
( චමිල් රූපසිංහ)
කොහු අඹරණ යන්ත්‍රයකට අසුවී දකුණු අත වෙන් වූ කාන්තාවකගේ එම අත සාර්ථකව බද්ධ කිරීමට මහනුවර ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය අමිල සසංක රත්නායක මහතා ප්‍රමුඛ කණ්ඩායමක් සමත් වූහ.
කොහු අඹරණ යන්ත්‍රය පිරිසිදු කරමින් සිටියදී හිටිහැටියේ එය ක්‍රියාත්මක වි ඇගේ දකුණු අතේ වැලමිටට ඉහලින් කොටස යන්ත්‍රයට අසුවී උරහිසේ සිට අඟල් හතරක් පමණ පහලින් වෙන් වූ අතර වෙන් වූ කොටස අයිස් වල ගිල්වා ඉතා සුරක්ෂිතව මහනුවර රෝහල කරා යොමු කිරීමට අනුරාධපුර රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය කටයුතු කිරීම නිසා අත සාර්ථකව බද්ධ කිරීමට හැකි වූ බව සැත්කමට සම්බන්ධ වූ වෛද්‍යවරු පැවසූහ.
අනුරාධපුර පදිංචි තිස්පස් හැවිරිදි කාන්තාවක මෙම අනතුරට මුහුණ පා ඇත. මහනුවර රෝහලේ දී පැය හයක සැත්කමකින් පසු එම අත සාර්ථකව බද්ධ හැකි වී ඇත.
මහනුවර ජාතික රෝහලේ ප්ලාස්ටික් විශේෂඥ ශල්‍ය වෛද්‍ය අමිල සසංක රත්නායක මහතාගේ මෙහෙයවීම යටතේ වෛද්‍ය උදය කිරිදෙන, ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය චමිලා ජයරත්න වෛද්‍ය වෛද්‍ය සතිර ප්‍රේමරත්න, විකලාංග ශල්‍ය වෛද්‍ය, ජ්‍යෙෂ්ඨ ලේඛකාධිකාරී උදාර රත්නායක, නිර්වින්දන විශේෂඥ වෛද්‍ය උඩුවෙල,වෛද්‍ය කසුන් හා සේනක මෙම සැත්කමට සම්බන්ධ වූහ.
ශ්‍යාමා නානයක්කාර, සිතාරා සුරවීර,චන්දිමා සෙනවිරත්න, තිළිණි අබේවර්ධන,එරන්දි මදුෂානි,සාසනී කොස්තා යන හෙද නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් ද සැත්කමට සහයෝගය ලබා දුන්හ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවි පිහිටයි නැගණිය...!
අනතුරු ගැන හරිම කණගාටුදායකයි, වෛද්‍යවරුන්, හෙද සියලුදෙනාට රටෙන්ම ප්‍රශංසාව හිමිවෙනවා, ඇයට ඉක්මනින් සුවය පතමි..!
ජීවත් වෙන්න කොහු අඹරන්න ගිහින් වුණු දේ. මේ තමා අපේ රටේ බොහෝ ගැහැණුන්ගේ උරුමය...!
ඉතාමත් විශිෂ්ඨ මෙහෙවරකි. රෝහල් දෙකේම වෛද්‍යවරුන්ටත්, හෙද නිලධාරීන් ඇතුළු මෙම මෙහෙවරට සම්බන්ධ වූ සියල්ලන්ටත් අපගේ ගෞරව ප්‍රණාමය හිමිවිය යුතුයි. එමෙන්ම මෙම පුවතින් හෙළිවන වැදගත් කරුණු කිහිපයක් ලාංකික අප කාගේත් අවධානයට යොමුවිය යුතුයි. එනම්, තමාගේ වෘත්තීමය කටයුතු වගකීමෙන්, නිසියාකාරව ඉටු කිරීමේ වැදගත්කම සහ කණ්ඩායම් හැඟීමෙන්, කුහකබවින් තොරව කටයුතු කිරීමෙන් මෙරට නැවතත් අභිමානවත්, සාර්ථක දේශයක් කළ හැකි බවත්ය...!
සමන්ත මෙම වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලයේ සහ ඒ සඳහා සහාය දුන් සැම දෙනාටම ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුයි. බොහෝ දෙනෙකු රට හැරදමා යද්දී ඔබ සැම රටේ දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් කරන සේවය අතිශයින්ම උදාර කාර්යකි. දිනෙක ඔබ රට හැරදමා ගියත් ඔබට ජාතියේ ප්‍රණාමය මෙන්ම සියලු දෙවියන්ගේ ආශිර්වාදය හිමිවනු ඇත. මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන් එම මවට ඉක්මන් සුවය පතමු...!
අපි උදව් කරමු...!