(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මාලදිවයින සාගර කලාපයේ සිට මෙරට මුහුදු සීමාව ඔස්සේ යාත්‍රා කරමින් තිබූ ධීවර යාත්‍රාවක් සෝදිසි කර එම යාත්‍රාවේ තිබූ හෙරොයින් ග්‍රෑම් 926ක තොගයක් සමග ඉරාන ජාතිකයන් හය දෙනෙකු සහපකිස්ථාන ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.
එම ධීවර යාත්‍රාව ද පොලිස් බාරයට ගෙන ඇත.
ශ්‍රී ලංකා නාවික හමුදාව ලබා දුන් තොරතුරක් අනුව ගැඹුරු මුහුදේ සෝදිසි මෙහෙයුමක් සිදු කර මෙම විදේශිකයන් අට දෙනා හෙරොයින් සමග සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
පොලිස් භාරයට ගත් ධීවර යාත්‍රාව කොළඹ වරායේ රංගන ජැටිය වෙත රැගෙන ඇවිත් ඇත.
අත්අඩංගුවට ගත් විදේශීය ජාතිකයින් අට දෙනා ට රැඳවුම් නියෝග ලබා ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කටයුතු යොදා ගෙන යයි.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කණ්ඩායමක් සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මත්කුඩු සමග විදෙස් ජාතිකයන් අටක් මුහුද මැදදි අල්ලයි
mangala Thursday, 29 June 2023 01:13 PM
අනිවාර්යයෙන් ගෙනාපු තොගේ මුහුදට දාන්න ඇති. නැත්නම් ළඟපාත වෙන බෝට්ටුවක ඇති.