(යොහාන් භාසුර)
පාන් ගෙඩියක සහ පාන් භාගයක නියමිත බර නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසීය.
පාන් ගෙඩියක නියමිත බර ග්රෑම් 450ක් විය යුතු අතර එහි වෙනස්වීම ග්රෑම් 13.5ක් විය හැකි බවත් පාන් භාගයක නියමිත බර ග්රෑම් 225ක් වියයුතු අතර එහි වෙසන්වීම ග්රෑම් 9කට නොවැඩි විය යුතු බවත් එම නිවේදනය සඳහන් වේ.
විකිණීමට තබා ඇති පාන් ප්රදර්ශනය කිරීමේදී එහි බර පැහැදිලිව පෙනෙන සේ සඳහන් විය යුතු බවද පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ ගැසට් පත්රය සඳහා තනතුරු සමග අදාල බලධාරියෙක් ඉන්නවා නම් ඔහු හෝ ඇයගේ නම තනතුරට මුලින් තියෙන්න ඕනෑ කියලා තමයි... මේකේ එහෙම එකක් නැහැ...
ගැසට්ටුව හොඳයි. රිවස්වෙයිද බර නියමකර නැති හෙයින්...?
ග්රෑම් 350 ට වඩා වැඩි පාන් ගෙඩියක් ලංකාව තුළ හොයලා දෙන්න. ඊස්ට් ගෑස් පුරවපු තඩි පාන් කාලා රටම ලෙඩ වෙලා ඉන්නේ...!
පාන් නිෂ්පාදනයේදී බර වෙනස්වන බැවින් පාන් කිරා මිලදී ගැනීමට පාන් කිලෝ 1කට පාලන මිලක් දැමීම දෙපාර්ශවයටම සාධාරණයි.
නමක් නැති සභාපතිවරයෙකුගේ ගැසට්ටුවක් කවද්ද වලංගු වෙන්නේ...?
දැන් ඉතින් පාන්, කාපාන්, තැටිපාන්, මාලුපාන්, චූන් පාන්, රෝස් පාන් මැටි පාන්, අච්චුපාන් අතරට ගැසට් පානුත් ඒවි නේද? එතකොට අපිට තවත් යාලුවෙක් ඉන්නවා...!