(රෝහණ සමරවීර)

මැර කණ්ඩායමක්  ඇඹිලිපිටියේ තරුණයකු පැහැරගෙන කැලෑ ප‍්‍රදේශයක රදවාගෙන තියුණු අයුදවලින් පහර දෙද්දී කුට්ටිගල හා ඇඹිලිපිටිය පොලිසිය ඒකාබද්ධව කචිචිගල ප‍්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකදී හේතුවෙන් එම තරුණයාගේ ජීවිතය බේරා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

තුවාලකරු රෝහල ගත කළ බව ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසිය කියයි.

ඇඹිලිපිටිය කිරුලවැල්කටුව ප‍්‍රදේශයේ පදිංචි  අවිනාමත තරුණයකු මෙසේ පහර කෑමට ලක්ව ඇතැයි ද පොලිසිය කියයි.

පොලිසිය එම ස්ථානය වටලන ව්ට අපරාධකරුවන්  වෑන් රථයකින් පළාගොස් ඇති අතර එක් සැකකරුවකු මහත් පරිශ‍්‍රමයක් යොදා අත් අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.

එම අපරාධය සිදු කරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන පෙළක් සැකකරුවන්  මුහුණු පොතට මුදා හැරීමට හේතුවෙන් සැකකරුවන් හදුනා ගැනීම පහසුවී ඇතැයි පොලිසිය පවසයි.