(සුජිත් හේවාජුලිගේ)
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්සංක බන්දුල කරුණාරත්න මහතාට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චකාරවරයකු ලෙසට උසස් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කර ඇති නිර්දේශය ආණ්ඩුකම ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කර ඇත.
ජනාධිපතිවරයාගේ නිර්දේශය ප්‍රතික්ෂේප කිරීමට හේතු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිස්සංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයකු ලෙස උසස් කරන ලෙසට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කරනු ලැබුවේ ඉකුත් සතියේදීය.
මෙම නිර්දේශය සලකා බැලීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පසුගිය 30 වැනිදා රැස්විය.
මෙම රැස්වීමේදී අගමැතිවරයා, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් යන මහත්වරුන් ජනාධිපතිවරයාගේ නිර්දේශය අනුමත කර ඇතත් බහුතර සාමාජිකයන් එම තීරණය ප්‍රතික්ෂේප කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.
ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදංචිය අත්හිටුවමින් එවකට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පත් කරනු ලැබූ අතුරු පාලක කමිටුව සහ ඊට අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් පසුගිය නොවැම්බර් මස 7 වැනිදා අතුරු තහනම් නියෝග නිකුත් කරනු ලැබුවේ අභියාචනාධිකරණයේ නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් කළුආරච්චි යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතා විසින් ඉදිරිපත් කෙරුණු රිට් පෙස්සමක් සලකා බැලීමෙන් අනතුරුව එම අතුරු තහනම් නියෝගය නිකුත් කෙරිණ.
මේ අතර දේශබන්දු තෙන්නකෝන් මහතා වැ ඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙයට පෙර කර තිබූ නිර්දේශයද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිනායි පොහොට්ටුවෝ ටිකයි හදන්නේ... ලොකුම ගොට්ටේක්ව රටේ ඉහළම නඩු අහන තැනට දාගන්න.. මේ මිනිස්සුන්ට රටේ මෙච්චර ප්‍රශ්න ඇතිකරලාත් තවමත් ලැජ්ජාවක් නැහැ...!
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ බත් බැලයින් කවුද කියලා දැන් පේනවා.. සෘජු තීන්දු ගත් අනෙකුත් අයට ප්‍රණාමය...!
ඉතින් ව්‍යවස්ථාදායක සභාවේ ආවරණ අනුමැතියට යටත්ව මේ විනිසුරුවරයා වැඩ බලන විනිසුරුවරයෙකු ලෙස සීමිත කාලයකට පත් කරන්න ජනාධිපතිතුමාට පුළුවන් නේද? වැ/බ පොලිස්පති වගේ වැඩ ටිකක් පෙන්නුවා නම්...!
ඔය අගමැති සැමදාම කළේ ලොක්කගේ සියලුම තීන්දු තීරණවලට ආවඩමින් විපක්ෂයට පහරදිදී හිටපු එක විතරයි. ඔහුට විරුද්ධව දූෂණ චෝදනා නම් ආරංචි වී නැහැ. ඒත් ගොට්ටන්ගෙන් ඇති වැඩකුත් නැහැ. සාධාරණව සිතා වැඩකිරීමත් අවශ්‍යයි...
ඔය වරදානය දෙන්නේ රනිල්.... පසුගිය දවස්වල ක්‍රිකට් බෝඩ් එකේ වැඩ කරලා දුන්නේ නෑ. ඒකට දැන් තුටු පඬුරු දෙනවා. අපි මෝඩයින් නොවේ රනිල්...