
දින ගණනක් තිස්සේ නෙකඩවා ඇද හැලෙන මහ වැසි හේතුවෙන්, කෙන්යාවේ වේල්ලක් කැඩී ගියේය. වේල්ල කැඩී යෑමත් සමග පහත් බිම් යට විය. වේල්ල කැඩී යෑමෙන් මියගිය ගණන 42 ක් යැයි පැවැසෙයි.
දරුණු හානි සිදුවුණු බව පැවැසෙන්නේ, මායි මහියු නමැති පළාතටය. මියගිය හතලිස් දෙදෙනාගෙන් 17 දෙනකු කුඩා දරුවන් බව රතු කුරුස සංවිධානය නිකුත් කළ නිවේදනයක සදහන් වෙයි.
වේල්ල කැඩී යෑමත් සමග ආ මහා ජලකදට හසුවී අතුරුදන්වූවන් සෙවීමට දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇතැයි කෙන්යා රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd