චීනයේ ස්ථාවරය අද චීනය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට සහාය දීම සම්බන්ධයෙන් තම ස්ථාවරය ලිඛිතව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අද(22) දැනුම් දෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පෙන්වා දී තිබේ. 22 January 2023
එජාප වෙන්නප්පුව නාම යෝජනා සිරිකොතේ තාප්පය උඩ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට තරග වැදිම සදහා සැකසු අපෙක්ෂක නාම යෝජනා පත්‍රය සිරිකොත පක්ෂ මුලස්ථානයෙ අමතක වී පැමිනීමෙන් අදාල නාම යෝජනා භාර දීමට හැකි වි නැති බව කියයි. 22 January 2023
වවුනියාවේ 11 ප්‍රතික්ෂේප වේ මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා වවුනියාව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන පහක් සඳහා තරඟ කිරීමට පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 77ක් සුදුසුකම් ලබා ඇති බව වවුනියාව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී පි.ඒ.සරත්චන්ද්‍ර මහතා පැවසීය. 22 January 2023
දඹානේ තරුණයෝ දෙකක් නම් පෝජ්ජ රැගෙන මංගච්චති ජාතික ප්රජාතන්ත්රවාදී පෙරමුණ නියෝජනය කරමින් දඹානේ ආදි වාසි තරුණයන් දෙදෙනෙක් මෙවර පළාත් සභාමැතිවරණය සදහා මහියංගණය ප්‍රාදේශීය සභාවට ඉරිපත්ව සිටති. 22 January 2023
බදුල්ලේ 11ක් ප්‍රතික්ෂේපයි බදුල්ල පරිපාලන දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 18 ක් සඳහා නාමයෝජනා පත් 163 ක් ඉදිරිපත්වූ අතර ඉන් 11 ක් ප්‍රතික්ෂේප වූ බව බදුල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරි දමයන්ති පරණගම මහත්මිය පැවැසුවාය. 22 January 2023
කුරුණෑගල නගරාධිපති තනතුරින් ඉවත් කරයි කුරුණෑගල මහ නගර සභාවේ 2023 වසර සඳහා ඉදිරිපත් කරන ලද අයවැය වාර්තාව පරාජයට පත් වීමෙන් පසුව එය මහ නගර සභා ආඥා පනත උල්ලංඝනය වන ආකාරයට සම්මත කර ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ්ද ප්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා පියවර ගෙන ඇත. 22 January 2023
තංගල්ලේ පොහොට්ටු දෙකක් සජබට එක් වෙති තංගල්ල නගර සභාවේ සභාපති ඩබ්ලිවු.පී. ආරියදාස හා නාගරික මන්ත්‍රී අරලිය එරන්දිම (එ.ජ.නි.ස.) පෙරේදා (21) දින සමගි ජනබල වේගයේ සාමාජිකත්වය ගත්හ. 22 January 2023
කළුතර 13ක් ප්‍රතික්ෂේපයි කළුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 17 ක් වෙනුවෙන් ඉදිරිපත් කළ නාමයෝජනා අයදුම්පත් 13 ක් ප්රතික්ෂේපවූ බව කළුතර දිසාපති ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා රි පැවසිය. 22 January 2023
මහනුවර එක්සත් ජාතික සංධානය ඇතුළු දෙකක් ප්‍රතික්ෂේපයි පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලින් විරෝධතා 74ක් එල්ල වීම හේතුවෙන් එහි ඇතැම් විරෝධතා මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කිරීමට මහනුවර දිස්ත්‍රික් ලේකම් සහ තේරීම් භාර නිලධාරී චන්දන තෙන්නකෝන් මහතාට සිදු විය. 22 January 2023
රත්නපුරේ හයක් ප්‍රතික්ෂේප වේ රත්නපුර දිස්ත්‍රික්කයේ මහ නගර සභාවක්, නගර සභා දෙකක් සහ ප්‍රාදේශීය සභා දාහතරක් ඇතුලු පළාත් පාලන අයතන දාහතක් සඳහා ඉදිරිපත්වු නාමයෝජනා පත්‍ර අතරින් 134ක් පිළිගත් බව හයක් පමණක් ප්‍රතික්ෂේප වූ බවත් රත්නපුර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී වසන්ත ගුණරත්න මහතා පැවැසීය. 22 January 2023
අධිවේගී මගේ රියැදුරා සිසුවියක කෙලෙසලා කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණය අසල දී පෞද්ගලික බස් රථය නතර කරගෙන එම බස් රථය තුළ දී බස් රථ රියැදුරා 17 හැවිරිදි පාසල් සිසුවියක බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කර ඇතැයි පොලිසිය කියයි. 21 January 2023
’’මිනිස්සු සල්ලි නොදුන්නොත් හිරේ යනවා’’ නඩු තීන්දු තීන්දුවෙන් නියම වුණු රුපියල් කෝටි 10 ක මුදල ගෙවීමට තමාට කිසිම ආර්ථික ශක්තියක් නැති හෙයින් ඒ මුදල ජනතාවගෙන් එකතු කිරීමට බලාපොරොත්තු වන බවත් ජනතාව මුදල් නොදුනහොත් හිරේ යන බවත් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. 21 January 2023
ගම්පහ හතක් ප්‍රතික්ෂේප වේ පළාත් පාලන මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19 ක් සදහා පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 198 ක් අතුරින් නාම යෝජනා පත්‍ර 7 ක් ප්‍රතික්ෂේප වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී සමන් දර්ශන පාඩිකෝරාල මහතා පවසයි. 21 January 2023
අධ්‍යාපන ඇමැති තර්ස්ටන් සිසුන් බලන්න යයි නුවරඑළිය රදැල්ලේදී ඊයේ සිදුවූ අනතුරින් තුවාල ලැබූ තර්ස්ටන් විදුහලේ සිසුන්, ගුරුවරුන් ,දෙමව්පියන්ගේ සහ අනෙතුත් පුද්ගලයන්ගේ තත්වය සොයා බැලීමට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා නුවරඑළිය රෝහලට පැමිණියේය. 21 January 2023
සුමිත්‍රා රාජ්‍ය ගෞරව සහිතව දැයට සමුදෙයි සිංහල සිනමාවේ කිවිඳිය යන විරුදාවලිය ලත්, ප්‍රවීණ සිනමාවේදිනී අභාවප්‍රාප්ත ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස්රයේ දී අද (21) පස්වරුවේ සිදුකෙරිණි. 21 January 2023
හම්බන්තොට පක්ෂ දෙකක නම් ප්‍රතික්ෂේප වේ හම්බන්තොට දිස්ත්‍රික්කයට පළාත් පාලන මැතිවරණයේ ඉදිරිපත් වූ නාම යෝජනා අතුරින් නාම යෝජනා දෙකක් ප්රතික්ෂෙප වූ බව දිස්ත්‍රික් තෙරීම්භාර නිළධාරී එච්.පී සුමණසේකර මහතා කියයි. 21 January 2023
ඕතේ කැලෙන් ගිනි අවියක් මතු වේ ජාඇළ ඕතේ කැලේ සඟවා තිබූ ටී 56 ගිනි අවියක් සොයාගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි. 21 January 2023
කහ සහ සිගරැට් තොගයක් මහබාගෙන් අල්ලයි තීර බදු නොගෙවා ආනයනය කළ කහ කිලෝ 12250ක් සහ විදේශීය දුම්වැටි 280000ක් සමග දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව මහබාගේ පොලිසිය කියයි. 21 January 2023
තට්ටු ගෙවල් විකුණන්න බැරිව 10000 මට්ටුවේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මහල් නිවාස සහ වෙනත් ගොඩනැගිලි විකිණිමට සහ කුලියටදීමට නොහැකි වීම නිසා 10,000 කට ආසන්න පිරිසක් අන්ත අසරණ තත්වයට පත්ව සිටින අතර එම නිවාස සෑදීමට වැය කළ කෝටි ගණනක මුදලක් වතුරේ යන තත්වයක් උදාවී ඇතැයි වාර්තාවේ. 21 January 2023
ගම්පහට එජාපෙන් නාම යෝජනා පළාත් පාලන මැතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන වෙනුවෙන්, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් නාම යෝජනා බාර දුන්නේය. 21 January 2023
දංඕවිට අනතුරකින් 12 රෝහලට දංඕවිට හොරගස්මංකඩ හන්දියේදී අද සවස පෞද්ගලික මගී බස් රථයක් සහ ගෑස් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් ගැටීමෙන් බස් රථයේ ගමන් කළ මගින් 11 දෙනෙකු සහ ගෑස් ප්‍රවාහනය කළ ලොරි රථයේ සහායකයා තුවාල ලබා වරකාපොල රෝහලට ඇතුළත් කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. 21 January 2023
කැනඩා රාජපක්ෂ තහනම ජී 7 රටවලට ගෙන යයිද? මානව හිමිකම් කඩ වීමට ලක්වූවන්ට සවන් දෙමින් කැනඩාව රාජපක්ෂ සහෝදරයන්ට සහ හමුදා නිලධාරීන් දෙදෙනාට දැඩි සම්බාධක පැනවීමට කැනඩා රජය තීරණය කළ බවත් ජී7 සාමාජික රටවල් කැනඩාව සමඟ එකතු වනු ඇතැයි බලාපොරොත්තු වන බවත් කැනඩා විදේශ කටයුතු අමාත්‍ය මෙලනි ජොලී මහත්මිය අයි.බී.සී නාලිකාව සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත. 21 January 2023
මහනියරේ වෙඩි තැබීමකින් අයෙක් මරුට වැලිකඩ පොලිස් වසමේ ගොතටුව පාර මහනියර හංදිය ප්‍රදේශයේ වෙළඳසලක් තුළට කඩාවැදුණු අවි ගත් නාඳුනන පුද්ගලයන් දෙදෙනකු සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි. 21 January 2023
රාධ හිමියන්ගේ දේශනයක් කැලණි විහාරයේදී බළංගොඩ රාධ හිමියන් විසින් පවත්වන සර්ව රාත්රීක භාවනාමය බුදු ගුණ දේශනාව කැලණිය රාජමහා විහිරයෙන් අද පස්වරු පහේ සිට හෙට අලුයම හත දක්වා පැවැත්වේ. 21 January 2023
රාහුල් ගාන්ධිගේ පාද යාත්‍රාවට බෝම්බ ප්‍රහාරයක් ඉන්දීයාවේ ප්‍රධාන විපක්ෂය වන කොංග්රස් පක්ෂයේ ‘භාරත් ජෝඩෝ’ පාද යාත්‍රව ජම්මු කාශ්මීර ප්‍රාන්තය හරහා යද්දී ඊට බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල විය. 21 January 2023
සඳට ගිය දෙවැනියා අවුරුදු 93 දී විවාහ වෙලා 1969 වසරේ නාසා ඇපලෝ 11 මෙහෙයුමෙන් සඳට ගිය දෙවැනි මිනිසා එඩ්වින් ’බස්’ ඕල්ඩ්‍රීන්, වසර ගණනක් සිය පෙම්වතිය වූ 63 හැවිරිදි ඇන්කි ෆෝර් සමඟ විවාහ විය. 21 January 2023
මුදල්-පරිපාලන ලේකම්වරුන් අවුරුදු 3ක් හිරේට යවනවා මැතිවරණයකට බාධා කිරීමේ වරදට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් යටතේ අවුරුදු තුනක් හිරේට යවන බව ජාතික ජන බලවේගය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 21 January 2023
පුංචි ඡන්දයට දින දෙයි පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු 09 වන දා පැවැත්වීමට මැතිවරණ කොමිසම දින නියම කර ඇති බව වාර්තා වේ. 21 January 2023
එජාපය කොළඹට නාම යෝජනා දෙයි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සියල්ලට ම අද( 21)නාමයෝජනා බාර දුන්නේය. 21 January 2023
අනියම් පෙමට වෙඩි පත්තු වේ හොරණ කුඹුක ප්‍රදේශයේ දී ඉකුත් 16 දා අළුයම 1 ට පමණ මෝටර් රථයක ගමන් ගත් ව්‍යාපාරිකයකුගේ ගෙලට වෙඩිතබා ඝාතනය කිරීමට තැත්කල සැකකරු පිස්තෝලය සහ උණ්ඩ 7 ක් සමග පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 21 January 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026