රුසියාව පෙරමුණට ශීත සෘතුවට පෙර ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ පෙරමුණ ගැනීමට රුසියාව සමත්ව ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කර ඇත. 27 November 2022
‘උත්තර ලංකා සභාගයේ’ රැස්වීමට පහර දෙයි ‘උත්තර ලංකා සභාගයේ’ නුවරඑළිය සමුළුව වෙනුවෙන් හඟුරන්කෙත සංස්කෘතික ශාලාව සකස් කර තිබූ වේදිකාවට සහ සැරසිවලට කිසියම් පිරිසක් ඊයේ (26) රාත්‍රී හානිකර තිබූ බව එම සභාගයේ සාමාජිකයෙක් පැවසීය. 27 November 2022
නිර්දෝෂි බව ඔප්පු කරන්න සැමියා - බිරිය ඉදිරියේ කළ දේ අයාලේ යනවැයි බිරියගේ චෝදනාවකට සැමියා සමග ඇති වු අමනාපයක් දුරදිග ගොස් සැමියා තම පුරුෂ ලිංගය තියුණු ආයුධයකින් කපා බිරියට දීමේ පුවතක් පොල්පිතිගමින් වාර්තා වෙයි. 27 November 2022
වරායේ හිරවී ඇති භාණ්ඩ නිදහස් කරන්න විවිධ නීති සහ රෙගුලාසි හේතුවෙන් නිදහස්කර ගැනීමට නොහැකිව වසර 10 කට අධික කාලයක් කොළඹ වරායේ ගබඩා කර තිබෙන භාණ්ඩ මාස දෙකක් තුළ නිදහස් කරන ලෙස වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වරාය අධිකාරියට සහ රේගු දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ. 27 November 2022
චීන පාලනයට එරෙහිව බීජිං හි විරෝධතා විශ්ව විද්‍යාල සහ ශැන්හායි,බීජිං නගර ඇතුළු චීනය පුරා දැඩි කොරෝනා තුරන් කිරීමේ සෞඛ්‍ය නීති හේතුවෙන් චීන ජනාධිපති ෂි ජින්පින්ට සහ කොම්යුනිස්ට් පක්ෂයට බලයෙන් ඉවත් වන ලෙස බලකරමින් චීන ජාතිකයන් සියගණනක් විරෝධය ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 27 November 2022
ලොකු ලූනු අඩුවට කන්න ලැබෙන ලකුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු (SCL) අනුපාතය අඩු කිරීමට ආහාර ප්‍රතිපත්ති කමිටුව නිර්දේශ කර ඇති හෙයින් වෙළඳපොලේ ලොකු ලූනු මිල අඩුවනු ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි. 27 November 2022
ලුණුගම්වෙහෙර - යාල එකක් වෙයි ලුණුගම්වෙහෙර ජාතික වනෝද්යාදනය මින් ඉදිරියට යාල ජාතික වනෝද්‍යානයටම අයත් වනජීවී කලාපයක් ලෙස නම් කිරීමට වනජීවී හා වනසංරක්ෂණ අමාත්‍යාංශය පියවර ගත්තේය. 27 November 2022
රුහුණු අධ්‍යාපන පීඨයේ සිසුනට පරණ සිසුන් පහරදීලා ගාල්ලේ අක්මීමණ රුහුණ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ඊයේ (26) රාත්‍රී ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ 14 දෙනකු කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 27 November 2022
අලුත් සංචාරක ස්ථාන 24ක් වෙරළෙන් මතු වෙයි සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය උදෙසා මෙරට වෙරළ තීරය ආශ්‍රිතව අලුතින් සංචාරක ස්ථාන 24 ක් හඳුනා ගත් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි. 27 November 2022
රජය දවසකට කෝටි 1050 ක් ණය වේ ශ්‍රී ලංකා රජයට සිය කටයුතු පවත්වාගෙන යෑම සඳහා දිනකට රුපියල් කෝටි 1050 ක පමණ මුදලක් ලෝකයට ණයවීමට සිදුවී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ලංකාදීපයට පැවැසීය. 27 November 2022
අලවතුවල සජබ උප සභාපති සමගි ජන බලවේගය පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා එහි උප සභාපති ධූරයට එහි නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පත් කරනු ලැබ සිටී. 26 November 2022
සිඟිති බාලදක්ෂිකාවෝ විහාරමහාදේවියට රොක් වෙති ශ්‍රී ලාංකීය බාල දක්ෂ ඉතිහාසයේ ඓතිහාසික සලකුණක් සනිටුහන් කරමින් පවත්වනු ලැබූ ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 5 - 7 අතර සිඟිති බාලදක්ෂ දක්ෂිකාවන්ගේ පළමු වන ජාතික කිඩෝරිය කොළඹ විහාරමහාදේවි එළිමහන් රංගපීඨයේදී අති උත්කර්ශවත් අයුරින් අද පැවැත්විණි 26 November 2022
මාස නවයට පොලිස් කොමිසමට පැමිණිලි දාහස පනී ස්වාධීන පොලිස් කොමිසමට මේ වසරේ මුල් මාස 9ට පැමිණිලි 1100 ක් ලැබී ඇති බව වාර්තා වේ. 26 November 2022
කොටුගොඩ මුදලාලි ඝාතනයට දෙකක් සැකපිට කොටුගොඩ, නැදගමුව ප්‍රදේශයේ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳසලක් පවත්වාගෙන ගිය පුද්ගලයකු ඝාතනය කළ බව කියන දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 26 November 2022
රන්වලට තහංචියක් අනවශ්‍ය ලෙස රන් භාණ්ඩ පැලැඳ ජාවාරම් කිරීමේ අරමුණෙන් ගුවන් මගීන් ලෙස මෙරටට පැමිණෙන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේය. 26 November 2022
සාමයේ පරවියා රැගෙන චීන ජනපති, කිම් ජොන් හමු වෙයි චීනය සමඟ එක්වී, ලෝක සාමය වෙනුවෙන් වැඩ කරමු යැයි චීන ජනාධිපති ෂී ජින්පින් උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ට පවසා තිබේ. චීන ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ උතුරු කොරියාවේ පියොංයැං අගනුවර සංචාරය කරමින් නායක කිම් ජොන් උන් හමුවෙමිනි. 26 November 2022
සඳ මතුපිට ජනාවාස පිහිටුවන්න චීනය සූදානම් තව වසර 6 ක් යද්දී, සඳට ගගනගාමීන් යැවීමටත්, සඳ මතුපිට ජනාවාස පිහිටුවීමටත් චීනය සූදානම් බව චීන අභ්‍යවකාශ ආයතනයයේ චන්ද්‍ර මෙහෙයුම් ප්‍රධානී වූ වෙයිරැන් මාධ්‍ය හමුවේ පවසා ඇත. 26 November 2022
නාසා චන්ද්‍ර යානය සඳුගේ කක්ෂයට පිවිසෙයි ඇමෙරිකා නාසා ආයතනය සඳ වෙත යැවූ ඔරියන් නමැති චන්ද්‍ර යානය (කැප්සියුලය) සැලැසුම් කළ පරිදි ඉතා සාර්ථකව සඳුගේ කක්ෂයට පිවිස ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. 26 November 2022
මුහුණු පොතේ අපහාස ගැන අධ්‍යාපන ඇමැති කම්පාවෙයි මුහුණු පොත හරහා ගුරුවරියන්ට කියන අසභ්‍ය දේවල් ගැන තමා කම්පා වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 26 November 2022
රෝහිණි කියන ආණ්ඩුවේ කුපාඩි මිනිහා කවුද? ගුරුවරියන් සම්බන්ධයෙන් ආණ්ඩුවේ කුපාඩි මිනිහකු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ක්‍රියා මාර්ගයක් ගත යුතු බව සමගි ජන බලවේගය පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්රීනී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය පාර්ලිමේන්තුවේදී අද පැවසුවාය. 26 November 2022
බංගලාදේශ අගමැතිනී සහ අලි සබ්රි අතර හමුවක් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සහ බංගලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා මහත්මිය අතර හමුවක් ඊයේ(25) පැවැත්වුන බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 26 November 2022
ගැමුණු සුව වී ’’ගෙදර’’ යයි බඳින තුවක්කුවක වෙඩිල්ලක් වැදී පාදයකට වූ තුවාල නිසා වනජීවී නිලධාරින් හා වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබමින් සිටි යාල වනෝද්‍යානයේ විසේකාරයා ලෙස හඳුන්වන ගැමුණු හස්තියා සුව අතට හැරී උන් තැනින් නැගිට වනයට ගොස් ඇතැයි වන ජීවී අමාත්‍යාංශය පවසයි. 26 November 2022
බදු පනත් දෙක ගැන විවාදය දෙසැම්බර් 9 එකතු කළ අගය මත බදු (සංශෝධන) සහ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත් දෙක පිළිබඳ දෙවැනිවර කියැවීමේ විවාදය ලබන මස 09වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ තීරණය කළේය. 26 November 2022
’’දැන් ඉන්නේ ඇඩ්ඩ්‍රස් නැතුව ඡන්ද පැරදුන හිට්ලර්’’ ඡන්දෙන් දිනපු හිට්ලර්ට අන්තිමේදී පිටරටට පැන ගොස් එහි සිට ඉල්ලා අස්වීමේ ලිපිය බාර දීමට සිදුවුණු බවත් දැන් සිටින්නේ ඡන්දයෙන් ඇඩ්රස් නැතුව පැරදුණු හිට්ලර් බවත් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය. 26 November 2022
රට විරුවෝ බර කරට ගනිති විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට එවන මුදල් ප්‍රමාණය ඉකුත් වසරේ ඔක්තෝබර් මසට සාපේක්ෂව මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය. 26 November 2022
මහජන නියෝජිතයන් රටට මෙච්චර ඕන නැහැ මහජන නියෝජිතයන් රටට මෙපමණඅවශ්ය දැයි සාකච්ඡාවක් ඇති වී තිබෙන බව සමගි ජන බලවේගය පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 26 November 2022
මාර්ග කොන්ත්‍රාත්කරුවන් 400කගේ ’’හිඟ පොල්ල’’ කෝටි 7,000ට නගී මාර්ග ඉදිකිරීම් කටයුතුවලට සම්බන්ධවූ කොන්ත්‍රාත්කරුවන් හාර සීයකට ආසන්න පිරිසකට මාර්ග සංවර්ධන අධිකාරිය රුපියල් කෝටි 7000 ක මුදලක් මෙතෙක් ගෙවා නැතැයි වාර්තා වේ. 26 November 2022
බේරේ බෝට්ටුවට වැය කළ මුදලුත් බේරේ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව කොළඹ බේරේ වැවේ ක්‍රියාත්මක කළ බෝට්ටු සේවාවෙන් 2019 වර්ෂයේදී පාඩු ලබා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. 26 November 2022
සංස්කෘතික අරමුදලේ කෝටි දහසකට සිදුවුණේ කුමක් දැයි සොයන්න පරීක්ෂණයක් මධ්‍යම සංස්කෘතික අරමුදලේ 2015 - 2019 අතර කාලයේදී රුපියල් කෝටි දහසකට වැඩි මුදලක් වියදම් කිරීම සම්බන්ධයෙන් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා විශේෂ පරීක්ෂණයක් පවත්වන බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව ) තොරතුරු අනාවරණය විය. 26 November 2022
පළාත් කීපයකට සුළු වැසි තත්ත්වයක් ඌව පළාතේත්, හම්බන්තොට, අම්පාර සහ යාපනය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද (26) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 26 November 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026