IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


‘‘ලොවට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් සකසනවා‘‘

(චාපා මධුභාෂිණී)

මෙරට අධ්‍යාපන පද්ධතිය නවීකරණය කර ලෝකයේ  ඉහළම අධ්‍යාපන සහිත රටක් බවට  මෙරට අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් ඇති කිරීමේ වගකීම රටේ ජනාධිපතිවරයා හැටියට මා පුද්ගලිකව භාරගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  මැදිරිගිරිය ජාතික පාසල් ශ්‍රවනාගාර පරිශ්‍රයේදී පැවැසීය.

සක්වල වැඩසටහන යටතේ මැදිරිගිරිය ජාතික පාසල වෙත බස් රථයක් ප්‍රදානය කිරීමේ අවස්ථාවකට ඒක්වෙමින් ඒ් මහතා එසේ කීය.

මගේ බස් රථ ව්‍යාපෘතියේ 72 බස් රථය තමයි මේ. සමහරු අහනවා මේ බස් රථ ලබා දීමේ වැඩපිළිවෙලෙන් වැඩක් තියෙනවද කියලා. ඒහෙම අහන අයට මම ආරාධනා කරනවා. පාසලේ දූ දරුවන් 3400 ඉන්නවා. ඕනනම් මේ දූ දරුවන්ගෙන් අහන්න බස් රථය ලබා දීම වැඩකට ඇති දෙයක්ද කියලා.

විදුහල්පතිවරයා කියනවා පසුගිය අවුරුද්දේ ප්‍රවාහන වියදම් වෙනුවෙන් ලක්ෂ 26 ක් මාපයන් සහ දරුවන් ඒ් බරපැන දරලා තියෙනවා කියලා. අද ඔබට ලැබෙන මේ බස් රථය රුපියල් ලක්ෂ 50 පමණ වටින බස් රථයක්. ගිය අවුරුද්දේ ලක්ෂ 26 අධ්‍යාපන චාරිකාවලට වැය වුනා නම් යමකුට තර්ක කරන්න පුළුවන් තවත් ලක්ෂ 24 ඒකතු කරගෙන බස් ඒකක්ම ගත්තනම් කොයිතරම් වැදගත්ද කියන කාරණාව.

නමුත් මම විශ්වාස කරන්නේ නිදහස් අධ්‍යපනය. නිදහස් අධ්‍යාපනය නමට පමණක් බෑ. ඒ් වගේම අධ්‍යාපන ක්ෂේත්‍රයේ කොළඹට කිරි ගමට කැකිරි වෙන්නත් බෑ. මුළු රටටම කිරි ඉතිරෙන්න ඕවේ. රටේම අධ්‍යපන ක්ෂෙත්‍රය සමානත්මතාවයක් තිබිය යුතුයි.

මේ බස් රථය ලබා දීම තුලින් සී.ඩබ්ලිව්. ඩබ්ලිව් කන්නන්ගර මහතා  නිදහස් අධ්‍යාපනය ශක්තිමත් වෙනවා වගේම කොළඹට කිරි ගමට කැකැරි සංකල්පය වෙනස් කරමින් කොළඹටත් නගරයටත් ගමටත් භේදයකින් තොරව ඒකහා සමානව සැලකීමේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනයාමක් විදිහටයි අපි ‌දකින්නේ.

 



අදහස් (2)

‘‘ලොවට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් සකසනවා‘‘

Chandra Thursday, 29 June 2023 09:49 PM

ෂා... මාර මොලේ...

:       0       0

පැරකුම් Friday, 30 June 2023 06:17 AM

හපොයි මෙයාගේ ජනාධිපති හීනය…!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 544 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site