පොල්තෙල් වර්ගය - මිල නැත්නම් සීල් තියනවා මෙරට අළෙවි කරන සියලුම වර්ගවල පොල්තෙල්වල වර්ගය සහ මිල මුද්‍රිතව ප්‍රදර්ශනය අනිවාර්ය කළ බවත් පොල්තෙල් වර්ගය සහ මිල ප්‍රදර්ශනය නොකරන වෙළෙඳසැල්වලට මුද්‍රා තබන බවත් වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය. 06 October 2023
නොබෙල් සාම ත්‍යාගය ඉරාන දියණියකට ඉරානයේ මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන නාර්ගෙස් මොහම්මදී මහත්මිය 2023 නොබෙල් සාම ත්‍යාගය දිනා ගැනීමට සමත් වූවාය. 06 October 2023
ඉන්දික තොටවත්ත අත්අඩංගුවට සමාජ මාධ්‍ය තුළ ජාතින් අතර අසමගිය ඇති වන ආකාරයේ ප්‍රකාශයක් නිකුත් කළැයි ප්‍රවීණ ජෝතිෂ්‍යවේදී ඉන්දික තොටවත්ත මහතා පරිගණක කොට්ඨාස විසින් අද (6) අත්අඩංගුවට ගනු ලැබීය. 06 October 2023
උණුසුම් සංවාදයකින් මැතිසබේ විනාඩි දහයකට නවතී සභාවේ ඇතිවූ උණුසුම් තත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු මුලසුනේ සිටි අංගජන් රාමනාදන් මන්ත්‍රීවරයා විසින් අද (6) පෙරවරුවේ විනාඩි දහයකට කල් තබනු ලැබීය. 06 October 2023
ජර්මන් ජාතිකයා හිටි හැටියේ මියගිහින් අලුත්ගම මොරගල්ල මරදාන පාරේ නිවසක පදිංචිව සිටි ජර්මන් ජාතිකයකු වූ පි.ඩි අයුස්ට් හින්ස් ජෝර්ජ් (68) මහතා හදිසියේ අද(6) දහවල් මියගොස් ඇතැයි අලූත්ගම පොලිසිය කියයි. 06 October 2023
සිව්වැනි මහලින් වැටී පෙදරේරුවා මරුට පානදුර, කෙසෙල්වත්ත ප්‍රදේශයේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක සිව්වන මහලින් අද පස්වරුවේ ඇදවටී පුද්ගලයකු මියගොස් ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි . 06 October 2023
’’කාම්බෝජයේ දී පිරිසක් මං වට කර ගත්තා’ ශ්‍රී ලංකා මාතාව කොටසින් කොටස රෝගී වෙමින් සිටින බව හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 06 October 2023
’’ගේ ගිනි තියපු එක්කෙනෙක් දැන් කැනඩාවේ’’ අරගලය කාලේ තම ගේ ගිනි තියන්න ආ කෙනෙක් එහි සිට සෙල්ෆි ගසා දැන් කැනඩාවේ පදිංචියට ගොස් සිටින බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 06 October 2023
ත්‍රස්ත විරෝධි පනතට එරෙහිව ග්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත විශේෂ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් සහ ජනමත විචාරණයකින් සම්මත කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් ග්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත. 06 October 2023
කිලිනොච්චියේ නිවසකට පිරිසක් ගිනිතබති කිලිනොච්චිය රාමනාදපුරම් කල්මඩුනගර් ප්‍රදේශයේ පිහිටි නිවසකට ඊයේ (05) රාත්‍රියේ ඇතුල් වූ පිරිසක් විසින් නිවසට ගිනිතැබීම හේතුවෙන් දේපල සියල්ලක්ම සම්පූරණයෙන්ම ගින්නෙන් විනාශ වී ඇති බවට රාමනාදපුරම් පොලීසිය පවසයි. 06 October 2023
ඌරාපොල පාසලක කේක් නා විනෝද වූ සිසුන් 9 ක් රෝහලේ ගුරු දිනය සැමරීමට ඌරාපොල ප්‍රදේශයේ විදුහලක පැවති උත්සවයක්දී කේක් ආහාරයට ගෙන මුහුණේ කේක් තවරා ගනිමින් විනෝද වූ 7 ශ්‍රේණියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් නව දෙනෙකු කිසියම් ආසාද්මික තාවයකට ලක්වීම හේතුවෙන් අද (06) දහවල් වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කරනු ලැබූ බව රෝහල් ප්‍රකාශකයෙක් කීය. 06 October 2023
‘කොත්තු රොටී හදනවා වගේ බුද්ධි ගලනය නවත්තන්න බෑ’ කොත්තු රොටී හදනවා වගේ ආර්ථිකය හදා බුද්ධි ගලනය නතර කරන්නට හැකියාවක් නැතැයි වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 06 October 2023
අවදානම් ගස් ඉවත් කරන්න පියවර පවතින වැසිබර කාලගුණය හේතුවෙන් මාර්ග දෙපස මහජනයාට තර්ජනයක් විය විශාල ගස් සම්බන්ධයෙන් කඩිනම් අවදානය යොමුකර ඒවා කපා ඉවත් කරන ලෙසට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හා ජාතික ගොඩනැගි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන්ට අද (6) උපදෙස් ලබා දී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. 06 October 2023
මැතිසබේදී කළ තර්ජනයක් ගැන චන්දිමගෙන් පැමිණිල්ලක් හමුදාවේ උසස් නිලධාරින් ගේ වාහන පාවිච්චිය ගැන කතා කළ තමාට ආරක්ෂක ලේකම්වරයා සහ යුද හමුදාපතිවරයා පාර්ලිමේන්තුවේදී ඊයේ (5) තර්ජන කළ බවත් මේ සිද්ධියෙන් තමාගේ වරප්‍රසාද කඩවී ඇති හෙයින් ඒ දෙදෙනා වරප්‍රසාද කමිටුවට කැඳවා පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටින බවත් ගාලු දිස්ත්‍රික් දිස්ත්‍රික් මන්ත්‍රී නීතීඥ චන්දිම වීරක්කොඩි මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය. 06 October 2023
අයිඑස් ප්‍රහාර සැලසුම ගැන පරීක්ෂණයක් ඕනෑ කොළඹ ප්‍රධාන මර්මස්ථාන හතකට බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමේ අයිඑස් අයිඑස් සැලසුම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා ඒ පිළිබඳව රට දැනුවත් කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (6) ඉල්ලීමක් කළේය. 06 October 2023
2022 ලක්ෂ තුනකට වඩා රට හැර ගිහින් ශ්‍රී ලංකාව ලෝකයේ වැඩිපුරම පුරවැසියන් පිටරටවල ජීවත්වන රටවල් තුනෙන් එකක් බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේ දී අද (6)පැවසීය. 06 October 2023
කොල්ලුපිටිය අනතුරින් විපතට පත් පවුල්වලට ලක්ෂ 5 බැගින් දෙයි කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසලදී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන්ගේ පවුල්වලට රුපියල් ලක්ෂ පහ බැගින් මූල්‍යාධාරයක් ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් දී තිබේ. 06 October 2023
පොලිස් පරීක්ෂක අත්අඩංගුවට ගත්තාට රජයට මිලියනයක දඩයක් දැනට මරණ දඬුවම නියමව සිටින නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ නඩුවට ව්‍යාජ සාක්ෂි නිර්මාණය කරන ලදැයි චෝදනා කරමින් රහස් පොලිසියේ පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් මහතා අත් අඩංගුවට ගැනීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට වන්දි ලෙස රුපියල් දස ලක්ෂයක් ගෙවන ලෙස රජයට නියෝග කළේය. 06 October 2023
පතලක පස් කණ්ඩියක් කඩා වැටී අයෙක් මරුට බිබිල කුඩාකිවුල බදුල්ලගම්මන ප්‍රදේශයේ අනවසර මැණික් පතලක කැණීම්කටයුතු කරමින් සිටි පුද්ගලයෙකු මතට පස් කණ්ඩියක් කඩා වැටීමෙන් මියගොස් ඇතැයි බිබිල පොලීසිය පවසයි. 06 October 2023
මන්ත්‍රී අහමඩ් ඉවත් කිරීම නීත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් නෙරපීම නීත්‍යානු කූල බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය. 06 October 2023
අනුරාධපුරයේ සෝයා බෝංචි මුළු අස්වැන්නම මිලදී ගනී සෝයා බෝංචි අස්වැන්න කිලෝග්‍රෑම් ලක්ෂ පහක් අලෙවි කර ගැනීමට නොහැකිව සිටි අනුරාධපුර සෝයා බෝංචි ගොවීන්ගේ මුලු අස්වැන්නම මිල දී ගැනීමට ආහාර ප්‍රවර්ධන මණ්ඩලය තීරණය කර තිබේ. 06 October 2023
කූබිච්චන්කුලමේ මාළු මැරේ අනුරාධපුර, කුබිච්චන්කුලම වැවේ මසුන් දහස් ගානක් හිටි හැටියේම මිය ගොස් වැව්බැම්ම ආසන්නයේ ගොඩ ගසා ඇතැයි ප්‍රදේශවාසීහු කියති. 06 October 2023
කුලියාපිටියෙත් බස් අනතුරක් සිසුන් 15ක් රෝහලට කුලියාපිටිය කරන්තිප්පලදී සිදුවූ බස් රථ අනතුරකින් තුවාල ලැබූ පාසල් සිසුන් 15 දෙනකු රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි. 06 October 2023
ටිපර්- බස් ගැටීමෙන් බසයේ රියදුරු මරුට මීරිගම මීගමුව මාර්ගයේ ධාවනය කරන පුද්ගලික බස් රථයක් කොටදෙණියාව වරාදල ප්‍රදේශයේ දී අද( 6) උදේ රිය අනතුරට ලක්ව රියදුරා මරණයට පත්ව ඇතැයි කොටදෙණියාව පොලිසිය කියයි . 06 October 2023
ජනපතිගෙන් ගුරු පරපුරට මල්මිටක් සමස්ත ගුරු පරපුරේ අයිතීන් සුරක්ෂිත කරමින් ඔවුන්ට සමාජයේ ලබාදිය හැකි ඉහලම ඇගයීම හා ගෞරවය ලබාදීමට තමා ඇතුළු රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 06 October 2023
මෝටර් රියේ ගැටී පෙරපාසල් ගුරුවරිය මරුට සිය දියණිය සමග කැස්බෑව හල්පිට පදික මාරුව මතින් ගමන් ගත් පෙර පාසල් ගුරුවරියක් මෝටර් රථයක ගැටීමෙන් මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය කියයි. අනතුරෙන් පසු මෝටර් රථය පලා ගොස් ඇත. 06 October 2023
ණය පහසුකම් අනුපාතිකය පහළට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පැවැත්වූ රැස්වීමේදී නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 100 කින් පහළ දැමීමට තීරණය කර තිබේ. 06 October 2023
වයසත් කජ්ජක් ද අලුත් දෙයක් අත්හදා බැලීමට වයස ප්‍රශ්නයක් නොවන බව ලොවට පෙන්වා දෙමින් වයස අවුරුදු 104 ක ආච්චි අම්මා කෙනෙක් අඩි 13500 ඉහළ අහසේ සිට පැරෂුටයක් ආධාරයෙන් පහළට පැන ඇත. 06 October 2023
ඩුප්ලිකේෂන් මාර්ගය වසා දමයි කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් මාර්ගය තාවකාලිකව වසා දැමූ බව කොල්ලුපිටිය පොලිසිය කියයි. 06 October 2023
වැස්ස අදත් අඩුවක් නෑ බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 06 October 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026