
සූර්යා සුවඳකූරු සිය සදහම් සැරිසර ඓතිහාසික ඇඹිලිපිටිය සංඛපාල රජමහා විහාරයේ දී මැදින් පුන් පොහෝ දා පැවැත්විණි.
“සදහම් සැරිසර“ විශේෂ සජීවි පෝයදින වැඩසටහන එදින මුළුල්ලේම සංඛපාල රජමහා විහාරයේ පැවැත් වූ අතර එහිදී සූර්යා නිවස, සූර්යා සුවඳ කූරු බැතිමතුන්ට නොමිලේ බෙදා දුන්නේය.
සූර්යා සුවඳකූරු සිය සදහම් සැරිසර දුරුතු පොහෝදින ඓතිහාසික කැලණිය රාජමහා විහාරයෙන් ආරම්භ කළේය.
විශේෂ සජීවි පෝය දින වැඩසටහනක් වන “සදහම් සැරිසර“ සෑම පොහෝ දිනකම දිවයිනේ විවිධ ප්‍රදේශවල බෞද්ධ සිද්ධස්ථාන ඛේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමටත් සූර්යා සුවඳකූරු පිළිබඳව බැතිමතුන් අතර බෙදාහැරීමටත් සූර්යා නිවස කටයුතු කරනු ලබයි.
සන්මැච් ආයතනයේ අධ්‍යක්ෂිකා සහ ප්‍රධාන කළමනකාර නිලධාරිනි ගෞරි රාජන් මෙනවිය පැවසුවේ ශක්තිමත් හා විශ්වාසනීය සන්නාමයක් පරිපූර්ණ ගමක්, පාසලක් හා පන්සලක් නිර්මාණය කිරීමට කටයුතු කරන බවයි. ගමයි පන්සලයි වැවයි දාගබැයි කියන සංකල්පයෙන් ගුණදම්වලින් හෙබි සමාජයක් බිහි කිරීමට හැකි වන බව ද ඇය පැවැසුවාය.
දශක හතරකට ආසන්න කාලයක් ජනතා විශ්වාසය දිනූ සූර්යා ගිනිපෙට්ටි නිෂ්පාදන ආයතනය වන සන්මැච් පෞද්ගලික සමාගමේ සාඩම්බර නිෂ්පාදයනක්වන සූර්යා සුවඳ කූරු එකිනෙකට වෙනස් සුවඳ වර්ග 14කින්ඉවෙළෙඳපොළට හදුන්වා දී ඇත.
මෙවර සංඛපාල විහාරයේදී සිය සද්කාර්ය ඉටු කළ අයුරු ඡායාරූප වලින් දැක්වේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෙදිපිලි, සරුව පිත්තල, කිරිපිටි, පුන්නක්කු වෙළෙන්දෝත් ගමයි, පන්සලයි, වැවයි, දාගැබයි කියලා පෝයදාට පන්සලට ගිහින් මේවාගේ සාම්පල් බෙදලා තමන්ගේ නිෂ්පාදන ප්‍රමෝට් කරන්න පටන් ගත්තා නම් මරු නේද?
බුදුරජාණන් වහන්සේ මහත් අනුකම්පාවෙන් දේශනා කර වදාලේ සසර දුකින් මිදීමට උන්වහන්සේ දෙසූ මගේ යාමට මිසක් අමාරුවෙන් හරිහම්බකරපු තුට්ටුදෙක හඳුන්කූරු, තෙල්, මල්, කඩෙන් පන්සලට සහ පන්සලෙන් කඩේට චක්‍රීයකරණය වන අටපිරිකර වලට වියදම් කරගෙන පෝයට පන්සල් යාමට නොවේ.
හරිම සැදැහැවත් බෞද්ධයෝ. ඔය සුවද කූරු පස්ස දොරින් කඩවලට යන්නත් බැරි නැහැ.
බුදුහාමුදුරුවෝ ශික්ෂා පද පනවා තියෙනවා මල්, ගඳ, සුවද විලවුන් එපා කියලා... ඒ වගේම නැටුම්, ගැයුම්, වැයුම් එපා කියලා.. ඉතින් බුදුවදන අනුව ප්‍රතිපත්ති මත කටයුතු කරන්න හඳුන්කූරු අවශ්‍යද කියලා සිතන්න වෙනවා. ලංකාවේ සමහරක් කාන්තාවන් සියලු පව් කරනවා... ඉන් පස්සේ මලක් පහනක් දල්වා නිවන් යන්න බලාගෙන ඉන්නවා දඹදිව ගියාම ආනන්තර්‍ය කර්මය අහෝසි වෙනවා කියා සිතාගෙන සතුන් පමණක් නොවෙයි, මිනිස්සු මරණයට පත්කිරීම සඳහා උගුල් අටවනවා..