මරදාන ශාන්ත ජෝසෆ් විදුහලේ ගින්නක් මරදාන ශාන්ත ජෝසෆ් විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ ගින්නක් හටගෙන ඇති බව ගිනි නිවන හමුදාව කියයි. 27 April 2022
කොටස් වෙළෙදපොලට යළි පණ එයි කොළඹ කොටස් වෙළෙදපොල යථා තත්වයට පත්වෙමින් තිබෙන බව විනිමය වෙළෙඳපොල ආරංචි මාර්ග සදහන් කරයි. 27 April 2022
රුපියල තවත් බාල්දුවෙයි ප්‍රධාන පෙළේ වාණිජ බැංකු වල සහ රාජ්‍ය බැංකු කිහිපයක ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 355-360 ලෙස අද (27) සටහන් විය. 27 April 2022
රුධිරය එකතු කරන ‘බෑග්’වල හිගයක් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය රුධිරය එකතු කරන ‘බෑග්’වල හිගයකට මුහණ දී සිටින බවත් එසේ වුවද හදිසි ශල්‍යකර්ම සහ ප්‍රතිකාර සඳහා රුධිර සංචිත පවතින බවත් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා ‘ලංකාදීප’යට පැවසීය. 27 April 2022
ජනපතිගෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවකට ඇරයුම් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එකතුවන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවලට ආරාධනා කර ඇත. 27 April 2022
වරායට ගෙවීම් ඩොලර්වලින් පමණයි වරායට ගෙවන සියලු ගෙවීම් ලබන ජූනි මස 1 වැනිදා සිට ඩොලර්වලින් ලබාගත යුතු යැයි වරාය හා නාවික අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වරාය අධිකාරියට දැනුම්දී තිබේ. 27 April 2022
ජනපති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කැඳවයි ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් සියලු දෙනා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හෙට (28)පස්වරු 4 .00ට ජනාධිපති මන්දිරයට කැඳවනු ලැබ ඇත. 27 April 2022
සූ කී ට තවත් වසර පහක සිරදඬුවමක් හමුදා කුමන්ත්රණයකින් පසු බලයෙන් නෙරපා දමා නිවාස අඩස්සියට පත් කෙරුණු මියන්මාර ප්රජාතන්ත්රවාදී නායිකා අවුන් සාන් සූ කී ට තවත් පස් වසරක සිරදඩුවමක් නියම කිරීමට මියන්මාර අධිකරණයක් තීන්දු කළේය. 27 April 2022
කෝටි දෙකක සුදු හඳුන් සමඟ 2ක් එස් ටී එෆ් දැලේ රුපියල් කෝටි 1 1/2 අධික වටිනා සුදුහදුන් දැව තොගයක් සමග සැකකරුවන් දෙදෙනකු ඇඹිලිපිටිය කොලඹගේ ආර ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 27 April 2022
කමලා හැරිස්ට ‘කොවිඩ්’ ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස්ට ‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී ඇත. 57 හැවිරිදි උප ජනාධිපතිනිය ආසාදිතයකු වීමට පෙර ජනාධිපති ජෝ බයිඩන් අවස්ථා කීපයකදී හමුවුණු බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 27 April 2022
සිඟමන් නොදුන්නැයි වෛද්‍යවරයා මරලා බත්තරමුල්ල පැලවත්ත පාරේ පිහිටි සුපිරි වෙළෙඳක් ඉදිරිපිට සිටින හිඟන්නකු සිඟමන් නොදුන්නැයි උරණ වී තියුණු ආයුධයකින් පහර දී මෙම ආයුර්වේද වෛද්‍යවරයකු ඝාතනය කර ඇතැයි තලංගම පොලිසිය පවසයි. 27 April 2022
නිවෙසට පැන ගෙහිමියා මරා භාණ්ඩ සොරා ගනී කඩු පොලු රැගත් පිරිසක් කැලණිය වරාගොඩ ප්‍රදේශයේ නිවසකට කඩා වැදී ගෙහිමියාට සහ ඔහුගේ පුතාට පහරදී නිවසේ තිබූ ඔප්පු සහ රුපියල් ලක්ෂ ගණන් වටිනා රන්භාණ්ඩ කොල්ලකා පලාගොස් ඇතැයි කැලණිය පොලිසිය කියයි. 27 April 2022
පළාත් කීපයකට වැසි තත්ත්වයක් බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් අද (27) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 27 April 2022
රසායන පොහොර,කෘමිනාශක ගෙන්වීම කඩිනම් කරයි රසායන පොහොර සහ කෘමිනාශක ගෙන්වීමට රජය ඊයේ(26) තීරණයක් ගත් බව කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය. 27 April 2022
විදේස් සංචාරකයෝ අයිතිය ඉල්ලති විදේශික සංචාරකයෝ පිරිසක් සීගිරිය කඳුපාමුල අද සවස විරෝධතාවක නිරත වූහ. 26 April 2022
ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 600 ක් ශ්‍රී ලංකාවට සෞඛ්‍ය, කෘෂිකාර්මික සහ ගෑස් අවශ්‍යතා සපුරාලීම සඳහා ලෝක බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 600 ක් ලබාදීමට එකඟ වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. 26 April 2022
ලයිට් බිල වැඩිකරන්න අවසර දී නෑ විදුලි බිල වැඩකිරිමට මෙතෙක් මහජන උපයෝගිතා කොමිසම කිසිදු අවසරයක් ලබාදි නැති බවද සියයට සියකින් විදුලි බිල වැඩිවන බවට පැතිරෙන කට කතාවල කිසිදු සත්‍යයක් නැති බවද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (26) පැවසීය. 26 April 2022
අලි සබ්රි ආයෙත් අධිකරණ ඇමැති මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා අධිකරණ අමාත්‍ය ධුරයෙහි ද අද (26) පස්වරුවේ දිවුරුම් දුන්නේය. 26 April 2022
රජයේ වියදම් පාලනයට චක්‍රලේඛයක් රජයේ වියදම් තවදුරටත් පාලනය කිරීමට උපදෙස් ලබාදෙමින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ රජයේ ආයතන ප්‍රධානීන්ට විශේෂ චක්‍රලේඛයක් අද (26) යොමු කළේය. 26 April 2022
ලිට්රෝ ගෑස් මිල ආයෙත් නගී ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 4,860 දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබේ. 26 April 2022
ආර්ථික අර්බුදය ජයගන්න මැතිවරණ කොමිසමෙන් යෝජනාවලියක් ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නියෝජිතයන්ගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩලයක් හෝ වෙනත් යම් ව්‍යුහයක් යටතේ අන්තර්කාලීන නිශ්චිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභා පවසයි. 26 April 2022
ලිට්රෝ ගෑස් මිල ඉහළට ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 4,860 දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබේ. 26 April 2022
ජනපතිට එරෙහි දෝෂාභියෝගයකට වසරකට වඩා යාවි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන්නේ නම් ඒ සඳහා වසරකට වැඩි කාලයක් ගතවනු ඇති බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්. ඒ සුමන්තිරන් මහතා පෙන්වා දෙයි. 26 April 2022
අරලියගහ මන්දිරය පොලිස් බස්-ට්‍රක් රථවලින් වසාදමයි දින කිහිපයක් තිස්සේ ජනතාව විසින් විරෝධතා පවත්වමින් සිටින අතර ඒ අසල තාවකාලික කූඩාරම් ඉදි කිරීම ෙහ්තුෙවන් අද 26 සවස පොලිස් ට්‍රක් රථ හා බස් යොදාගෙන අරලියගහ මන්දිරය ඉදිරිපසින් වසා ආරක්ෂාව තර කර අැති අයුරු දක්නට ලැබිණ. 26 April 2022
ප්‍රමිතියක් ඇති පොහොර-වල්නාශක ඉල්ලා ගොවියෝ කොටුවේ උද්ඝෝෂණ ප්‍රමිතියෙන් යුතු පොහොර, වල් නාශක , ලබා දෙන ලෙසත් ,අහෝසි කළ කළ රසායනික පොහොර සහනාධාරය නැවත ලබා දෙන ලෙසත් රජයට බලකරමින් ගොවි ජාතික සමුළුව සංවිධානය කරන ලද අද 26උද්ඝෝෂණයක් කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට පැවැත්විය 26 April 2022
‘‘අපේ තිදෙනාම විශ්වාශභංගයට අත උත්සනවා‘‘ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයට සහය දීමට තම මන්ත්‍රී කණ්ඩායම සුදානම් බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. 26 April 2022
ආණ්ඩුවෙන් යන්නැයි ඇමැති ගම්ලත්ගේ නිවෙස ඉදිරිපිට සත්‍යග්‍රාහයක් ගොවි හඩට සවන් නොදෙන ආණ්ඩුවට සහය නොදී වහා සිය රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉවත්වන්නැයි බලකරමින් 26 වන දින ගොවීහු පිරිසක් සිරිපාල ගම්ලත් අමාත්‍යවරයාගේ ගිරිතලේ නිවස ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළහ. 26 April 2022
එජාපය මැයි දිනේට ගෝල්ෆේස් යයි ජාතික පාක්ෂය මෙවර ගාලු මුවදොර පිටියේ අරගලකරුවන් සමඟ එක්ව ජාත්‍යන්තර කම්කරු දිනය සමරන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. 26 April 2022
ආර්ථික මධ්‍යස්ථානවලට 28 දා එළවලු නෑ දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථානවලට ෙමම 28 දින එළවළු තොග බෙදා හැරිම සිදු නොකරන බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය. 26 April 2022
‘කවුරු කිව්වත් යන්නේ නෑ: පුළුවන් නම් යවන්න‘ එක එක්කෙනා කිව්ව පළියට ඉල්ලා අස්වීමට සූදානම් නැති බවත්, විරුද්ධ පැත්තේ අය බහුතරය පෙන්වුවහොත් පමණක් ඉල්ලා අස්වීමට සූදානම් බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 26 April 2022
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026