(රෝෂන් තුෂාර)

රජයේ වාහනයක් අලුත් වැඩියා කිරීමට වැය වන  මුදලින් සියයට දහයක අල්ලසක් ඉල්ලා ලබාගත්තේ යැයි කියන රාජ්‍ය ආරක්ෂක ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ කළමනාකරණ සහකාරවරයා ඇප මත මුදා හැරීමට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (02) නියෝග කළේය .

රුපියල් විසිපන්දහසක මුදල් ඇපයක් හා ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් සැකකරුට නියම කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙලෙස ඇප මත මුදා හරින ලද්දේ  ඕමල්පේ පදිංචි බුද්ධික සෙනරත් ජයවර්ධන නමැති සැකකරුවේ .

ආරක්ෂක හා ස්වදේස කටයුතු අමාත්‍යාංශයේ වාහනයක් අලුත් වැඩි වැඩියා කිරීම සඳහා තලපත්පිටිය ගරාජයකට ලබා දීමට තිබූ රුපියල් 312750.00මුදලින් සියයට දහයක කොටසක් වූ රුපියල් 32000.00ඉල්ලා ලබා ගැනීමේ සැකයට සැකකරු අත්අඩංගුවටගෙන පසුගිය නමවෙනි දින  රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි .