුව ඇතැයි පාවහන් සහ සම් භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි. 28 November 2021
කාන්තා ක්‍රිකට් පිල සිම්බාබ්වේ හිරවෙයි සිම්බාබ්වේහිදී පැවැත්වෙමින් තිබියදී ඊයේ (27) අත්හිටුවූ කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබී ක්‍රිකට් තරගාවලියට සහභාගි සිටි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකාවන් හත් දෙනෙක් ‘කොවිඩ්’ ආසාදිතයන් වීම නිසා ගුවන් යානයට ප්‍රවේශකරගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේහි සිරවී සිටියි. 28 November 2021
‘ගෙදරට කොටුවූ දරුවන්ට මානසික ගැටළු’ කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල් වසා දැමීම නිසා ගෙදරට කොටුවූ දරුවන් අතුරින් දහස් සංඛ්‍යාත පිරිසක් විවිධ මානසික ගැටළුවලට මුහුණදී සිටින බවට තොරතුරු වාර්තාවී ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ලංකාදීපයට පැවැසීය. 28 November 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026