
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පොලිස් නිල ඇඳුමින් සැරසී අඹ මිලදී ගැනීම සඳහා පැමිණි සහකාර පොලිස් අධිකාරීවරයෙකු අඹ ගෙඩි වලින් සහ මිල දර්ශනයෙන්ද පහර දුන් බව පවසමින් 21 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක් හංවැල්ල පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි
ප්‍රහාරයට ලක් වූ මොනරාගල දොඹගහවෙල ඇලේලන්ද පදිංචි ආර් ටි උද්දිකා නමැත්තිය ප්‍රතිකාර සඳහා සාලාව රෝහල වෙත ඇතුළත්ව ඇත
අවිස්සාවේල්ල කොළඹ මාර්ගයේ වනහගොඩ ප්‍රදේශයේ පිහිටි පලතුරු වෙළඳ සැලකට අඹ මිලදී ගැනීම සඳහා පැමිණි අවස්ථාවේදී එහි මිල සම්බන්ධයෙන් ඇති වූ කතාබහ දුරදිග යාමෙන් අනතුරුව මෙම පහරදීම කර ඇතැයි පැමිණිල්ලේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඹ ගෙඩියක්වත් සල්ලීදීලා කාලා නැති කෙනෙක් වෙන්න ඕනෑ, අය හොඳටම දන්නේ පිනට කෑමයි ජරාව කෑමයි තමයි....!
මේ මිනිහාට විලිලැජ්ජා නැතිද? එදාවේල හොයාගන්න වෙරදරන අහිංසකයෙකුට තමන්ගේ බල පුළුවන්කාරකම් පෙන්වන්න... සමහරවිට තමන් අසවලා කියලා අඹ නිකන් ගන්න ගියාද දන්නේ නැහැ. කොහෝම වුණත් මේ වගේ පහත් වැඩකරන අයට නිසි දඬුවම් දෙන්න දේශබන්දු මහත්තයා කටයුතු කරාවි යයි මම හිතනවා. මේ ඒඑස්පී දන්නේ නැතිව ඇති ඔයිට වඩාගොඩක් ලොකු නිලධාරීන් දැන් හිරේ ඉන්න බව...!
මොවුන් මහ මීහරක් වගේ අය නිල ඇඳුම දාගත්තාට. පොලිසිය විනාශ කරන්නේ මේ වගේ කාලකන්නි මිනිස්සු. විලිලැජ්ජා නැද්ද කාන්තාවකට ගහන්නේ...?
තවම අවම බලයනේ පාවිච්චි කළේ...! මේ වෙළෙන්දිය කතාබහ දුරදිග ගිහිනුත් තාමත් ජීවතුන් අතර... ආඩම්බරයි. අර නාරම්මල වඩුකාර්මික තරුණයා කතාබහ දුරදිග නොගිහිනුත්, එලොව...!
ජරාව කාලා කාලා පුරුදු වෙලා අඹ කන්න පුරුදු නෑනේ... ඒකයි...!
මේ අය යුනිෆෝම් එක දාගත්තාම මුළු ලෝකෙම අයට යටත් වෙන්න ඕනේ කියලා කාලකන්නි හිතන්නේ. කුඩු කාරයින්ගේ පාතාලයින්ගේ කප්පම් කාලා අඹ ගෙඩියෙනුත් කප්පම් ගන්නයි හදන්නේ...!