
(සුජිත් හේවාජුලිගේ )
විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවත් හත් දෙනකු ආණ්ඩුවෙන් මත්පැන් අලෙවිසල් බලපත්‍ර (බාර් ලයිසන්) ලබාගෙන ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ගවලින් පැවසේ.
මෙසේ මත්පැන් අලෙවිසල් බලපත්‍ර ලබාගෙන ඇති මන්ත්‍රීවරුන් පිරිසට කුරුණෑගල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු දෙදෙනෙක්, ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු දෙදෙනෙක්, කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් සහ දකුණු පළාතේ මන්ත්‍රීවරු දෙදෙනෙක් ඇතුළත් වෙති.
ආණ්ඩුවට සම්බන්ධවී උදව් කරන බවට පොරොන්දුවීමෙන් පසු ඔවුන්ට මෙම මත්පැන් අලෙවිසල් බලපත්‍ර ලබාදී ඇති බව දැනගන්නට ඇත.
විපක්ෂයේ නායකයන්ට මේ පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇතැයි පැවසෙන්නේ ඒ ඒ දිස්ත්‍රික්කවල විහාරාධිපති ස්වාමීන්වහන්සේලා මාර්ගයෙනි.
මේ අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක්ද මත්පැන් බලපත්‍ර දැනටමත් ලබාගෙන ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කළේය.
ආණ්ඩුව අලුතින් මත්පැන් බලපත්‍ර දෙසීයක් නිකුත් කර ඇතැයි පාර්ලිමේන්තුවේදී පසුගියදා සංවාදයක් ඇතිවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන්ගේ නම් දාන්න බයද චන්ද ලැබෙන එකක් නැහැ කියලා ?
මෙය බලය අයුතු යොදවා ඇති අවස්ථාවක් වන අතර අදාල පුද්ගලයන් ට නොපමාව ව්‍යවස්ථානුකූල ලෙස දඬුවම් පැමිණවිය යුතුය.
රනිල් රාජපක්ස තුමාගෙ, මේ රට බාර් වලින් ස්වයංපෝෂිත කරන්න හදන වෑයම අපි අගය කර යුතුයි. ඉන්න හිතෙන රටක්!!!
මත්පැන් බලපත්‍ර ක්‍රමය අහෝසිකර විවෘත වෙලඳපොලට දමන්න...බාර් ලයිසන් කියන්නේ දේශපාලන ප්‍රජාවක් පමණයි...
ස.ජ.බ. කියන්නෙම අවස්ථාවාදී රංචුවක්, රනිල්ට දිනන්න බැහැ කියලා හිතුන නිසාත්, සජිත්ට තාත්තගේ නම විකුණාලා චන්දය ගන්න පුළුවන් කියලා හිතුන නිසාත් සජිත් වටේ එකතු උනා මිසක සජිත්ට දර්ශනයක් වැඩ පිලිවෙලක් තියෙනවද, සජිත්ට රට හදන්න පුළුවන්ද බැරිද කියලා අවබෝධයක් හො සජිත් සමග රට හදන්න උවමනාවක් ඇතුව එකතු උන පිරිසක් නොවෙයි ස.ජ.බේ. හිටියේ. එහෙව් අය බාර් එකකට නොවෙයි ඊළග පාර එ.ජා.ප.යෙන් නාමයෝජනා අරගෙන ඊළග මැතිවරණයේදී තමන්ට දිනන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා නම් බාර් දුන්නත් නැතත් අනිවාර්යයෙන්ම රනිල් ලගට රිංගනවා. බාර් කියන්නේ රනිල්ගෙන් ලැබෙන බෝනස් එකක් විතරයි.
සුමිහිරි පානේ පදමට ගහලා .කාට කෙල උනත් මට කම් නැහැ .මගේ සාක්කුව පිරිලා
අනේ ඉතින් ඡන්දේ වැඩවලට මහන්සි වෙනකොට පිපාසය දුරු කරගන්නත් ඕනෑ
රොත්ත බුරුත්ත පිටින්ම රට සංවර්ධනය කරයි වගේ .ප්‍රසිද්ධ පුවත්පත් වාර්තා අනුව බාර් බලපත්‍ර 200 යි වාහන බලපත්‍ර 150 ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයකට කෝටි 100 යි නොගෙවූ විදේශීය ණය ?ප්‍රමාද ගාස්තු පොලිය ?ඉදිරියට ගෙවීමට ඇති ණය වාරිකය ?
දුප්පත් මිනිස්සු සූරා කන බාර් පර්මිට් තියන එකෙකුටවත් චන්දෙ නොදෙමු
හරි අපි හිතමුකෝ සමගි ජන බලවෙිගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඔක්කෝටම බාර් ලයිසන් දීලා එක්සත් ජාතික පක්ෂයට එකතු වුණා කියලා .ඒකෙන් කියන්නේ ඔයගොල්ලෝ දිනනවා කියලාද. අපිනේ ඡන්දය දෙන්නේ .අපියි තීරණය කරන්නේ අපිටයි ඒ අයිතිය තියෙන්නේ .අපි ඔය සෑම දෙනා ගැනම හොදට දන්නවා .අපි දැන් හොදට තෙම්පරාදු වෙලා ඉන්නේ .ඔය ආණ්ඩුවේ ඉන්න අනිත් අයත් රත්තරං දුන්නත් ඒ රත්තරං අරගෙන මොනවද කරන්න ඕනේ කියලා අපි දන්නවා.
උන්ට බාර් ලයිසන් ජනතාව ට ගුල්ලෝ ගහපු හාල්
ඔන්න රනිල් කියන ආර්ථික ඔස්තාර්ගේ රට හදන දැක්ම... මට නම් හිතෙන්නේ 2048 වෙන්න කලින්ම ලංකාව දියුණු රටක් වෙයි කියලා
තව ටික දවසයි. බලමු කට්ටිය ඊට පස්සේ මොකද කරන්නේ කියලා?
බලලෝබි දුශිත දේසපාලුවන්ට තියෙන තණ්හාවක තරම පේනවනේ ,ලැජ්ජයි හිරිකිතයි නින්දිතයි .
බාර් ලයිසන් ගත්තා කියලා ජනතාව ඒ මනුස්සයා යන පැත්තට ඡන්දෙ දෙයි කියලා තවමත් හිතාගෙන ඉන්න ගොන්වහන්සේලා ඉන්නවද? බැරි ලයිසන් ගත්තු කෙනා නම් ඡන්දෙ දේවි. ඊට වඩා ඡන්දෙ දෙන්න හිටිය අය වැඩි දෙනෙක් නොදී ඉන්නට හේතු වේවි...
අනාගත මහජන රජයකදී ඔය ලයිසන් අනිවාර්යයෙන්ම අවලංගු කරනවා.
ට්‍රැක් ලන්තේ එවුන්ට මේවා පෙන්නේ නෑ .පෙනුනට තේරුම් ගන්නෙත් නෑ .මේ රටවල් ගොඩ එන්නේ නෑ
ට්‍රැක් ලන්තෙට බාර් 100 ක් අලුතෙන් දැම්මත් මදි.ට්‍රක පැනපු උන් පෝලිමේ
සක්වලටබස් බෙදන්නේ ඕවයින් තමා