(චන්ද්‍රසිරි ගුණසේකර)

ඌරගස්මන්හංදිය රන්තොටුවිල ප්‍රදේශයේ නිවසකදී පුද්ගලයෙකුගේ හිසට මන්නයකින් පහරදීමෙන් ඔහු මියගොස් ඇතැයි ඌරගස්මන්හංදිය පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ රන්තොටුවිල,ගුරුහේන්ගොඩ,ආචාරිවත්ත ලිපිනයේ පදිංචි 35 හැවිරිදි අවිවාහකයෙකු බවද පොලිසිය පවසයි.

කරණවෑමියෙකුවන සැකකරු අද (30) අලුයම නිවසට පැමිණෙන විට ඔහුගේ 24 හැවිරිදි බිරිඳ සමග අනියම් ප්‍රේමසම්බන්ධතාවයක් පවත්වාගෙන යන බව කියන මරණකරු  තම නිවසේ සිට ඇති බවත්,එවිට සැකකරු මන්නාපිහියකින් මරණකරුගේ හිසට පහරදී ඇතී බවත් පොලිස් පරීක්ෂණවලදි හෙළිවී තිබේ.

තුවාලකරු ඌරගස්මංහන්දිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවත් පොලිසිය පවසයි. සැකකරු පොලිසියට භාරවීමෙන් පසු අත් අඩංගුවට ගෙන තිබේ.