වැස්ස තවදුරටත් පවතී දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්වය තවදුරටත්ත පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 29 September 2023
ආසියා අනුශුරියෝ දිවයිනට චීනයේ හැංෂො හි පැවති 19 වන ආසියානු ක්‍රීඩා තරගාවලියේ දී කාන්තා ක්‍රිකට් අනුශූරතාවය දිනූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ . 29 September 2023
‘‘අයි.එම්.එෆ් දෙවන වාරිකය නතර කරලා‘‘ ආණ්ඩුවේ අධි දූෂණකාරී ප්‍රතිපත්ති පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කනස්සල්ලෙන් පසුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. 28 September 2023
කෝටි 3 ක කේරළ ගංජා කරෙයිනගර් දූපතෙන් අල්ලයි රුපියල් කෝටි 3 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝග්‍රෑම් 100 කට අධික තොගයක් සමඟ ඩිංගි යාත්‍රාවක් යාපනය කරෙයිනගර් දූපතේ පූමට්ටෙයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පැවසීය. 28 September 2023
ලංකාව වාසනාවන්ත නම් ආර්ථික වර්ධනය 3.5% ට නගීවි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරන ආකාරයට ලංකාව වාසනාවන්ත නම්, ඉදිරි වසර කිහිපය ඇතුලත 3.5% ක ආර්ථික වර්ධන වේගයක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනියේ බර්ලින් නුවර පැවැත්වෙන “බර්ලින් ග්ලෝබල්” සමුළුවේ පළමු දින රාජ්‍ය නායක සංවාදයේ සමාරම්භක දේශනය කරමින් අද (28) පැවසීය. 28 September 2023
කොළඹ - පේරාදෙණිය සරසවි ලෝක ලැයිස්තුවේ ඉදිරියේ ලොව වඩාත් කීර් තිමත් සහ පුළුල් විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම වන ‘ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම 2024’ දී කොළඹ විශ්වවිද්‍යාල සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලය ශ්‍රේණිගත කිරීමේ 1001 ත් 1200 ත් අතරට පැමිණ තිබේ. 28 September 2023
හිටපු ජනපති මහින්ද මකුලෑවේ විමල මහා නාහිමි බැහැ දකියි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද 28 පස්වරුවේ මීරිගම මිනිඔලුව මහ පිරිවෙනේදී මකුලෑවේ විමල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහා නාහිමියන් බැහැ දැක ආශීර්වාද ලබාගත්තේ ය. 28 September 2023
කොළඹ සරසවිය බෙහෙත් හදා පිළිකා අරමුදල තර කරයි කොළඹ විශ්ව විද්‍යාලය විසින් නිෂ්පාදනය කරන ලද ඖෂධ හා ආලේපන කිහිපයක් වෙනුවෙන් විශ්ව විද්‍යාලයට හිමි වූ කතෘභාගයෙන් කොටසක් විශ්ව විද්‍යාලය පිළිකා පිළිබඳ පර් යේෂණ අරමුදලට යොදවා තිබේ. 28 September 2023
ජ‘පුර සරසවිය හොදම සරසවි අතර තෙවැනි තැනට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ‘ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම 2024’ ශ්‍රී ලංකාවේ හොඳම තෙවැනි විශ්වවිද්‍යාලය ලෙස නම් කර තිබේ. 28 September 2023
අයි.එම්.එෆ් දෙවැනි වාරිකය ලැබුනාම අමාරු කාලය ඉවරයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගැනීමේ සාකච්ඡා ධනාත්මක මට්ටමක පවතින බවත්, රජය දැනට සිදුකර තිබෙන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇගයීමට ලක්ව තිබෙන බවත් වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. 28 September 2023
ධනුෂ්කට ක්‍රිකට් ආයතනයෙන් පරීක්ෂණයක් ධනුෂ්ක ගුණතිලක, ඕස්ටේ්රලියානු අධිකරණයේ ගොනුකර තිබූ චෝදනාවලින් නිදහස් වුවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහු සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් අද (28) පස්වරුවේ පැවසීය. 28 September 2023
කුණු මාළු කන්ටේනර් 102ක් රේගුවෙන් මුදාහැරලා කොළඹ වරායට පැමිණි නැවක තිබූ පලුදුවූ දුගද හමන ආහාරයට නුසුදුසු ලෙඩ රෝග සෑදෙන සුළු ටූනා මාළු වර්ග අඩංගු කන්ටේනර් 102ක් ප්‍රතිඅපනයනය කරන ලෙස නැව් නියෝජිත ආයතනයට දැනුම් නොදී ඊට පටහැනි ලෙස ශ්‍රී ලංකා රේගුව එම පාවිච්චියට නුසුදුසු මාළු තොගය රට තුළට නිදහස් කිරීමට කටයුතු කර තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 28 September 2023
තිරසර සංවර්ධන ඉලක්ක සපුරන්න සංසදයක් රැස්වෙයි ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා අන්තර්ගත සහ තිරසාර ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමේ සංසදයක් කොළඹ දී පැවැත්විණි. 28 September 2023
කොළඹ අනවසර පදිංචිකරුවන්ට දුම්රියෙන් මහල් නිවාස 100ක් කැලණිවැලි දුම්රිය මාර්ගයේ රක්ෂිත තුළ සීවලීපුර සිට කිරුළපන දක්වා කොටසේ පදිංචි අනවසර පදිංචිකරුවන් 100 කට මහල් නිවාස පිරිනමයි. 28 September 2023
ත්‍රස්ත පනත, සමාජ මාධ්‍ය නියාමන පනත 3වැනිදා පාර්ලිමේන්තුවට ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා විධිවිධාන ඇතුළත් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ සමාජ මාධ්‍ය නියාමනය සඳහා විධිවිධාන ඇතුළත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත ලබන මස 3 වැනිදා අඟහරුවාදා පළමු වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. 28 September 2023
රජය ජනතාවගේ භාෂණය මර්දනයක රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට අවශ්‍ය යැයි කියමින් රජය ජනතාවගේ භාෂණයේ නිදහස ඇතුළු ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් කප්පාදු කරමින් සිටින බව සමගි ජන බලවේගයේ කොළඹ පුරපති අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවැසීය. 28 September 2023
ප්‍රා.ලේ. කොට්ඨාස 29කට නායයෑමේ අවදානමක් වැසි සහිත කාලගුණය පිළිබඳව අවදානය යොමු කර දිස්ත්‍රික්ක 7 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 29 කට නායයෑමේ අනතුරු ඇඟවීම් අද (28) නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 28 September 2023
කෝටි දෙලක්ෂයක රන් කටුනායකදී මාට්ටු රුපියල් එක් කෝටි දෙලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ තොගයක් ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ව්‍යාපාරික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළ සියලු පරීක්ෂණ නිමවා, පිටතට යමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (28) අලුයම අත් අඩංගුවට ගෙන තිබේ. 28 September 2023
දුම්රිය සේවක යහ සාධක සංගමයේ විගණන වාර්තාව සාමාජිකයෝ ඉල්ලති ලංකා දුම්රිය සේවක යහ සාධක සංගමයේ වී ඇතැයි කියන අයතා මූල්‍ය ගණුදෙනු සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විගණන අංශයෙන් පැවැත්වූ විගණනයේ වාර්තාව වාහාම ප්‍රසිද්ධ කරන ලෙස එම සංගමයේ සාමාජිකයෝ ඉල්ලා සිටිති. 28 September 2023
අධ්‍යාපන විශේෂඥයන්ගෙන් ජනපතිට අනතුරු ඇඟවීමක් අපොස උසස්පෙල විභාගය කල් දැමුව හොත් දේශීය මෙන්ම විදේශීය උපාධි පාඨමාලා සඳහා බඳවා ගැනෙන වයස් සීමාව ඉක්ම ගොස් ශ්‍රී ලාංකික අධ්‍යාපනයේ දිගුකාලීන අර්බුදයක් ඇති විය හැකි බව අධ්‍යාපන විශේෂඥයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබේ. 28 September 2023
තවත් අලි පැටවෙක් දුම්රියට බිළි: කෙනෙරට අසාද්යයි කොළඹ මඩකලපුව දුම්රිය මාර්ගයේ හබරණ පලුගස්වැව ප්‍රදේශයේ දී වනඅලි මවක හා පැටවකු ඊයේ රාත්‍රිෙය් දුම්රියේ ගැටීමෙන් අනතුරට පත්ව තිබේ. 28 September 2023
වැස්සෙන් මාතරට බර හානි නොකඩවා ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අද (28) වන විට මාතර දිස්ත්‍රික්කයේ ජන ජීවිතයට දැඩි බාධා එල්ල වී තිබුණි. 28 September 2023
කොටි සැඟ වූ ආයුධ සහ රන් සොයා දින 3ක් මෙහෙයුම් මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේදී හිටපු කොටි ත්‍රස්ත සාමාජිකයෙකුගේ තොරතුරකට අනුව ආයුධ සහ රත්‍රං සොයා දින 03ක් පුරා සිදුකරන ලද කැනීම්වලදී මෙතෙක් කිසිවක් හමු නොවූ බවට මුලතිව් පොලීසිය පවසයි. 28 September 2023
කෝටියක අයිස් සමග පුද්ගලයෙක් මාට්ටු රුපියල් කෝටියකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයකු දෙහිවල පඤ්ඤාලෝක මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි 28 September 2023
ගොඩගම - කහව ලොරියක් දුම්රිය හැපී අයෙක් මරුට බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනය වූ සාගරිකා සීඝ්‍රගාමී දුම්රියේ අපද්‍රව්‍ය ප්‍රවාහනය කරන ලොරි රථයක් ගොඩගම, කහව අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී ගැටීමෙන් පුද්ගලයෙක් එම ස්ථානයේදීම මියගොස් ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 28 September 2023
මංකොල්ලයකට සම්බන්ධ කතක් ඇතුළු හතරක් මාට්ටු නිට්ටඹුව ප්‍රදේශයේදී පුද්ගලයකු පැහැරගෙන ගොස් ඔහු සතු මුදල් කොල්ලකෑ බව කියන පුද්ගලයන් සිව් දෙනකු සහ කාන්තාවක් අත් අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සදහන් කරයි. 28 September 2023
සේවක සහ ගුවන් යානා හිඟයෙන් ගුවන් ගමන්වලට බාධා ශ්‍රී ලන්කන් ගුවන් යානා දිගින් දිගටම ප්‍රමාද වීමට ප්‍රධානතම හේතුව ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු ගුවන් යානා සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම බව එම ගුවන් සේවයේ ප්‍රකාශකවරයෙක් පැවසීය . 28 September 2023
තැනින් තැනට සුළු ගංවතුර තත්ත්වයක් රට පුරා පවතින තද වර්ෂාව නිසා මේ වන විට ඇළදොල ගංගා පිටාර මට්ටමට පැමිණ සුළු ගංවතුර තත්ත්වයක පත්ව ඇතැයි ආපදා කළමානාකරණ මධ්‍යස්ථානය කියයි. 28 September 2023
ආරච්චිකට්ටුවේ දී ත්‍රිරෝදයක් දුම්රියක ගැටෙයි කොළඹ කොටුවේ සිට පුත්තලම බලා ධාවනය වෙමින් තිබූ දුම්රියකට අද 29 උදෑසන හතයි තිහට පමණ ආරච්චිකට්ටුව දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ කදී ත්‍රීරෝද රථයක් ගැටීම නිසා එම තිරෝද රථය පදවාගෙන ගිය පලා වෙළෙන්දකු එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි ආරච්චිකට්ටුව පොලිසිය කියයි. 28 September 2023
කසිප්පු මුදලාලිගේ පාටියට ගිය පි.සී ගුටි කා රෝහලේ කුරුණෑගල දිසාවේ කසිප්පු ජාවාරම් කරුවකු බව කියන පුද්ගලයකු ගේ නිවසේ පැවැති සාදයකට සහභාගි වී නිවස බලා යන අතර වාරයේ තරුණ තරුණ පිරිසකගේ පහර කෑ පොලිස් සැරයන්වරයකු ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි. 28 September 2023
තමිල්නාඩු - බෙංගාල මැතිවරණ ආරම්භ වෙයි තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණය සහ බටහිර බෙංගාල ප්‍රාන්ත සභා මැතිවරණය අද (23) ආරම්භ විය. තමිල්නාඩුව මෙන්ම බටහිර බෙංගාලය ද ඉන්දියාවේ ප්‍රධාන ප්‍රාන්ත දෙකක් වන අතර මේ වනවිට එම ප්‍රාන්තවල බලය ඇ.. 23 April 2026