සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 7ක අතිරික්තයක් මෙරට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ හතක අතිරික්තයක් පවතින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. 27 September 2023
මුතුරාජවෙල ගොඩ කිරීම තාවකාලිකව අත්හිටුවයි? ජා ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි පිහිටි මුතුරාජවෙල ගොඩ කිරීමට පහත් බිම් ගොඩකිරීමේ සංස්ථාව ගෙන ඇති තීරණයට විසදුමක් ලබා දෙනතුරු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගතයුතු බවට අද පැවති ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී තීරණය කෙරිණි. 27 September 2023
මුතුහෙට්ටිගමට ඇප රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වු නිශාන්ත මුතුහෙට්ටිගම මහතා රුපියල් පනස් දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පනහ බැගින් ශරිර ඇප දෙකක් මත මුදා හැරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද(27) නියෝග කලේය. 27 September 2023
ජනපති ඇතුළු 12ක් ජර්මනියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජර්මනියේ පැවැත්වෙන ’’ බර්ලින් ගෝලීය සැසි වාරයට ’’ සහභාගී වීම සදහා කටුනායක ගුවන් තොටුපොළෙන් අද (27) අලුයම පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය . 27 September 2023
කෝටි 12ක රන් රේගුවෙන් පන්නන්න බැරිවෙයි ස්වර්ණාභරණ සහ රන් බිස්කට් තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස රැගෙන ආ කාන්තාවන් සිව් දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු අද(27) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 27 September 2023
අද සිට තද වැසි අද සහ ඉදිරි දින කිහිපයේදී දිවයියේ නිරිතදිග ප්‍රදේශවල වැස්ස තරමක වැඩිවීමක් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 27 September 2023
ඉරාකයේ මංගල උත්සවයක ගින්නෙන් 113 ක් මරුට උතුරුදිග ඉරාකයේ, නිනෙවේ පළාතේ, මංගල උත්සවයක් අතරතුරේ මංගල උත්සව ශාලාවක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් මියගිය ගණන 113 ක් බවත් 150 දෙනකු තුවාල ලැබූ බවත් ඉරාක මාධ්‍ය වාර්තා කරයි. 27 September 2023
තියුණු ආයුධ සමඟ කොල්ල කල්ලියක් අල්ලයි තියුණු ආයුධ රැගෙන ත්‍රි රෝද රථයකින් ගොස් කොල්ලකෑමට තැත් කළ තිදෙනෙකුගෙන් යුත් සංවිධානාත්මක කල්ලියක් අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 27 September 2023
කොල්ලුපිටියේදී දුම්රියක් පීලිපනී වෙරළබඩ දුම්රිය මාර්ගයේ කොල්ලුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (27) පෙරවරුවේ දුම්රියක් පීලි පැනීමට ලක්වීමෙන් දුම්රිය ධාවනයට බාධා ඇති වී තිබෙන බවත් ඒ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇති බවත් දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය. 27 September 2023
සෞදියේදී ඇණ ගිල්වීමේ සිද්ධිය ගැන විශේෂ පරීක්ෂණයක් සෞදි අරාබියේ ගෘහ සේවයේ නිරතව සිටියදී ශ්‍රී ලාංකික කාන්තාවකට ඇණ ගිල්ලවුයේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, සාමාන්‍යාධිකාරී සෙනරත් යාපා මහතා පැවසීය. 26 September 2023
කැනඩා අගමැති අභූත චෝදනා නගනවා ත්රස්තවාදීන්ට කැනඩාව ආරක්ෂිත නවාතැනක් වී ඇති බවත් කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ කිසිදු සාක්ෂියක් නොමැතිව අභූත චෝදනා ඉදිරිපත් කරන බවත් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ප්‍රකාශ කර ඇතැයි එන්.ඩී ටිවි පුවත් සේවය වාර්තා කර ඇත. 26 September 2023
කාර්ය මණ්ඩල ගිවිසුම තව දින කිහිපයකින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාව අතර කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම ඉදිරි දින කිහිපය ඇතුලත අත්සන් කිරීමට නියමිත බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය. 26 September 2023
බුලත්සිංහලදි තරුණයෙක් දියේ ගිලී මරුට බුලත්සිංහල හල්වතුර ප්‍රදේශයේ දොළ මාර්ගයක අද (26) සවස දියනෑමට ගිය තරුණ පිරිසක් අතරින් එක් අයෙකු දියේ ගිලී මියගොස් ඇති බව බුලත්සිංහල පොලිසිය පවසයි . 26 September 2023
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානයට යයි ඉන්දියාවේදී ලබන ඔක්තෝබර් මස 5 වනිදා ආරම්භ වන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන දසුන් ශානකගේ නායකත්යෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (26) රාත්‍රී ඉන්දියාව බලා පිටත්ව ගියේය. 26 September 2023
හෙදියගේ පර් ස් එක ඉස්සූ හෙදිය රජ ගේමක් දීලා පානදුර මූලික රෝහලේ හෙදියකගේ මුදල් පසුම්බියක් සොරකම් කල එම රෝහලේම හෙදියක ඊයේ (26) දා අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි . 26 September 2023
ඉලක්කගත දේශීය ආදායම එකතු කරගන්න බැරිවෙලා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු රටට බදු ආදායම් උපයා දෙන ආයතන අධීක්ෂණය කිරීම සදහා විශේෂ ඒකකයක් ස්ථාපිත කළ යුතු බව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් කටයුතු ක්‍රියාත්මක කිරීමේ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 26 September 2023
වෙඩි පුහුණු පිටියේ පිපිරීමකින් ගුවන් භටයා මරුට කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා වෙඩි පුහුණු කදවුරේ 26 දින සැන්දෑවේ ඇතිවූ පිපිරීමකින් ගුවන් භටයකු මිය ගොස් ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි. 26 September 2023
වසර තුනකට පසුව ශ්‍රී ලංකාවට සංචාරකයන් මිලියනයක් ශ්‍රී ලංකාවට මෙම වසරේ ජනවාරි මාසයේ සිට අද (26) දක්වා පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව මිලියනයක් (දස ලක්ෂය) සටහන් කරමින් රුසියානු ජාතිකයෙකු ඇතුළු ඔහුගේ පවුලේ සියලු දෙනා කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (26) පස්වරුවේ පැමිණියහ. 26 September 2023
දුම්රිය සේවකයන්ට බාධා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට මරදාන දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් පරික්ෂා කරමින් සිටී දුම්රිය සේවකයන්ගේ රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු භාරයට ගෙන මරදාන පොලීසියට භාරදුන් බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය. 26 September 2023
අල්ලස් සිද්ධියට සුරාබදු 4කගේ වැඩ තහනම් බීඩි නිෂ්පාදකයකුට පහරදී අල්ලස් ගැනීමට උත්සහ දැරීමේ සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගත් තංගල්ල සුරාබදු ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් සිවුදෙනාගේ වැඩ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් තහනම් කරනු ලැබීය 26 September 2023
කලවානේ සිසුවෙක් ඉස්කෝලේ කසිප්පු විකුණලා කලවාන ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක සිසුවකු පාසල තුළ කසිප්පු අළෙවි කරමින් සිටියදි විද්‍යාලයේ ගුරුවරියකට හසු වීමෙන් පසු සිසුවා කලවාන පොලිසියට යොමු කර ඇති බව කලවාන පොලිසිය පැවසීය. 26 September 2023
අපේ රජයක් යටතේ අයි.එම්.එෆ් නැවත සංශෝධනය කරනවා තම රජයක් යටතේ අයි. එම්. එෆ්. ගිවිසුම නැවත සංශෝධනය කරන බව - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. 26 September 2023
වසර 8කට පෙර බිරිය මැරුවාට සැමියාට මරණ දඩුවම වසර අටකට පෙර තම බිරිදට තියුණු ආයුධයකින් ඇණ ඝාතනය කිරීමේ චෝදනාව ලබා සිටි සැමියකුට එල්වි තිබු චෝදනා සම්බන්ධයෙන් වරදකරු ලෙස ප්‍රකාශයට පත් කළ පූර් වගාමී මහාධිකරණ විනිසුරු නයෝමී තමරා වික්‍රමසේකර මහත්මිය අදාල විත්තිකරුට මරණ දණ්ඩනය නියම කිරීම පුත්තලම මහ අධිකරණයෙදි අද (26) දින නියෝග කෙරුණි. 26 September 2023
තිලීපන් සමරුමට තහනම් නියෝගයක් එල් ටී ටී ඊ සංවිධානයේ දේශපාලන අංශයේ ප්‍රබල සාමාජිකයකු ව සිටි තිලීපන් නැමැත්තා සිහිකරමින් ත්‍රිකුණාමලය වරාය පොලිස් වසමේ කූලකොට්ටන් ශාලාව, ගාන්ධි වටරවුම, හා ත්රිකූණාමලය පොලිස් වසම තුළ අද (26) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබු සැමරුම් උත්සවයක් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණව විසින් තහනම් කරමින් නියෝගයක් ලබා දී ඇති බව පොලිස් මුලස්ථානය පවසයි. 26 September 2023
මැලේසියාවේ ත්‍රිත්ව ඝාතනයට සැකකරුවෝ බාර වෙති මැලේසියාවේ සෙන්තුල්හි සිදු වූ ත්‍රිත්ව ඝාතනයට සම්බන්ධ යැයි සැක කෙරෙන සැකකරුවන් දෙදෙනෙකු ක්වාලාලාම්පුර් පොලිසි යට බාර වී ඇති බවත් එම සැකකරුවන් දෙදෙනා ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු බවත් එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කර ඇත. 26 September 2023
පොලිසියට කරාටි පෙන්නූ හැටදෙකේ කත අත්අඩංගුවට දේපල සොරා ගැනීමට සහ දේපළවලට අනර්ථයක් සිදු කිරීමට අදාළ පැමිණිල්ලක් විභාග කිරීමට තංගල්ල ගොයම්බොක්ක ප්‍රදේශයට ඊයේ (25) ගිය පොලිස් නිලධාරීන්ට අතින් පයින් පහර දි ඇති 62 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව තංගල්ල පොලීසිය පවසයි. 26 September 2023
ස්පා නියාමනයට නව නීති මාලාවක් රටපුරා තිබෙන සියලුම සම්භාහන මධ්‍යස්ථාන (ස්පා) නියාමනය කර ඒවා පවත්වාගෙන යාමට නව නීති මාලාවක් හඳුන්වාදීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කටයුතු කරමින් සිටියි. 26 September 2023
සතොස සේවකයෝ සත්‍යග්‍රහයක සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව (සතොස) ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ එහි සියලුම සේවකයන් මේ මස 30 වැනිදා සිට අනිවාර්ය නිවාඩු යැවීමට විරෝධය දක්වමින් එහි සේවකයෝ කොල්ලුපිටියේ පිහිටි වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යංශය පරිශ්‍රය තුළ සත්‍යග්‍රහයක් අද (26) ආරම්භ කළහ. 26 September 2023
දයාසිරිගේ වාරණය අත්හිටුවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කඩ කළැයි චෝදනා කරමින් එහි මහලේකම් දයාසිරි ජයසේකර මහතාට එරෙහිව විනය පියවර ගන්නා බව දැනුම් දෙමින් නිකුත් කළ ලිපිය අනුව කටයුතු කිරීමෙන් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පක්ෂයේ වැඩබලන ලේකම්වරයා වළකාලමින් නිකුත් කොට තිබු වාරණ නියෝගය අත් හිටුවීමට කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා අද(26) නියම කළේය. 26 September 2023
ප්රතිසන්ධාන කාර්යාල ගැසට්ටුව එයි ජාතික සමගිය සහ ප්රතිසන්ධානය සඳහා වන කාර්යාලය පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පත පිළිබඳ ගැසට් නිවේදනය පසුගියදා නිකුත් කරනු ලැබීය. 26 September 2023
තමිල්නාඩු - බෙංගාල මැතිවරණ ආරම්භ වෙයි තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණය සහ බටහිර බෙංගාල ප්‍රාන්ත සභා මැතිවරණය අද (23) ආරම්භ විය. තමිල්නාඩුව මෙන්ම බටහිර බෙංගාලය ද ඉන්දියාවේ ප්‍රධාන ප්‍රාන්ත දෙකක් වන අතර මේ වනවිට එම ප්‍රාන්තවල බලය ඇ.. 23 April 2026