
(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් පරිපාලනය වන දඹුල්ල යාපාගම ඉපැරණි වැවේ වැව් රක්ෂිතය රාජ්‍ය නිලධාරීන් පිරිසකගේ සහ විශ්‍රාම ගිය නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මැදිහත්වීම අල්ලා ගෙන වගා කිරීම් කටයුතු හා සංචාරක හෝටල් ඉදිකිරීමෙන් ගොවි ජනතාව බරපතළ ප්‍රශ්නයකට මුහුණ පා ඇතැයි යාපාගම ගොවී සංවිධාන සාමාජිකයෝ චෝදනා කරති.
වසර ගණනාවක සිට ඉතා සූක්ෂම ලෙස අක්කර භාගයක පමණ පෞද්ගලික ඉඩමක් අල්ලාගෙන කොන්ක්‍රීට් කණු සවිකර තිබෙන බව ද ඔවුහු පවසති.
එමෙන්ම නිවාඩු දිනවලදී බැකෝ යන්ත්‍ර යොදාගෙන එසේ අල්ලාගත් ඉඩමේ හෝටලයක් ඉදිකරනවාට අමතරව පස් හාරා නියරවල් දමා ගොවිතැන් කිරීම සඳහා බිම් සකසන බව ද ජනතාව චෝදනා කරති.
මේ වනවිට වසම භාර කෘෂිකර්ම නිෂ්පාදන සහකාර නිලධාරිවරිය හරහා ගොවිජන සේවා නිලධාරීන් දැනුවත් කර ඉදි කිරීම් තාවකාලිකව නවතන ලෙස ලිඛිතව එම ඉඩමේ හිමිකාරිනියට ලිඛිතව දන්වා තිබෙන බවත් ඊට අමතරව ඉඩමට ඇතුළුවන ස්ථානයේ දැන්වීමක් අලවා ඇති බවත් ගොවීහු පෙන්වා දෙති.
මේ දිනවල දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලය ද බැකෝ යන්ත්‍ර යොදවා ගෙන මීට පෙර සූක්ෂම ලෙස අල්ලා ගත් වැව් තාවල්ල හාරා පස් ගොඩවල් ගසන බවට ද ඔවුහු චෝදනා කරති.
විශ්‍රාම ගිය නියෝජ්‍ය පොලිස්පතිවරයකු නිරන්තරයෙන් මෙම ඉඩමේ රැඳී සිටිමින් රාජ්‍ය නිලධාරීන්ට මෙන්ම පදිංචිකරුවන්ට ද බලපෑම් එල්ල කරන බවත් ඇතැම් අවස්ථාවල මෙම කම්බි කණු පොලිසියට අයත් ජීප් රථවලින් රැගෙන ඒම සිදුකළ බව ඔවුහු වගකීමෙන් යුතුව ප්‍රකාශ කළහ.
ඔහු මෙම ඉඩමට පැමිණෙන අවස්ථාවල රථ වාහන පොලිසියේ නිලධාරීන් යතුරු පැදිවලින් ඉඩමට පැමිණෙන බවට ද චෝදනා කරති.
ගොවීන් නගන මෙම චෝදනාව පිළිබඳව හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී විජේ ගුණවර්ධන මහතාගෙන් විමසීමේදී කියා සිටියේ තමන්ගේ ඥාතී කාන්තාවක මෙම ඉඩම මිලදී ගෙන ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙන බවයි.
තමන් කිසිදු ආකාරයකින් රාජ්‍ය නිලධාරීන්ට හෝ පොලිස් නිලධාරීන් යොදවා හෝ නීති විරෝධී කිසිදු ක්‍රියාවක් නොකළ බවත් එම චෝදනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ද මීට පෙර නිලධාරීන් සහ පොලීසිය මැදිහත් වූයේ නම් මෙම ප්‍රශ්නය මෙතරම් දුරට දික් ගැස්සෙන්නේ නැති බවත් සඳහන් කළේය.
මෙම ඉඩමේ හිමිකාරිය බව කියන භද්‍රා කුමාරි මහත්මියගෙන් විමසීමේදී කියා සිටියේ ඇය සින්නක්කර ඔප්පු සහිත ඉඩමක් මිලදීගෙන සංවර්ධන කටයුතු සිදු කරන බවය.
ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව මගින් දන්වා ඇති පරිදි ඇය ඉඩම් ඇල්ලීමක් හෝ වැට ගැසීමක් හෝ සිදු කර නැති බව ද තමන්ට හිමි ඉඩමේ වගා කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකසා දැමීම සිදු කළේ යැයි ද ඇය සඳහන් කළාය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ නීතිය අවනීතිය වෙලා .... අවනීතිය දැන් නීතිය වෙලා
ඔය පොලිස් පාට් මේ අවුරුද්ද අවසන් වෙනකොට ඉවරයි නෝනේ..., ඊට පස්සේ ඔයගොල්ලෝ බලුවෙනවා.