(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රාජ්‍ය සේවා කොම්ෂන් සභාවේ පැමිණිලි විභාග කිරීමේ බරපතළ ප්‍රමාදයක් පවතින බව රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) තොරතුරු අනාවරණය විය.
මෙහිදී අදහස් දැක්වූ එම කොමිෂන් සභාවේ නිලධාරීන් පැවසුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ පත්වීම් බලධාරියා අමාත්‍යවරයා වන බැවින්ද අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ පත්වීම් බලධාරියා ජනාධිපති වන බැවින්ද කරුණු විමසීම සඳහා ඔවුන් කැඳවීම් කිරීමට කොමිෂන් සභාවට බලයක් නොමැති හෙයින් පැමිණිලි විභාග කිරීම ප්‍රමාද වන බවයි.
පැමිණිල්ලක් ලැබුණ පසු ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට කොමිෂන් සභාවකට නොහැකි නම් එය ක්‍රමයේ වැරැද්දක් බවත් එම වරද්ද නිවැරදි කිරීමට කටයුතු කරන ලෙස කෝපා කමිටුව මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මේ අතර රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ව්‍යුහය තුළ එක් සේවා නිලධාරී කාණ්ඩයකට අයත් නිලධාරීන් පමණක් නියෝජනය වීම අපක්ෂපාතී සහ සාධාරණ ක්‍රියාදාමයට බාධා විය හැකි බව කෝපා කමිටුවේ අදහස විය
එබැවින් මෙම තත්ත්වය නිවැරදි කිරීම සඳහා කටයුතු කිරීමට කෝපා කමිටුව රාජ්‍ය සේවා කොම්ෂන් සභාවේ නිලධාරීන්ට නිර්දේශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොමිසමේ අයගේ ප්‍රකාශය නිවැරැදියි. රජයේ සේවකයින් නිලධාරින් පත්කිරීමට බලය තියෙන්නේ ඇමැති මණ්ඩලය වෙතට ඉහළම නිලධාරින් පත්කිරීම ජනාධිපති කරන්නේ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ඇතිව.. ඉතින් ඇමැති මණ්ඩලය වගකීම වරින්වර රාජ්‍ය සේවා කොමිසමට පවරනවා වුණත් ඇමැති මණ්ඩලයේ වගවීම අහෝසි වෙන්නේ නැහැ. එනිසා ව්‍යවස්ථා දායක සභාව මෙන් ස්වාධීන රාජ්‍ය සේවා කොමිසමක් නැතුව පවතින ආකාරයට කොමිසමක් තිබුණා කියලා වැඩක් නැහැ..!
ඔය මොන කොමිසම වුණත් පිරිමියෙක් ගැහැණියක් කිරීමට හා ගැහැණියක් පිරිමියෙක් කිරීමට පමණක් බැරි අධිපතිවරයාට යටයි. මාමාට පුළුවන් නම් බෑණාට බැරි ඇයි? සී/ස සහෝදර සමාගමේ පාලන කාලේත් එහෙමයි. ඉතින් මේ දෙකල්හිම ආණ්ඩුව නියෝජනය කරපු කල්ලිය දැන්ද මේවා දැන ගත්තේ..? පහුගිය පළාත් පාලන මැතිවරණ අවස්ථාවේ මැතිවරණ කොමිසමට කැඳවපු මුදල් අමාත්‍යංශ ලේකම් ආවාද?
රාජ්‍ය සේවා කොමිසමේ සාමාජිකයින්ගෙන් වැඩි ප්‍රමාණයක් ඉන්නේ හිටපු පරිපාලන නිලධාරීන් සහ නීතිඥයින්. වෙනත් සේවාවල ප්‍රශ්න ගැන ඔවුන්ගේ අවබෝධය මදි. ඒ අය බලන්නේ ඔවුන්ගේ සේවාව ක්‍රියාත්මක කිරීමේ කෝණයෙනුයි.