(අංජුල මහික වීරරත්න)
රට අද මුහුණ පා සිටින අර්බුදයෙන් ගොඩගත හැක්කේ අත්දැකීම් ඇති පරිණත නායකයෙකුට පමණක් බැවින් අත්දැකීම් නොමැති අලුත් අයට රට භාර දෙන්න හිතන්නවත් එපා යැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට පක්ෂය සුදානම් වනවිට තමන් ඊට විරුද්ධ වූ බවත් එහෙත් පොහොට්ටුව ඊට කන්නොදුන් බවත් රණතුංග මහතා පෙන්වා දෙයි.
රනිල් ජනාධිපති කළේ පොහොට්ටුවේ නායකයින් මිස තමන් ඇතුළු පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් නොවන බව පෙන්වා දුන් ඇමතිවරයා තමන් ඇතුළු පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් කළේ ඊට සහාය ලබා දීම බවද කියයි.
තමන් රනිල්ට කඩේ නොයන බවත් තමන් කඩේ යන්නේ මේ රටේ ජනතාවට පමණක් බවද ඇමතිවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.
උඩුගම්පලදී අද (30) පැවැති රැස්වීමකට සහභාගී වෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කලේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල්ලෝ බිරුවත් ,තවලම ගමනේ යනවා
අනේ මෙච්චර කල් කොරපුවා තමා අපේ දෙපිටින් ගිහින් තියෙන්නේ ,තොපි මොන ජාතකේ පෙන්නගෙන ආවත් මේ පාර ජෙප්පොන්ට තමා ඡන්දෙ.පොඩ්ඩක් ඉවසලා හිටපන් ඡන්දේ තියනකන්...
අද මෙයාලා අපිට බබා
ඔය බණද කියන්නේ?
දෙවන තුන්වන මට්ටමේ නායකයන් පලවෙනි මට්ටමට ගෙන එමෙන් ජනමාධ්‍ය රටට කරන්නේ බරපතල වැරද්දක්.
චන්දෙ ඉවර උන ගමන් ඇතුලට යන්න බලන් ඉන්නකෝ
අත්දැකීම් ඇති පරිණත දූෂිත බලලෝබි නායකයා .ආසියාවේ ආශ්චර්යය පෙන්වන්ඩ ඇවිත් රටම බන්කොලොත් කෙරුවා .නොකියා කියන්නේ රනිල්ට චන්දෙ දෙන්ඩ කියන එක..පොහොට්ටුවෙ ඉන්න දූෂිත දේසපාලුවන්ට දෙයියනේ කියලා යහතින් ඉන්ඩ බැරියැ.
ගෙදර යවන ලැයිස්තුවේ රනිල්ට යටින් තියෙන්නේ මෙයාගේ නම
මෙන්න මෙයා ජනතාවට කඩේ යනවාලු...
ඡන්දෙන් රනිල් පැරදුනාම කියයි මං රනිල්ට දෙනවට තදින්ම විරුද්ධ වුණා මේ පොහොට්ටුවේ උන් ඒක ඇහුවේ නෑනේ කියලා. අපි නොදන්න ප්‍රසන්න.... වාසි පැත්තට හොය්යා.... දැන් ඉතිං මොන කථා, මොන රඟපෑම් කෙරුවත්ඕවට අහුවෙන මොන්ටිසෝරි ළමයෙක්වත් නෑ කියලා කට්ටියම මතක තියාගන්න. ඔබලා මේ සෙල්ලම් කරන්නේ, ඔබලා සුරසැප විඳින්නේ, දුක් විඳලා මිනිස්සු හොයන මුදල් වලින් කියලා. ඕවට මෙහිදී නිසි දඬුවම් නොලැබුනත් හරියටම නඩු අහලා නිසි දඬුවම් ලැබෙන දවසක් එනවා.
බාර් ලයිසන් එකට ඔච්චර බුරනවා නම් කාර් පර්මිට් එකකුත් දුන්නොත් කොහොම තියෙයිද?