IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


තරුණයෙක් පැහැරගෙන යමින් සිටි හමුදා සෙබළා අල්ලයි

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පොලිස් නිලධාරින් ලෙස පෙනී සිටිමින් 23 හැවිරිදි තරුණයෙකු ත්‍රිරෝද රථයක ගොඩ කරගෙන බලහත්කාරයෙන් පැහැරගෙන  යමින් සිටි බව කියන යුද හමුදා සෙබලෙක් සහ තවත්  පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි පිටකොටුව පොලීසිය පවසයි.

ඔවුන් විසින් පැහැරගෙන  යමින් සිටි බව කියන එම තරුණයා ද මුදා ගත් බව  උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

පැහැරගෙන යමින් සිටියදී මෙසේ මුදා ගෙන ඇත්තේ කොස්ගොඩ  ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

මෙම තරුණයා පිටකොටුව බැස්ටියන් මාවත ඔස්සේ පාගමනින් පෙරේදා සවස 3 තුනට පමණ ගමන් කරමින් සිටියදී දුම්රිය ගබඩා සංකීර්ණය ආසන්නයේ දී ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුතමන් පොලිස් නිලධාරීන් බව පවසා එම තරුණයාව නතර කරගෙන ඇතැයි පොලිසිය කියයි.

එම තරුණයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවත් ඔහු ළඟ මත්ද්‍රව්‍ය ඇත්දැයි පරික්ෂා කර බැලීමට පොලිසියට රැගෙන යෑමට අවශ්‍ය බවත් පවසා බලහත්කාරයෙන් ත්‍රිරෝද රථයට  දමාගෙන  පැහැර ගෙන යමින් සිට ඇතැයිද එම උසස් පොලිස් නිලධාරියා කීය.

බෝගහ අසල අසල රාජකාරියේ නිරතව සිටි පොලිස් කණ්ඩායමක් මෙම ත්‍රිරෝද රථය නතර කළ අවස්ථාවේත්‍රිරෝද රථය තුල සිටි තරුණයා තමන්ව මෙම පුද්ගලයින් දෙදෙනා විසින් පැහැරගෙන යන බව දැනුම් දී ඇත.

වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් එම මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන පැහැර ගෙන යමින් සිටි බව කියන තරුණයා ද මුදා ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබලා පනාගොඩ කඳවුරේ රාජකාරි කරන 38 හැවිරිදි අයෙකි.

තරුණයාව සැකකරුවන් විසින් පැහැරගෙන ගියේ කුමන අරමුණකින් දැයි යන්න ගැන කරුණු හෙළිකර ගැනීමට ද පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි

සෙබළා සමග අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයා කොළඹ 10,සංඝරාජ මාවතේ පදිංචි 28 හැවිරිදි අයෙකි

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් පිටකොටුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි

 

 



අදහස් (1)

තරුණයෙක් පැහැරගෙන යමින් සිටි හමුදා සෙබළා අල්ලයි

sam Thursday, 29 June 2023 10:17 AM

රජයේ මාධ්‍යයේ ටෙලිනාට්‍ය මගින් සමාජයට ලබාදෙන පණිවුඩ නිසා සමාජයේ ඕනෑම වැරදි ක්‍රියාවක් සිදුවීමට පුළුවන. පළමුව මාධ්‍ය ආයතන විකාශනය කරනාවූ දුෂිත ටෙලිනාට්‍ය නවත්වන්න නීති පනවන්න

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 544 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site