ඕමාන් තානපති කාර්යාලයේ තෙවන නිලධාරියා වාහා අල්ලනු ඕමාන් රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා ආරක්ෂක නිවස්නයේ රැකවරණය යටතේ සිටි කාන්තාවන්ට ලිංගික අඩන්තේට්ටම් කළැයි කියන සිද්ධියකට අදාළ එම තානාපති කාර්යාලයේ ත-ුන්වන ලේකම්වරයාව සිටි එදිරිවාරිගේ කුෂාන් යන අය වහාම අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා අද (28) විවෘත වරෙන්තු නිකුත් කළේය. 28 November 2022
අධ්‍යාපන ඇමැතිගේ තීරණයට වෘත්තීය සමිති විරෝධය ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ සහ පළමු පන්තියේ වයස 60 ඉක්ම වූ නිලධාරීන් 17 දෙනකුට සේවා දිගු ලබාදීම සඳහා අධ්‍යාපන ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ. 28 November 2022
දේශීය කිරිපිටි මිල යළි ඉහළ යයි දේශීය කිරිපිටි මිල තවදුරටත් ඉහළ දැමීමට කිරිපිටි සමාගම් පියවර ගෙන තිබේ. 28 November 2022
විහාර දේවාලගම් පනත සංශෝධනයට විහාර දේවාලගම් පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 28 November 2022
සන්ධානයේ මහ ලේකම් කවුදැයි මහින්දම කියයි තමන් තවදුරටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කරන බව කෘෂිකර්ම වනජීවී සහ වන සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිපියක් යවමින් සඳහන් කරයි. 28 November 2022
හගුරක්තෙන පහර දීමට එස්.බීගේ සොහොයුරාගෙන් ප්‍රශ්න කරයි “උත්තර ලංකා සභාගයේ” නුවරඑළිය සමුළුව වෙනුවන් හගුරක්තෙන සංස්කෘතික ශාලාවේ සකස්කර තිබු වේදිකාවට පහර දී සැරසිලි කරමින් සිටි පුද්ගලයකුට පහර දී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය එස් බී දිසානායක මහතාගේ සොහොයුරු සමගි ජන බලවේගයේ හඟුරක්කෙත ආසන සංවිධායක සහ හිටපු පළාත් සභා මන්ත්‍රි ජයලත් දිසානායක මහතාගෙන් හගුරන්තෙක පොලිසිය අද (28) ප්‍රකාශ ලබා ගත් බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 28 November 2022
කළුතරට පැය 12ක් ජලය කපයි නඩත්තු කටයුත්තක් සඳහා කළුතර ඇතුලු ප්‍රදේශ කීපයකට හෙට (29) පෙරවරු 9.30 සිට රාත්‍රී 9.30 දක්වා පැය 12 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලපවහන මණ්ඩලය නිවේදනය කරයි. 28 November 2022
ලොව ලොකුම ගිනි කන්ද පිපිරෙයි ලොව ලොකුම ගිනි කන්ද පුපුරා යෑම ආරම්භ වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ලොව ලොකුම ගිනි කන්ද ලෙස සැලකෙන්නේ හවායි හි පිහිටි මොවුන් ලෝවා Mauna Loa ගිනි කන්දය. 28 November 2022
ග්ලුකෝමීටර් හදිසියේ ගන්නවාට සෞඛ්‍යයේ පිරිසක් අකමැත්තෙන් ඉන්දියානු ණය ආධාර යටතේ සෞඛ්‍ය අමාත්‍යංශයට ග්ලුකෝමීටර් තොගයක් මිලදී ගැනීමේ හැකියාව සොයා බැලීම සඳහා සෞඛ්‍ය ලේකම්වරයා විසින් කමිටුවක් පත් කිරීමට නියමිත බව වාර්තා වේ. 28 November 2022
වන පාලක යාල වන විනාශය බලන්න යයි යාල වන සංරක්ෂිත ප්‍රදේශයට අයත් සංවේදී පරිසර කලාපයක් වන ගල් ආර ප්‍රදේශයේ දින 5ක් තිස්සේ බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් අක්කර සියයකට වැඩි ප්‍රමාණයක දැවැන්ත වන විනාශයක් සිදු කර ඇති බව වන පාලක නිලධාරී කේ. ඩී. ඒ. පී. ජයසිංහ මහතා සඳහන් කරයි. 28 November 2022
මන්ත්‍රී සුජිත්ට සභාපති ධුරයක් සමස්ථ ලංකා සමගි කුඩා තේ වතු හිමියන්ගේ සංගමයේ සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා පත්කර තිබේ. 28 November 2022
භූ විද්‍යා ලොක්කන්ට එරෙහිව පාරට මහවැලි නදිය ඇතුළු රටේ පරිසර පද්ධති වනසන භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ දුෂිත සභාපති සහ අධ්යක්ෂ ජනරාල්ට එරෙහිව වහා පියවර ගන්නා ලෙස ඉල්ලමින් බත්තරමුල්ල සොබාදම් පියස ඉදිරිපිටදී අද (28) පිරිසක් විරෝධතාවයක නිරත විය. 28 November 2022
ගුරු සිසුන්ට පහර දුන් සිමාවාසික ගුරුවරුන් හයක් රිමාන්ඩ් අක්මිමණ රුහුණු ජාතික අධ්‍යාපන පිඨයේ පුහුණුව ලබන ගුරු සිසුන් පරිසකට පහරදි තුවාල සිදු කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සිමාවාසික ගුරු සිසුන් හත් දෙනාගෙන් හය දෙනකු හෙට දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය. 28 November 2022
ඩයනා ගැන හොයන්නැයි චාල්ස් රජුගෙන් ඉල්ලයි රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය මෙරට මෙන්ම බ්‍රිතාන්‍ය නීතියට ද විරුද්ධව කටයුතු කර ඇති බැවින් ඇය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණයක් පවත්වන්නැයි ඉල්ලා මෙරට සමාජ ක්‍රියාකාරීන් පිරිසක් බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු වෙත ලිපියක් යොමු කර ඇත. 28 November 2022
සැප බසයක් ගිනි රකුසාට බිලි මිනුවන්ගොඩ නගර මධ්‍යයේ ප්‍රධාන බැංකුවක් පිටුපස නවතා තිබූ අති සුඛෝපබෝගී බස් රථයක් අද දහවල් ගිනිගෙන විනාශ වී තිබේ. 28 November 2022
කෘෂිකාර්මික වැඩවලටත් හෙට සිට භූමිතෙල් ලංකාවේ සියළුම කෘෂිකාර්මික ප්‍රදේශ වලට ඉදිරි දින තුන ඇතුළත භුමිතෙල් නිකුත් කිරීම හෙට (29) සිට ආරම්භ කරන බව ජනාධිපති අධ්යක්ෂ ජෙනරාල් (ප්‍රජා කටයුතු) කීර්ති තෙන්නකොන් මහතා පැවසීය. 28 November 2022
ලබන වසරේත් කළුවරේ ඉන්න වෙයි ද? ප්‍රමාණවත් තරම් ගල්අඟුරු තොග නොලැබුණහොත් ලංකා ඉතිහාසයේ විශාලතම විදුලිය කප්පාදුවට ලබන වසරේදී මුහුණදීමට සිදුවනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරයි. 28 November 2022
ගුවන් ගත වූ යානය විනාඩි පහෙන් යළි බස්සයි කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාවේ මදුරෙයි බලා අද (28) පස්වරුවේ පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක්, ගුවන් ගත වී විනාඩි 05 ක කාළයකට පසුව යානයේ කාර්මික දෝශයක් හේතුවෙන් යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බෑමකට ලක් කර ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය. 28 November 2022
චීන රජයේ ’කොවිඩ්’ නීතිවලට ජනතාවගෙන් විරෝධතා චීන රජයේ දරදඬු ’කොවිඩ්’ නීතිරීති එසේත් නැතිනම් සෞඛ්‍ය සීමාවලට එරෙහිව එරට නගර රැසක විරෝධතා ආරම්භ වී ඇත. 28 November 2022
පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙක් කපා කොටා මරලා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් ව සිටි පුද්ගලයකු අද (28) දහවල් මට්ටක්කුලිය මැද පාරේ දී මන්නා පිහිවලින් කපා කොටා ඝාතනය කර ඇති බව පොලිසිය කියයි. 28 November 2022
ඩයනාගෙන් සජිත්ට ඉල්ලීමක් රටට නැවත සංචාරකයන් එන්නට පටන් ගන්නා මොහොතේ කොළඹ සිට මහනුවරට නැවත උද්ඝෝෂණ පෙළපාළි පැවැත්වීමෙන් වළකින්නැයි විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටින බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය. 28 November 2022
ආණ්ඩුවේ ඡන්ද ගාන කිරිඇල්ල ටක්කෙට කියයි ඡන්දයක් තිබ්බොත් ආණ්ඩුව පැත්තෙන් පාර්ලිමේන්තුවට එන්නේ මන්ත්‍රීවරු 25 ක් පමණක් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 28 November 2022
මෙරට පක්ෂි විශේෂ 81ක් වඳවීමේ තර්ජනයක් මෙරට පක්ෂි විශේෂ 244 ක් අතුරින් 81ක් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇතැයි පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය පවසයි. 28 November 2022
ඕමානයේ හිටපු තෙවන නිලධාරීයට පනින්න බැරි කරයි සංචාරක වීසා මගින් මෙරට කතුන් ඕමානයට රැගෙන ගොස් අතරමංව සිටියදී ලිංගික හිරිහැර කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වැඩතහනමට වූ කුෂාන්ට එරෙහිව ජාත්යානතර පොලීසිය හරහා රතු නිවේදනයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළදාමල ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය කටයුතු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. 28 November 2022
කෝටි 180ක සාර්ක් ගොඩනැගිල්ල අතහැර දාලා විදේශ කටයුතු අමාත්‍යාංශය රුපියල් කෝටි 180 ක වියදමින් ඉදිකළ සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය අතරමග නවතා දමා ඇතැයිද එය විශාල අපරාධයක් බවද සමගි ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පාර්ලිමේන්තුවේදී අද (28) පැවසීය. 28 November 2022
පාසල් සිසුන්ට දෙන්න ගෙනා මත්පෙති සමඟ අයෙක් මාට්ටු පාසල් සිසුන් ඉලක්ක කරගෙන වව්නියාව ප්‍රදේශයේ මත්පෙති අලෙවි කරමින් සිටි සැකකරුවෙක් පෙති 539ක් සමග විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 28 November 2022
විදුලි කුළුණේ පැටලුන ගුවන් කුරුල්ලා ඇමෙරිකා එක්සත් ජනපදයේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ අධිබලැති විදුලි රැහැන් කුළුණක් මතට කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් ඊයේ (27) පාරිභෝගිකයන් 117000 කට විදුලිය විසන්ධි වූ බව මේරිලන්ඩ් ප්‍රාන්ත බලධාරීහු ප්‍රකාශ කළහ. 28 November 2022
අගමැතිගේ පුතාත් කෝච්චියේ යනවාලු ’’වෙලාව ලැබෙන විදිහට මමත් කෝච්චියේ යනවා’’යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 28 November 2022
ඒ.ටී.එම් කාඩ් උස්සා මුදල් සොරාගත් අයෙක් මාට්ටු බංකු ඒ ටී එම් යන්ත්‍ර අසල සිට පුද්ගලයන් සතු බැංකු කාඩ් වංචනික ලෙස ලබාගෙන ඒවායෙන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාගත් සැකකරුවෙක් දොම්පේ ප්‍රදේශයේ දී බම්බලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 28 November 2022
රටගිය අයගෙන් වැඩ ගන්න වැඩක් අරඹයි විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ගේ සහ ලාංකික සම්භවයක් සහිත විදේශ පුරවැසියන්ගේ උදව් රටට ලබා ගැනීම සඳහා සුවිශේෂී කාර්යාලයක් ලංකාවේ පිහිටුවන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 28 November 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026