වරාය කොමිසමට මුදල් කමිටුවෙන් ’’සැලියුට්’’ එකක් වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවට ලබා දුන් නිර්දේශ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීම පිළිබදව මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එම කොමිසමට සිය ප්‍රශංසාව පළ කළේය. 21 January 2023
රදැල්ල කෙටි මාර්ගය වහයි නුවරඑළිය- තලවකැලේ මාර්ගයේ නානුඔය,රදැල්ල කෙටි මාර්ග කොටස තාවකාලිකව අද (21) සිට වසා දැමීමට පියවර ගෙන ඇති බව නානුඔය පොලීසිය පවසයි. 21 January 2023
’’රෝගී විශ්‍රාමිකයන්ට ප්‍රමුඛත්වය දෙන්න’’ රෝහල්ගතවී සිටින, දරුණු අසනීප තත්ත්වයන්ට ගොදුරු වී සිටින විශ්‍රාමිකයන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ගෙවීමේදී විශේෂ ප්රමුඛත්වයක් දැක්වීමට නිලධාරීන්ට උපදෙස් දුන් බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසිය. 21 January 2023
රට වැඩට යන ගොඩදෙනෙකුට ’’ඕලෙවල්’’ විතරයි විදේශගත වන ශ්‍රමිකයන්ගෙන් 56ක් අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා පමණක් අධ්‍යාපනය ලැබූ අය බව මානව හිමිකම් හා ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථානයේ කුරුණෑගල ශාඛාව අනාවරණය කළේය. 21 January 2023
අලි සබ්රි සෞදි අරාබියේ නිල සංචාරයක සෞදි අරාබියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසල් බින් ෆර්හාන් අල් සවුද් කුමරුගේ ආරාධනයක් මත විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ලබන 23 වැනිදා සිට 27 වැනිදා දක්වා සෞදි අරාබියේ නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යංශය නිල නිවේදනය නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. 21 January 2023
ඡන්දෙ දිනය හෙට ප්‍රකාශයට පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය බොහෝ දුරට හෙට(22) ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි වාර්තා වේ. 21 January 2023
නවසීලන්තයට නව අගමැතිවරයෙක්? නවසීලන්ත කම්කරු පක්ෂයේ මීළඟ නායකයා ලෙස හිටපු අමාත්‍යවරයකු වන ක්‍රිස් හිප්කින්ස් තේරී පත්වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි 21 January 2023
පොහොට්ටුවේ විස්සක් එන මහ ඡන්දයට නෑ අරගලයෙන් පසු කලකිරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20 කට වැඩි පිරිසක් ඉදිරි මහ මැතිවරණයේදී නැවතත් තරඟ නොකිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. 21 January 2023
’’මන්ත්‍රී ගෙවල් වන්දිය’’ කඩිනමින් ඉල්ලයි අරගලකරුවන්ගේ ප්‍රහාර හේතුවෙන් නිවාස අහිමි වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට ඒ වෙනුවෙන් වන්දි ලබා ගැනීම තක්සේරු දෙපාර්තමේන්තුවේ සහ හානිපූර්ණ කාර්යාලයේ ප්‍රමාදය නිසා තවදුරටත් කල් යනු ඇතැයි වාර්තා වේ. 21 January 2023
බෙහෙත් නැතිව ගොඩකවෙල ජනතාව පීඩාවට ගොඩකවෙල දිසා රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිනෙන රෝගීන්ට අවශ්‍ය ඖෂධ වර්ග නොමැති වීමෙන් රෝගීහු දැඩි අසීරුතාවයන්ට පත්වී සිටිති. 21 January 2023
පළාත් රැසකට අද තද වැසි නැගෙනහිර සහ ඌව පළාත්වලත්, හම්බන්තොට සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් අද (21) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 21 January 2023
බරපතළ තුවාල ලැබූ සිසුන් කොළඹ ගේන්න ගුවන් හමුදා සහය නානුඔය අනතුරින් තුවාල ලැබූ සිසුන්ට අවශ්‍ය සියලු සහය ලබාදෙන ලෙසත්, බරපතල තත්ත්වයේ පසුවන සිසුන් ගුවන් මගින් කොළඹට රැගෙන ඒමට ගුවන් හමුදාවට අවශ්‍ය සියලු සහය ලබාදෙන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙි. 20 January 2023
ජයශංකර් සජිත් අතරත් හමුවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයශංකර් මහතා අතර විශේෂ හමුවක් අද (20) සිදුවිය. 20 January 2023
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් නියෝජිතයන් තිදෙනා පත්කරයි අලුතින් පිහිටුවීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවෙි සිවිල් නියෝජිතයන් ලෙස ආචාර්ය ප්‍රතාප් රාමනුජම්, වෛද්‍ය දිල්කුෂි අනුලා විජේසුන්දර සහ වෛද්‍ය වැලිගම විදාන ආරච්චිගේ දිනේෂා සමරරත්න මහත්මීන් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි. 20 January 2023
රදැල්ල අනතුරෙන් හතක් මරුට: 44කට තුවාල නානුඔය රැදැල්ල කෙටි මාර්ගයේදී මීට සුළු වේලාවකට පෙර බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් හය දෙනකු අඩුම තරමේ 40 ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 20 January 2023
වැල්ලම්පිටිය කාන්තාවක් ඝාතනයට 2ක් මාට්ටු වැල්ලම්පිටිය ලන්සිය වත්ත ප්‍රදේශයේ නිවෙස් හිමි කාන්තාවගේ මුහුණ සහ නහය වැසෙන සේ කොට්ටයකින් හුස්ම සිරකර ඝාතනය කර රුපියල් ලක්ෂ 50 කට ආසන්න රන් භාණ්ඩ සහ මුදල් රැගෙන පළාගිය මෙහෙකාරිය සහ ඇයගේ අනියම් සැමියා අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි. 20 January 2023
සති අන්තයේත් සුපුරුදු අඳුරට හුරුවෙමු පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුව හෙට සහ අනිද්දා (21 සහ 22) දින දෙකේ ද ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (20) පැවසීය. 20 January 2023
ප්‍රදේශ රැසකට පැය 9ක් ජලය කපයි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් නිසා හෙට (21) ප්‍රදේශ රැසක පැය නවයක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 20 January 2023
මහජන උපයෝගිතා කොමිසම දෙකඩ වෙයි විදුලි ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය කළ යෝජනාව ක්‍රියාත්මක කළ යුතු යැයි මහජන උපයෝගිතා කොමිසමේ සෙසු සාමාජිකයන් තිදෙනා දැනුම්දී ඇති බවත් එම සාමාජිකයන් තිදෙනාගේ තීරණයට විරුද්ධ මෙන්ම ඊට එරෙහිව පෞද්ගලිකව නීතිමය කටයුතු ක්‍රියාත්මක කරන බවත් එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (20) පැවසීය. 20 January 2023
මහේස්ත්‍රාත් අධිකරණ නිතීඥවරු පිරිසක් ගැන විමර්ශන “නිතිපතිවරයා කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරියට බලපෑම් එල්ලකළැයි” කියමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා මංමාවත් පනත සහ පොලිස් ආඥා පනත උල්ලංඝණය කළැයි කියන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නිතීඥවරුන් පිරිසක් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා කෙසෙල්වත්ත පොලීසියට අද (20) නියෝග කළේය. 20 January 2023
පාරිභෝගික අධිකාරිය වගකීම් පැහැර හැරලා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සිය වගකීම පැහැර හැර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) චෝදනා කළේය. 20 January 2023
ජයිශංකර් මහින්ද අතරත් හමුවක් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා අතර හමුවක් අද(20) පැවැත්වින. 20 January 2023
බිත්තරයට නැවතත් උපරිම සිල්ලර මිලක් බිත්තරවලට උපරිම සිල්ලර මිලක් පනවමින් නැවතත් ගැසට් නිවේදනයක් නිකුත් කළ බවත් ඒ අනුව සුදු බිත්තරයකට රුපියල් 44 ක සහ රතු බිත්තරයකට රුපියල් 46 ක උපරිම මිලක් පනවූ බවත් පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියෙක් අද (20) පැවසීය. 20 January 2023
සංවර්ධනයට තරුණ ’’හයිය’’ ගන්නවා සියවන නිදහස් සැමරුම (2048) වන විට ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රජාව ඇතුළු තරුණ, තරුණියන්ගේ උපරිම දායකත්වය ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 20 January 2023
මැතිවරණ වියදම් පනත, මැතිවරණ කල් දැමීමේ පනතක් කරලා ඉතා ප්රගතිශීලි පනතක් වන මැතිවරණ වියදම් පාලනය කිරීමේ පනත, පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ පනතක් බවට පත්කිරීමට ආණ්ඩුව කටයුතු කරන බව 43 වන සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 20 January 2023
වීරවර්ධන කමිටු වාර්තාව අධ්‍යනය කර ක්‍රීඩා ඇමැතිට දැනුම් දෙනවා 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වී ඇති බලපෑම් ඇතුලු සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ වීරවර්ධන කමිටු වාර්තාව අධ්‍යනය කර ඒ පිළිබඳ තම ස්ථාවරය ක්‍රීඩා අමාත්‍යවරයාට දැනුම් දෙන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට අද (20) දැනුම් දුන්නේය. 20 January 2023
විදුලිය ගාස්තු වැඩි කිරීම ගැන කොමිසමේ තීරණය තවම නැහැ විදුලිය ගාස්තු වැඩි කිරීමේ යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ තීරණය ඉක්මනින්ම දැනුම් දිය යුතු බව විදුලිබල මණ්ඩලයේ ප්‍රධානීහු ජාතික සභාවට ඊයේ (19) දැන්වූහ. 20 January 2023
ලොව විශාලතම මැඩියා සොයාගනියි ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ කොන්වේ ජාතික වන උද්‍යානයේ නිලධාරීන්ට ලොව විශාලතම මැඩියා සොයා ගැනීමට හැකියාව ලැබී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 20 January 2023
මුජිබර්ගේ පුරප්පාඩුව මැතිවරණ කොමිසමට දන්වයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා එම මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී ඇති හෙයින් මන්ත්‍රීධූරයක පුරප්පාඩුවක් පවතින බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතාට අද (20) දැනුම් දුන්නේය. 20 January 2023
ඉන්දීය විදේශ ඇමති ජනාධිපති හමුවෙයි ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඒකාබද්ධ පොදු වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අතර පැවති සාකච්ඡාවේ දී එකඟතාව පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි. 20 January 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026