
(අජන්ත කුමාර අගලකඩ)
කල් දමනු ලැබූ පළාත් පාලන මැතිවරණය ලබන අප්‍රේල් මස විසිපස් වැනි දා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති නමුත්,මැතිවරණය තවදුරටත් කල් යනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි
මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් ලබා දෙන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව මුදල් අමාත්‍යංශයෙන් අවස්ථා කිහිපයකදීම ඉල්ලා ඇතත් ,මෙතෙක් එම මුදල් නිදහස් නොකිරීම හේතුවෙන් මැතිවරණය කල් යනු ඇති බව එම ආරංචිමාර්ග වලින් පැවසේ
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සුදුසුම දිනය ලබන අප්‍රේල් මස 25 වැනි දා බවට මැතිවරණ කොමිෂන් සභාව ඉකුත්දා රැස්වී තීරණය කළේය.
මේ අතර, පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම මේ මස 28 වැනිදා සිට 31 වැනි දා දක්වා දින හතර තුළ සිදු කිරීමට ද කොමිෂන් සභාව තීරණය කර ඇත .
පළාත් පාලන මැතිවරණය මාර්තු මස 9 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව මුලින් තීරණය කර තිබුණ ද, මුදල් ප්‍රතිපාදන සහ අවශ්‍ය අනෙකුත් පහසුකම් නොලැබීම හේතුවෙන්,එය කල් දමනු ලැබීය.
මේ අතර, මැතිවරණය සඳහා අයවැයෙන් වෙන්කරන ලද මුදල් නිදහස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට ඉකුත් දා අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කළේය.
තත්වය එසේ වුවද මුදල් අමාත්‍යාංශය අදාළ මුදල් ප්‍රතිපාදන මෙතෙක් නිකුත් කර නොමැති බව දැනගන්නට තිබේ.
මේ අතර, මැතිවරණ කොමිෂන් සභාව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා,රජයේ මුද්‍රණාලයාධිපතිනිය සහ පොලිස්පතිවරයා ඉකුත්දා කොමිෂන් සභාවට කැදවනු ලැබුවද ඊට සහභාගි වූයේ පොලිස්පතිවරයා සහ රජයේ මුද්‍රණාලයාධිපතිනිය පමණි .
ආරක්ෂක මණ්ඩල රැස්වීමක් පැවැත්වෙන බැවින් ,තමා ඊට සහභාගී නොවන බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කොමිෂන් සභාවට දැනුම් දී තිබිණි.
ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට පියවර ගන්නා ලෙස කොමිෂන් සභාවේ සභාපතිවරයා රජයේ මුද්‍රණාලයාධිපතිනියට දැනුම් දී ඇති අතර ඇය සඳහන් කර ඇත්තේ මුදල් ලබා දෙන්නේ නම් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කළ හැකි බවය.
මේ අතර රජයේ මුද්‍රණාලයාධිපති නිය ඉකුත් බදාදා මුදල් අමාත්‍යාංශයට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර ඇත්තේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට අවශ්‍ය රුපියල් කෝටි 30ක මුදලක් ලබා දෙන ලෙසය.
ඒ සමගම ඇය පොලිස්පතිවරයා වෙත දැනුම් දී තිබුණේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා ආරක්ෂාව ලබා දෙන ලෙසටය.
එසේ වුවද පවතින තත්වය හමුවේ ඇතිව තිබෙන කඹ ඇදිල්ල හේතුවෙන් මැතිවරණය ලබන අප්‍රේල් මස 25 වැනි දා පැවැත්වීමට නොහැකි වනු ඇතැයි කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර ඡන්දයක් නම් එපා...!
නව කොංගෝ ජනරජයක් පිහිටුවෙන ලකුණු...!
මේ කොන්ද පණ නැති මැතිවරණ කොමසාරිස්ලා.. කොන්ද පණ තියෙන මම නම් අනිවාර්යයෙන්ම රජයට අභියෝග කරනවා " දූෂිත රජයන්වල ඡන්ද පැවැත්වීම සඳහා ආධාර කරන විදේශීය ආයතන වලින් මුදල් ලබාගෙන ඡන්දය පවත්වන බවට...!!!
කුඹුරක් අදයට වැඩ කරන ගොවියෙක් හැටියට ජීවත්වන මගේ පවුලේ ආහාර සඳහා ගෙදර වී ඇටයක් නැහැ අස්වැන්න ලැබුණොත් කුඹුරු අයිතිකරුට පහෙන් එකක් පමණක් දෙන්නම වෙනවා... මේ අතර දරුවන්ට අධ්‍යාපන අවශ්‍යතා සඳහා මුදලාලිගෙන් වී කිලෝ 500ක් දෙන්න පොරොන්දුවෙලා පොරොන්දු පත්‍රයක් මත ණයක් ගන්නවා.. එහෙම තියෙද්දී කුඹුරට ගංවතුර ඇවිල්ලා ටිකක් සේදී ගියා වල්අලි ඇවිල්ලා ටිකක් විනාශ කළා.. ගොයම් කපා අස්වැන්න බැලුවාම වපුරපු බිත්තර වී ටිකට අමතරව ඉතිරිවුනේ ගෙදර අයට කන්නයක් කෑමට හා කුඹුරු හිමියාගේ හිමිකම් ගෙවීමට මදිතරමේ වී ටිකක් පමණයි. ඔය අතරේ මට එන්තර්වාසියක් එවන මුදළාලි වහාම වී කිලෝ 500 නොදුන්නොත් එහි වටිනාකම හා නඩුගාස්තු ඉල්ලනවා.. මම කරන්න ඕනෑ මොකක්ද කියන්න...?
දේශපාලන බලපෑම් වලට යටත්ව තම වගකීම පැහැර හරින රජයේ උසස් නිලධාරින් අධිකරණයට අපහාස කර ඇත. බලයට පත්වෙන නව රජයක් මේ නිලධාරින්ට අමතක නොවන දඬුවමක් ලබාදිය යුතුව ඇත. මහ ලොකුවට රටක් ගොඩ දමන්නට පුරසාරම් දොඩවන වර්තමාන ජනාධිපතිවරයා මේ මුදල ලබා නොදුන්නත්, ඉන්දියාවේ ගෞරවනීය යාචක මහත්වරුන්ට කීවා නම් පිං තකා ඔවුන් මේ මුදල සපයා දෙනවා සිකුරුයි. බලයට මෙතරම් කෑදර දේශපාලකයින් ගැන ඇත්තටම ලැජ්ජා සහගතයි.
නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයකුයි, තව ටිකකුත් ඕනේ...!
මේ වර්ෂයේ මැතිවරණයක් නො පැවැත්වෙන බවට ජනාධිපතිවරයා ඉඟි පළ කර තිබිය දී ප්‍රකාශිත මැතිවරණය පැවැත්වෙන මැතිවරණයක් නොවෙයි. හැබැයි ඒ දැන දැනත් මැකො සභාපති දින නියමකරමින් ප්‍රකාශිත මැතිවරණය පැවැත්වීමට උත්සාහ කිරීම අගය කළ යුත්තක්. ඊළඟ වෙට්ටුව පළාත් පාලන සභික සංඛ්‍යාව අඩක් කිරීමේ පාර්ලිමේන්තු යෝජනාවයි. රටේ ජනාධිපති පාර්ලිමේන්තු බහුතරයක් අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු හැමෝම සමඟ මෙසේ හැල හැප්පීමට නම් මැකො සභාපතිට හොඳ කශේරුකාවක් තිබිය යුතුමයි.
මේ වෙලාවේ රටට චන්දයක් අවශ්‍ය නෑ.
රජයට ඇත්ත වශයෙන්ම අවශ්‍ය වන්නේ මූල්‍ය ප්‍රශ්නය නිසා මැතිවරණය කල් දැමීමට (එය එසේ නොවේ) එය නිසි ක්‍රමවේදයකට කළ යුතුයි , රාජ්‍ය නායකයා විහිළුකාරයෙකු ලෙස ඒහෙමත් නැතිනම් මැරයෙකු ලෙස නොහැසිී .
කවුරුත් මේක හොඳින්ම මතක තියා ගන්න . ලංකාවේ මීට පසුව කිසිම ඡන්දයක් පවත්වන්නේ නැත".
අපි අවුරුදු 75 ක් එහෙට පෙරළුවා... මෙහෙට පෙරළුවා... එහෙ මෙහෙ හැපිලා 48 තිබුණාට වඩා දැන් බෝලයක් වෙලා... දැන් තවත් වේගයෙන් පෙරලන්න කණ්ඩායම් සියයක් විතර ඉන්නවා. එකෙකුටවත් තමන්ගේ බඩ ගැන මිස රට ගැන හැඟීමක් නැහැ. ඒබව සත්‍ය අදහස්වලට වැඩියෙන් අන්ලයික් දැමීමෙන් පේනවා. ලංකාවේ අකුරු කියවීමේ හැකියාව වැඩියි කිව්වට දුරදිග බැලීමේ හැකියාව හා කල්පනා ශක්තියක් නම් ඇත්තේම නැහැ කියලා පැහැදිලියි..
අරගල කරලා අන්තිමට කොහේවත් හිටපු ඡන්දයක්වත් නැති ඒකාධිපතයෙකුට රට දෙන්න වුණා. ඒකාධිපතියන් මැතිවරණ විශ්වාස කරන්නේ නෑ. ඕකනම් තියෙන ඡන්දයක් නොවෙයි. පොහොට්ටුවකට රැවටිලා ඡන්ද කොල්ලකාගත් රටකට සිදුවුණු දේශපාලන විනාශයක තරම කියා නිමකළ නොහැකිය..
රට බංකොළොත් කරපු කාලකණ්ණි දේශපාලුවන් නිසා අද ජනතාව ජීවත්වෙන්න පොළවේ පස්කනවා. මේ හොරුන්ට තවමත් ලැජ්ජාවක් නැහැ. ඡන්ද නොතියමින් තවමත් උජාරුවට ඉන්න තමයි කල්පනාව. ඇමැතිලා V8 වල පාවෙනවා. ඒ අයට ඡන්දෙ දුන්නු අය පයින් ගාටනවා. මේ රටේ මිනිසුන්ට මේවා කවදා තේරෙයිද? ඉදිරියේදී පැමිණෙන අලුත් ආණ්ඩුවක් කළයුතු පළමු රාජකාරිය වියයුත්තේ, රට මේ තත්වෙට ඇද දාපු පොහොට්ටු අලි හොරුන්ට සහ ඔවුන්ට සම්බන්ධ ව්‍යාපාරික හොරුන්ට නීතියෙන් දඬුවම් දෙන එකයි.
හිස උදුම්මවාගත් ආත්මාර්ථකාමීන්...
රනිල්, ගඩාෆි ගිය පාරේ යන්නයි හදන්නේ...
බයිවහල්ලුන්ට දැන් සැපද?
මොකක්ද මේ හැංගිමුත්තන් කෙළිය...? මේ රටේ වගකිවයුතු නායකයෙක් නැද්ද? ඡන්දෙ තියන්නේ නැතිනම් ඇයි ඒක කෙළින්ම කියන්න බැරි...?
මේකේ අදහස් දක්වන්න පිරිස වැහිවැහැලා
ප්‍රාදේශීය සභාවකට ගොස් එකවරකින් තමන්ගේ නිවාස සැලසුමක් අනුමත කරගත් අය සිටීනම් අටපට්ටමට කියන්න ඕනේ... එහෙව් අකාර්යක්ෂම ආයතන වලට කොමසාරිස් වරයෙක් පත්කරනවා හැර මොන ඡන්දද? ඡන්දයක් තියනවා නම් මහ මැතිවරණයකුයි අවශ්‍ය...