බංග්ලාදේශය පුහුණු තරගයෙන් ජයගනී ඉන්දියාවේදී ලැබන ඔක්තෝබර් මස 5 වැනිදා ආරම්භ වන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංක පිල ගුවහාටිහිදී අද (29) සහභාගි වූ පළමු පුහුණු තරගයේදී බංගග්ලාදේශය හමුවේ කඩුලු 7 කින් පරාජය විය. 29 September 2023
මහින්ද කැලණිය වැඳපුදා ගනී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද දහවල් කැලණිය රජමහා විහාරයට ගොස් වැඳපුදා ගත්තේය. 29 September 2023
නොවැම්බරයේ ලයිට් බිලට වෙන දේ චම්පික කියයි විදුලි බල මණ්ඩලය කෑලි 15 කඩා ප්‍රතිව්‍යුහගත කර එළඹෙන නොවැම්බර් මාසයේදී සියයට 22 කින් විදුලි බිල නැංවීමට කටයුතු කරමින් සිටින බව, එක්සත් ජනරජ පෙරමුණේ නායක,කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය. 29 September 2023
කොස්තාපල්ව හැප්පූ හිටපු නාගරික මන්ත්‍රී අත්අඩංගුවට මොරටුව එක්සත් ජාතික පක්ෂ හිටපු නාගරික මන්ත්‍රීවරයකු පැදවූ මෝටර් රථයේ ගැටී පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබා අද (29) රෝහල් ගත කර ඇතැයි ගල්කිස්ස පොලිසිය පවසයි. 29 September 2023
14 හැවිරිදි ළමයෙක් කොග්ගල මෝයකටේ ගිලි අතුරුදහන් වරකාපොල සිට විනෝද චාරිකාවක් පැමිණ කොග්ගල මෝය කට අසල මුහුදේ දිය නාමින් සිටි 14 හැවිරිදි පිරිමි ළමයෙකු අද සවස මුහුදේ ගිලි අතුරුදහන්ව ඇතැයි හබරාදුව පොලිසිය පවසයි. 29 September 2023
කෙසෙල් සමග කුඩු බෙදයි කලුතර බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවන් දෙදෙනෙක් බැලීමට පැමිණි පුද්ගලයෙක් සැකකරුවන්ට දීමට රැගෙනආ කෙසෙල් ඇවරියක කෙසෙල් ගෙඩිවල අඟල් 3 සහ 4 ප්‍රමාණයේ බීම බට 16 ක තිබී හෙරොයින් යැයි සැකකළ හැකි මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා අද (29) පැවසීය. 29 September 2023
ජනපති සහ කසකස්ථාන ජනපති අතර හමුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ කසකස්ථාන ජනාධිපති කසීම් ජෝමාර්ට් ටොකයෙව් (Kassym-Jomart Tokayev) මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා බර්ලින් නුවරදී සිදු විය. 29 September 2023
මල් කැකුළක් වැනසූ සිවිල් ආරක්ෂක හිටපු උප ලේකම් අත්අඩංගුවට අවුරුදු හයක් වයස පාසල් දැරියකට ලිංගික අතවරයක් සිදු කළේ යැයි කියන මාවතගම පොලිස් වසමේ පිහිටි සිවිල් ආරක්ෂක කමිටුවක හිටපු උප ලේකම්වරයෙකු මාවතගම පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (29) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 29 September 2023
ලබන වසර විසර්ජනයේ වැඩිම මුදල ජාතික ආරක්ෂාවට ලබන වසරේ රජයේ වියදම් සඳහා ඉදිරිපත් කෙරෙන අයවැය විසර්ජන පනත් කෙටුම්පතේ වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් වන අතර එම මුදල රුපියල් කෝටි 42271කි. 29 September 2023
ජනපති යුරෝපා කවුන්සිලයේ සභාපති හමුවෙයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ යුරෝපා කවුන්සිලයේ සභාපති චාර්ල්ස් මිචෙල් (Charles Michel) මහතා අතර නිල හමුව බර්ලින් නුවරදී සිදු විය. 29 September 2023
විශේෂ විදුලි ගාස්තු ඉහළ දැමීමට මහජන අදහස් විමසයි ලංකා විදුලිබල මණ්ඩලය ලබන ඔක්තෝබර් මස සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති අති විශේෂ විදුලි ගාස්තු ඉහළ දැමීම පිළිබඳ ලිඛිත අදහස් ඔක්ටෝබර් මස 18 වැනිදා දක්වා භාරගන්නා බවත් වාචික අදහස් විමසීම ඔක්ටෝබර් මස 18 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වෙන සමුළුවේදී ගන්නා බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පැවසීය. 29 September 2023
මහාචාර්ය සේනක බිබිලේ සමරති ජාතික ඖෂධ ප්‍රතිපත්තිය හඳුන්වා දුන් මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ 46 වන ගුණ සැමරු උත්සවය කොළඹ ටොරින්ටන්හි පිහිටි ඒ මහතාගේ ස්මාරකය අසළදී අද (29) පෙරවරුවේ පැවැත්විණි. 29 September 2023
කෙලී ආරක්ෂිතව ගෙන්වා ගන්නවා මාස 13 ක් තිස්සේ ශ්‍රී ලංකාවේ සිරවී සිටින බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් වන 35 හැවිරිදි කෙලී ෆ්රේසර් නැවත ආරක්ෂිතව එක්සත් රාජධානියට ගෙන්වා ගැනීම සඳහා එරට පාර්ලිමේන්තු මන්ත්‍රිනී වෙන්ඩි චෙම්බර්ලින් බ්‍රිතාන්‍ය විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් අද(29) මුණගැසීමට නියමිතව තිබූ බව ඩේලි මේල් වෙබ් අඩවිය වාර්තා කර ඇත. 29 September 2023
හරක්කටා පැන්නන සැලසුම් කළ දුරකථන කඩවත කසළ ගොඩක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා සිටින ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා පැන්නිමේ අසාර්ථක මෙහෙයුමේ දී කොස්තාපල්වරයා පරිහරණය කළ ජංගම දුරකථනය සහ මෝටර් රථය පැදවූ සැකකාර රියැදුරු පරිහරණය කළ ජංගම දුරකථනය කඩවත ශ්‍රමදාන මාවතේ හෝටලයක් ඉදිරිපිට කසළ ගොඩක පුළුස්සා තිබියදී අද (29) සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි 29 September 2023
පාකිස්ථානයේ පිපිරීමකින් 52 ක් මරුට පාකිස්තානයේ සිදු වූ පිපිරීමකින් 52 දෙදෙනකු මිය ගොස් තවත් 130 දෙනෙකු තුවාල ලබා ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර ඇත. 29 September 2023
ආබාධිතයන් සඳහා වෙනම පාර්ලිමේන්තු සංසදයක් මෙරට ආබාධිත සහිත තැනැත්තන් වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා විශේෂ පාර්ලිමේන්තු සංසදයක් ( parliamentary coucus for tha lnclution of persons with Disabilities- PClOD) පසුගියදා පිහිටවනු ලැබීය. 29 September 2023
ජනපති සහ ජර්මාන් චාන්සලර් හමු වෙති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජර්මානු චාන්සලර් ඕලාෆ් ස්කොල්ස් (Olaf Scholz) මහතා අතර නිල හමුව බර්ලින් නුවරදී සිදු විය. 29 September 2023
පේරාදෙණියට නරක් වෙන්න ළඟ බෙහෙත් 12ක් යවලා කල් ඉකුත්වීමට ආසන්නව තිබූ ඖෂධ වර්ග 12 ක් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී පේරාදෙණිය ශික්ෂණ රෝහලට වෛද්‍ය සැපයීම් අංශයෙන් ලබාදී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 29 September 2023
විදුලිබිල නැවත වැඩි කරන්න ඉල්ලයි විදුලි මිල ඉහළ දැමීමට අවසර දෙන්නැයි ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් නැවත වරක් ඉල්ලීමක් කර ඇත. 29 September 2023
කලවාන අයගම මාර්ගයේ ගමනාගමනය නවතියි කලවාන - අයගම ප්‍රධාන මාර්ගයට අද (29) ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමනය මීපාගම ප්‍රදේශයෙන් සම්පුර්ණයෙන් අවහිරවී ඇත. 29 September 2023
රාජකාරී පීඩනයෙන් මුලතිව් දිසා විනිසුරු ඉල්ලා අස්වෙයි මුලතිව් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ටී.සරවනරාජා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත යොමුකර තිබේ. 29 September 2023
රටට ගැලපෙන අලුත් හරක් සහ එළුවෝ එති කිරි හා මස් නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා රටට ගැළපෙන ගව හා එළු විශේෂ දෙකක් හඳුන්වා දීමට පර්යේෂණ අරඹන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය. 29 September 2023
උඩරට දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටෙයි උඩරට දුම්රිය මාර්ගයට පට්ටිපොල දුම්රිය ස්ථානය ආසන්න ප්‍රදේශයේදී විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමනාගමනයට අද (29) උදෑසන බාධා එල්ල වී පැවැති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි. 29 September 2023
සොරා පිටුපස හඹාගිය පෙදරේරුවාට පිහි පහර ජංගම දුරකථනය සොරාගත් සොරුන් දෙදෙනා පසුපස හඹා ගිය පෙදරේරුවෙක් සොරෙකුගේ පිහි ඇනුමකින් මියගොස් ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි 29 September 2023
ලංකා විදුලි පෞද්ගලික සමාගමේ විදුලි බිලට අලුත් බද්දක් ලංකා විදුලි පෞද්ගලික සමාගමේ විදුලි බිලට මේ මාසයේ සිට සියයට 2.5 ක සමාජ ආරක්ෂණ බද්දක් එක්කරන බව එම සමාගම පවසයි. 29 September 2023
අත්තනගලුඔයේ ජල මට්ටම ඉහළට දින කිහිපයක් පුරා ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම අද (29) උදෑසන 6 වනවිට, දූනමලේ ජල මාපකයෙහි මීටර් 4 දශම 22 ක් වශයෙන් සදහන්ව තිබූ බව ගම්පහ වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය සදහන් කරයි. 29 September 2023
පියා මරා දියණිය සමඟ පැන ගිය අයෙක් සොයයි මිනුවන්ගොඩ අලුතපොල ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි 74 හැවිරිදි පුද්ගලයකුට පොල්ලකින් ගසා මරා දමා ඔහුගේ දියණිය කැටිව පළා ගිය අයෙකු අත්අඩංගුවට ගැනීමට මිනුවන්ගොඩ පොලීසියේ අපරාධ විමර්ශන අංශය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි. 29 September 2023
විරෝධය වහ ගන්න කැලෑ නීතිය ගෙනත් සිවිල් ගුවන් සේවා අධිකාරියට එරෙහිව විරෝදතාවක් පවත්වද්දී එයි නිලධාරියකුගේ වාහනයකින් එම උද්ඝෝෂකයන් හප්පා අනතුරුක් කිරීමට උත්සහ කළැයි කියමින් කටුනායක පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇතැයි පොලිසිය කියයි. 29 September 2023
කන්න රැස්වීමට නිලධාරීන් නෑ:ඇමති රොෂාන්ගෙන් දොස් වසරකට දෙවරක් පමණක් රැස්වන කන්න මාස් කන්න රැස්වීමට වගකිවයුතු රජයේ නිලධාරීන් සහභාගී නොවීම සම්බන්ධයෙන් ක්‍රීඩා හා වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ දැඩි අප්‍රසාදය එල්ල කළේය. 29 September 2023
නැති වූ ගිනි අවිය පොලිසියේ කුණුගොඩ අසල කොටහේන පොලිසියේ අතුරුදන්වූ පිස්තෝල ගිනිඅවිය කැලිකසල බහාලන බඳුනක් අසල තිබියදී හමුවූ බව කොටහේන පොලීසිය කියයි. 29 September 2023
තමිල්නාඩු - බෙංගාල මැතිවරණ ආරම්භ වෙයි තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණය සහ බටහිර බෙංගාල ප්‍රාන්ත සභා මැතිවරණය අද (23) ආරම්භ විය. තමිල්නාඩුව මෙන්ම බටහිර බෙංගාලය ද ඉන්දියාවේ ප්‍රධාන ප්‍රාන්ත දෙකක් වන අතර මේ වනවිට එම ප්‍රාන්තවල බලය ඇ.. 23 April 2026