කන්න නැති රටවල් අතර ලංකාව තවත් ඉදිරියට ලෝකයේ ඉහළ ආහාර උද්ධමනය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රටවල් පිළිබඳ නවතම ලෝක බැංකු දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථානයක් ඉදිරියට එමින් හය වෙනි ස්ථානයට පත්ව ඇත.එම දර්ශකයට අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය සියයට 64 කි. 19 January 2023
සුරේන්ගේ ’’බෝ එක’’ දයාසිරිට ප්‍රශ්නයක් වෙයි ඇඳුමට ’’බෝ එකක්’’ දමාගෙන පාර්ලිමේන්තුවේ කතා කරන්නට බැරි බව පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා උසස් අධ්‍යාපන අමාත්‍ය සුරේන් රාඝවන් මහතා සභාව අමතන අතරතුර නැගී සිටිමින් පාර්ලිමේන්තුවේ දී පැවසීය. 19 January 2023
ඉන්දියාව ණය සහන දීමට එකඟ වීම ගැන සතුටුයි පැරිස් සමාජය සමඟ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකාවට මූල්‍ය සහ ණය සහන ලබා දීමට කැපවී සිටින බවත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම ලබා ගැනීම සඳහා දැඩි සහයෝගයක් ලබා දෙන බවත් ඉන්දියාව තහවුරු කිරීම පිළිබඳ අසන්නට ලැබීම සතුටට කරුණක් බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ජුලී චන්ග් මහහත්මිය පවසා ඇත. 19 January 2023
’’පාරට එන්නත් බෑ කතිරෙ ගහන්නත් බෑ’’ ජනතාවට තමාගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කිරීමට පාරට බහින්න ඉඩ දෙන්නේ නැති ආණ්ඩුව ඔවුනට තමන්ගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කිරීම සඳහා කතිරය ගැසීමටත් අද ඉඩ නොදෙන බව ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය. 19 January 2023
පාර්ලිමේන්තුව විධායකයේ අතකොළුවක් වෙලා පාර්ලිමේන්තුව විධායකයේ අතකොළුවක් බවට පත්වී ඇතැයි පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී ජී.එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 19 January 2023
එජාපය කොළඹට ඇප බඳී 2023 පළාත් පාලන මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයට ඇප මුදල් තැන්පත් කිරීම කොළඹ මහ ලේකම් කාර්යාලයේ දී අද සිදු කෙරිණි. 19 January 2023
මැතිවරණ වියදම් පනත හැදුවේ කොමිසම මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත සකසන ලද්දේත් ඉදිරිපත් කරන ලද්දේත් මැතිවරණ කොමිසම විසින් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 19 January 2023
මැතිවරණ කොමිසමේ දෙදෙනෙකුට මරණ තර්ජන එල්ල වෙලා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම නිසා මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් දෙදෙනෙකුට මරණීය තර්ජන එල්ලවී ඇතැයි තමාට දැනගන්නට ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය. 19 January 2023
නවවැනි ගල්අඟුරු නෞකාවත් එයි විදුලි ජනනය සඳහා ආනයනය කළ නවවැනි ගල්අඟුරු නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවට ළගාවූ බවත් එම ගල්අඟුරු තොගය ගොඩබෑම ආරම්භ කරන බවත් ලංකා ගල්අඟුරු සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය. 19 January 2023
කැබිනට් ඇමතිවරු දෙදෙනෙක් දිවුරති කැබිනට් ඇමතිවරු දෙදෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. 19 January 2023
අමරවීර වන ජීවී ඇමතිකමෙන් ඉල්ලා අස්වෙයි කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවී හා වනසම්පත් අමාත්‍ය ධුරයට අයත් රාජකාරි වලින් ඉල්ලා අස්වන බව දන්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යවා තිබේ. 19 January 2023
හැර ගිය පෙම සිහිකරමින් කැරපොත්තෙකුට නම් තබන්න සිත රිදවා හැර ගිය පෙම්වතා හෝ පෙම්වතිය සිහි ගන්වමින්, ඔහුට හෝ ඇයට වෛර කිරීම වෙනුවට, ඔහුගේ හෝ ඇයගේ නමින් කැරපොත්තන් නම් කිරීමේ අපූරු වැඩසටහනක් කැනඩාවේ ටොරොන්ටෝ නුවර සත්වෝද්‍යානයේ දී ආරම්භ වෙයි. 19 January 2023
නඩුකාරවරුන්ගෙ වැඩ ගැන මට මැදිහත් වෙන්න බැහැ විනිසුරුවරුන්ගේ ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් තමාට මැදිහත් විය නොහැකි බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය. 19 January 2023
කෘ.ප.නි.සලා 50කගේ සේවය අත්හිටුවයි රසායනික හා කාබනික පොහොර බෙදාහැරීමේ දී වාර්තා වන අක්‍රමිකතා වලට සම්බන්ධ බවට චෝදනා එල්ලවන කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන්ගේ සේවය වහාම අත්හිටුවන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය. 19 January 2023
සුමිත්‍රා පීරිස්ගේ අභාවයට මැති සබයේ ශෝකය කෘතහස්ත සිනමාවේදනී සුමිත්‍රා පීරිස් මහත්මියගේ අභාවය වෙනුවෙන් මැති සබයේ ශෝකය පළකරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 19 January 2023
ආරක්ෂක අංශ තදින් ඉන්න ඕන පාස්කු ප්‍රහාරයේදී මෙන්ම මැයි 9 වැනිදා හා ජූලි 9 වැනිදා ඇතිවූ සිද්ධි වලදී ආරක්ෂක අංශ කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් ගැටලු තිබෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (19) පාර්ලිමේන්තුවේදී පැවසීය. 19 January 2023
හෙළ සිනමාවේ කිවිඳිය සමුගනී සිංහල සිනමාවේ කිවිඳිය ලෙසින් හැඳින්වුණු මෙරට සිනමාවේ සම්මානනීය සහ ජ්‍යෙෂ්ඨතම සිනමා නිර්මාණවේදිනියක වන ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. 19 January 2023
බාල්කයක එල්ලෙමින් තිබූ සිරුරු දෙකක් සොයාගැනේ ගලේවෙල ආදාවල ප්‍රදේශයේ පාළු නිවසක බාල්කයක එල්ලෙමින් තිබූ දැරියකගේ සහ තරුණයෙකුගේ මළ සිරුරු දෙකක් සොයාගත් බව ගලේවෙල පොලීසිය කියයි. 19 January 2023
බඩ ඉරිඟු ගොවීන්ට අක්කරයට 120000ක් මෙම වසරේ පළමු වගා කන්නය වන යල කන්නයේ බඩඉරිඟු වගා කරන ගොවීන්ට අක්කරයක් සඳහා රුපියල් 120,000ක මුදලක ආධාරයක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ විදේශීය ආධාර මත ක්‍රියාත්මක වන ව්‍යාපෘතියක් වන කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩ සටහන Small Holder Agri-Business Partnership Programme – SAPP තීරණය කර තිබේ. 19 January 2023
කැබිනට් ඇමති දෙදෙනෙක් අද දිවුරති කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද දිවුරුම් දීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග කියයි. 19 January 2023
ලොව ලාබාලම අගමැතිනය දේශපාලනයට සමුදෙයි තමන් කම්කරු පක්ෂ නායකත්වයෙන් සහ අග්‍රාමාත්‍ය ධුරයෙන් එළඹෙන පෙබරවාරි මස 7 වැනිදා ඉල්ලා අස්වෙන බවත් කම්කරු පක්ෂය සඳහා නව නායකයකු තෝරා පත් කර ගැනීම සඳහා නුදුරේදී ඡන්ද විමසීමක් පවත්වන බවත් නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩර්න් මහත්මිය ප්‍රකාශ කළාය. 19 January 2023
අද දවස පැහැදිලි අහසක් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (19) ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 19 January 2023
අදත් උදෙන්ම දුම්රියක් පීලි පනී දකුණු කලුතර සිට මරදාන දක්වා උදෑසන 07.00ට ධාවනයවීමට තිබූ සීඝ්‍රගාමි දුම්රිය දකුණු කලුතර දුම්රිය ස්ථානයේ දී පීලි පැනීමකට ලක්ව ඇත. 19 January 2023
මාස පහේ දරුවා වඩාගෙන කුඩු බොන්න සල්ලි හොයලා මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට මුදල් සොයා සිය මාස 5ක් වයසැති දරුවා වඩාගෙන පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළ අසල සිඟමනේ යෙදී සිටි බව කියන 35 හැවිරිදි කාන්තාවක් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවාය. 19 January 2023
කොළඹ සරසවි සිසුවා සිද්ධිය වමාරයි විශේෂ දෙයක් කථා කරන්න ඕන කියලා මම ඇයව තුරඟ තරඟ පිටියේ පිටියට රැගෙන ආවා. එහි දී “ඔයාව සප්‍රයිස් කරන්න ඕන කියලා” මම මගේ ම ලේන්සුවෙන් ඇගේ ඇස් බැඳ ගෙලට පිහියෙන් ඇන්නා යැයි කොළඹ තුරඟ තරඟ පිටියේ දී සිය පෙම්වතින බව කියන තරුණියගේ ගෙලට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු වන සරසවි සිසුව පොලිසට ප්‍රකාශය ලබා දෙමින් ප්‍රකාශ කර ඇත. 18 January 2023
නැටුම් ගුරුවරියගෙන් අලුත් වන්නමක් ගම්පහ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක නැටුම් අංශය බාර ගුරුවරියක නැටුම් කණ්ඩායමේ සිසුවියන් ජර්මනියට යැවීමට බව පවසා මව්පියන්ගෙන් මුදල් ලබා ගත්තේ යැයි චෝදනාව මත අත් අඩංගුවට ගත් බව ගම්පහ පොලීසි සදහන් කරයි. 18 January 2023
එජාපය ගම්පහට ඇප බඳියි පළාත් පාලන මැතිවරණයෙහි ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සදහා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම , එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) දහවල් සිදු කෙරිණි. 18 January 2023
ඉන්දියාවෙන් මෙරට ණය ගැන අයි.එම්.එෆ් එකට ලිපියක් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල ලබා ගැනීම සඳහා උපරිම සහාය ලබා දෙන බවත් ණය සහ මූල්‍ය සහන ලබා දෙමින් ණය තිරසරභාවය ශ්‍රී ලංකාවේ නැවත ඇතිකිරීම සඳහා සහාය ලබා දීමට ඉන්දියාව කැපවී සිටින බවත් ඉන්දීය රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලිපියක් යොමු කරමින් තහවුරු කර ඇත. 18 January 2023
කළුතර විදුහලක මාරාන්තික නවක වදයක් අපොස උසස් පෙල හැදෑරීමට කළුතර ප්‍රධාන පිරිමි පාසලකට ඇතුල්වූ සිසුවකු අමානුෂික අන්දමින් නවක වදයට ලක්කර පහරදුන් බවට සැකපිට සිසුන් තිදෙනකු අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි. 18 January 2023
මැතිවරණය කල් දැම්මොත් පාරට බහිනවා ප්රජාතන්ත්රවාදයට වල කපන මැතිවරණ කල් දැමීමට උත්සාහ දරන ආණ්ඩුවේ ප්‍රෝඩාවට එරෙහිව ජනතාව සමඟ පෙරට එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද (18 විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පැවසීය. 18 January 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026