IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


රියදුරු බලපත්‍ර ලක්‍ෂ 8 ක් තවමත් කොට උඩ

(යොහාන් භාසුර)

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සතු රියදුරු බලපත්‍ර මුද්‍රණ යන්ත්‍රවල ධාරිතාව ප්‍රමාණවත් නොවීම නිසා රියදුරු බලපත්‍ර කාඩ් ලක්‍ෂ 8 කට වැඩි සංඛ්‍යාවක් නිකුත් කිරීම මාස ගණනක් ප්‍රමාද වී ඇති බවත් එම තත්වය හමුවේ මේ මස 19 වැනිදා සිට නිකුත් කළ තාවකාලික රියදුරු බලපත්‍රවල කාලය වසර දෙකක් දක්වා දීර්ඝ කළ බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසයි.

රියදුරු බලපත්‍ර මුද්‍රණ කරන නව යන්ත්‍ර මිලදී ගැනීමට රුපියල් කෝටි 20 ක් පමණ වියදමක් දැරීමට ප්‍රතිපාදන නොමැතිවීම නිසා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය භාරව සිටින සමාගමෙන් කාඩ් පත් මුද්‍රණ යන්ත්‍ර ලබාගෙන කාඩ් පතකට රුපියල් 150 ක පමණ මුදලක් ගෙවීමේ එකඟතාව මත කාඩ් මුද්‍රණය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින බව ද එම නිලධාරියා කීය.

මේ පිළිබඳව කළ විමසුමේදී මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසුවේ  රියදුරු බලපත්‍ර මුද්‍රණය කරන ආනයනික කාඩ් හිඟ හේතුවෙන් රියදුරු බලපත්‍ර ලක්ෂ 8 කට වැඩි ප්‍රමාණයක් මාස 6 කට වැඩි කාලයක සිට මුද්‍රණය කිරීමට නොහැකිව ඇති බවත් එම රියදුරු බලපත්‍ර කාඩ් පෞද්ගලික අංශයෙන් මුද්‍රණය කිරීමට තීරණය කර කැබිනට් මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කර ඇති බවත්ය.



අදහස් (0)

රියදුරු බලපත්‍ර ලක්‍ෂ 8 ක් තවමත් කොට උඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 544 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site