(රෝහණ චන්ද්‍රදාස මලවරආරච්චි )
ඔක්තෝබර් මාසයේ දී ජනාධිපතිවරණය පැවැත්වෙක බව එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා අද(02) අනුරාධපුරයේ දී පැවැසීය.
අනුරාධපුර දිස්ත්‍රික් එජාප සම්මේලනය ඇමතූ රංගේ බණ්ඩාර මහතා මීළඟ ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා අනිවාර්යයෙන් ඉදිරිපත්වන නිසා සියලුම දෙනා ඊට සූදානම් වන්නැයි ද ඉල්ලා සිටියේය.
2020 දී මහ මැතිවරණයෙන් පක්ෂය වැටුණු වැටිල්ල නිසා නැවත නැඟිටීමක් නැතැයි බොහෝදෙනා සිතුවා. නමුත් රට අමාරුවට පත් වූ අවස්ථාවේ නොබියව ඉදිරිපත්ව රට ඉදිරියට ගෙනයාමේ අභියෝගය බාරගත්තා. අවුරුදු දෙකක් ගතවීමට පෙර රනිල් වික්‍රමසිංහ මහතා රට නැවතත් නිවැරදි මාවතට යොමුකර ආර්ථිකය ගොඩගැනීමට පියවර ගනිමින් සිටිනවා . ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දී ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන ජනාධිපති ධුරයට නැවත පත්කරන්නැයි ඉල්ලා සිටිනවා.
මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් විය යුතු බවට මෙම සමුළුවේ දී විශේෂ යෝජනාවක් ඉදිරිපත් වූ අතර එය ඒකමතිකව සම්මත විය. පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් එජාප සම්මේලනය මේ වනවිටත් පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව් බලාගෙන ඉන්නෙ දිනවන්න...
මෙයා මැතිවරණ කොමසාරිස්ද? මැතිවරණ කොමිසමේ සභාපතිද?
ඔයා මැතිවරණ කොමිසමේ සභාපති නොවෙයිනේ ඡන්දයට දින දෙන්න, ඒ නිසා ගොන්කම ප්‍රදර්ශනය නොකර කටවහගෙන හිටියා නම් හොදයි රංගේ...
අර කිව්වත් වගේ ලක්ෂ 100 ජනවරම කතිරේ ගහලාම පෙන්නනවා...!
අප්පටසිරි මෙයාද එතකොට අලුත් මැතිවරණ කොමසාරිස්? ආණ්ඩුව පිනට හරි unp වුණාට නීතිය unp නොවේ. කොහොම ඡන්ද තිබ්බත් unp සහ පොහොට්ටු දෙකම පරාදයි. එක්කෝ සජිත් නැත්නම් jvp....!
මට මතකයි මෙයාගේ කටින්ම "පරපුරක් නැති මිනිහෙක් පරපුරකට කරන්නේ කොහොමද?" කියලා වොයිස් කට් දෙනවා...!!!
දැන් ඔය පැත්තේ ගෙම්බෝ කෑ ගහන්නේ " රෙනිල්, රෙනිල්" කියලාද?
අරගල හැත්තගේ පිහිටෙන් ආපු පිං ජනාධිපතිගේ බලේ අරගෙන පිම්බෙන කෙනෙක්... පරිස්සමෙන්, පුපුරයි තට්ටේ...!
දැන් මැතිවරණ ප්‍රකාශයට පත් කරන්නේ පක්ෂ ලේකම්වරුයි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුයි. එතකොට මොකටද මේ මැකෝ...? හීන් සීරුවේ මාරුවෙලා වත්ද?
ඉඟි කරන්නේ මොනවටද? අර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිවම ලියලා තියෙන්නේ...? ඒත් අර මිනිස්සු එනවට බයේ දුම්රිය ස්ථාන වහලා හමුදා පොලිස් අනුකණ්ඩ හිටිහැටියේම නවත්තලා නිදහස් උත්සව තියන්න යද්දී නම් හිතෙන්නේ ඡන්දයට කළින් රට පනියිද කියලයි...!
ඔයා මැතිවරණ කොමසාරිස් තනතුරෙත් වැඩ බලනවද?
අම්බලමේ පිනා... වළන් කදක් ගෙනා... ඒක බිඳපු ගොනා.. හතර අතේ කියවනවා...!