අයවැයට වැට් පනතට කතානායක සහතිකය විසර්ජන පනත් කෙටුම්පත ( අයවැය) සහ එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත (වැට් ) පෙරේදා (13) සිට බලාත්මකවිය. 14 December 2023
වී වගාවට තුන් බියක් කෘමි හානි තුනක් මේ දිනවල වී වගාව ආශ්‍රිතව පැතිර යන බැවින් ඒ සම්බන්ධව අවධානය යොමු කරන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 14 December 2023
අම්පාර බස් නැවතුමේදී පුද්ගලයෙක්ගේ දෑත් කැපු 5 ක් අල්ලයි අම්පාර ප්‍රධාන බස් නැවතුම්පල අසලදි වෑන් රථයකින් කඩුපිහි රැගෙන පැමිණි පිරිසක් එහි සිටි පුද්ගලයෙකුගේ දෑත් කපා දමා තවත් පුද්ගලයෙකුට පහරදි අවට සිටි පිරිස්ට තර්ජනය කළැයි පස් දෙනකු සහ ඔවුන් ගමන් කළ වෑන් රථය අත් අඩංගුවට ගත් බවඅම්පාර මුලස්ථාන පොලිසිය කියයි . 14 December 2023
සිසුවා දිය රකුසාට බිලි අම්පාර පානම පොලිස් වසමේ පානකල මුහුදු තීරයේ දියනෑමට ගිය 15 හැවිරිදි සිසුවෙක් දියේ ගිලී අතුරුදන්ව ඇතැයි පානම පොලීසිය කියයි. 14 December 2023
කොන්ක්‍රීට් පාලමක් කඩා වැටී දෙකක් රෝහලේ උමාඔයේ අතුගංගාවක් වන මැදකදුර ඔය හරහා ඉදිකර තිබූ අනාරක්ෂිත කොන්ක්‍රීට් පාලමක් අධික.වර්ෂාවත් සමඟ කඩාගෙන යාමෙන් පාලම මමතින් ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනකු මැදකදුර ඔය ට වැටී තුවාල ලබා දියතලාව රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලිසිය පවසයි . 14 December 2023
වැඩබලන පොලිස්පතිට ලක්ෂ 5ක වන්දි ගෙවන්න වෙයි පුද්ගලයකුට පහරදී මේ සිද්ධියක් සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයා ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇති බව තීරණය කළ අධිකරණය වින්දිතයාට රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවන්නැයි පොලිස්පති ඇතුළු තිදෙනකුට නියෝග කළේය. 14 December 2023
ජාතික අක්ෂි රෝහලේ වැඩ වර්ජනය පැය දෙකෙන් අවසන් කොළඹ ජාතික අක්ෂි රෝහලේ ප්‍රධාන පාලකවරයාගේ ක්‍රියාකළාපයට විරෝධය දක්වමින් එම රෝහලේ වෛද්‍යවරු අද (14) පෙරවරුවේ ආරම්භ කළ වැඩවර්ජනය පැය දෙකකින් පමණ අවසන් කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසීය. 14 December 2023
හමාස් පාලනයක් නැති ගාසා තීරයක් පවතින්න බෑ තම පාලනයෙන් තොර ගාසා තීරයක් ගැන සිතීමෙන් පලක් නැතැයි හමාස් ප්‍රධානී ඉස්මායිල් හානියේ පවසයි. හමාස් ප්‍රධානියා මෙසේ පැවැසුවේ, ගාසා තීරයේ පැවැතිය යුත්තේ තමන්ට හිතවාදී පාලනයක් යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනි. 14 December 2023
ජනවාරියේ බස් ගාස්තු ඉහළට ජනවාරි මාස වැට් බදු වැඩි වීමත් සමග බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය. 14 December 2023
ජාත්‍යන්තර සහාය තිබුණත් නැතත් හමාස් සටන්කාමීන් විනාශ කරනවා ජාත්‍යන්තර සහාය තමන්ට තිබුණත් නැතත්, ගාසා තීරයට දිගටම පහරදී, හමාස් සංවිධානය මුලිනුපුටා දමන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසයි. 14 December 2023
සිර දඬුවම් විඳින රුසියන් විපක්ෂ නායකයා අතුරුදන් සිර දඬුවම් විඳිමින් සිටින රුසියන් විපක්ෂ නායක ඇලෙක්සි නෙවල්නි, ඔහු රඳවා ඇති බන්ධනාගාරයෙන් අතුරුදන් වී ඇති බවත්, බන්ධනාගාර බලධාරීන් ඒ සම්බන්ධයෙන් නිහඬව සිටින බවත්, නෙවල්නිගේ නීතීඥවරු චෝදනා නගති. 14 December 2023
බයිඩන්ට එරෙහි දෝෂාභියෝගයක් ? ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්ට එරෙහි දෝෂාභියෝගයක් ගෙන ඒමට එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සූදානම් වෙයි. ඒ, දූෂිත විදෙස් ගනුදෙනු සම්බන්ධයෙන්, බයිඩන්ට චෝදනා වීමත් සමඟය. 14 December 2023
ලෝක ශූරයෝ හරීන් හමු වෙති ලෝක යොවුන් ස්ක්‍රැබල් ශුරතාවලියේදී ශ්‍රී ලංකාවට කුසලාන පහක් හිමිකර දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා අමාත්‍යාංශයේ දී හමු වූහ. 14 December 2023
සියලු කිරි ගව ගොවිපොළ ලියාපදිංචිය අනිවාර්ය කරයි ලබන ජනවාරි මාසය මෙරට සියලුම කිරිගව ගොවිපොළවල් ලියාපදිංචි කිරීම සඳහා වන පශු සම්පත් සංවර්ධන මාසයක් ලෙස ප්‍රකාශයට පත් කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ පශු සම්පත් සංවර්ධන අංශයට උපදෙස් දුන්නේය. 14 December 2023
මත් රකුසාගෙන් පාසල් දරුවන් බේරාගනන වැඩසටහනක් පාසල් දරුවන් මත් ද්‍රව්‍ය උවදුරෙන් සහ ලිංගික අපචාර වලින් බේරා ගැනීම සඳහා සුරක්ෂිත හෙට දවසක් තේමාව යටතේ වැඩසටනක් ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැත්විණි. 14 December 2023
හොරට රියදුරුබලපත් සාදා විකුණලා ව්‍යාජ රියදුරු බලපත්‍ර සකස් කර මුදලට අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයකු නාරහේන්පිට දාබරේ මාවතේදී අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය කියයි. 14 December 2023
මහා රළකින් කෝටි ගණනක බෝට්ටු විනාශයි බළපිටිය හරස්පොළ ධීවර තොටුපොළට අද (14) උදේ ආ හදිසි රළපහරක් නිසා එම ධීවර තොටු පොලේ ගාල් කර තිබූ මෝටර් බෝට්ටු විස්සක් පමණ මුලුමනින්ම විනාශවී ගොස් තිබේ. 14 December 2023
තරංගාකාර වායුගෝලීය කැලඹීම වැස්ස වැඩි කරයි තරංගාකාර වායුගෝලීය කැලඹීම හේතුවෙන් ඉදිරි දින කීපයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි සහිත කාලගුණ තත්වයක් තාවකාලිකව වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 14 December 2023
ගුවන් යානය තුළත් මහ හොරකමක් ඕමාන ගුවන් සේවයේ යානයක ව්‍යාපාරික පංතියේ පැමිණි ලෙබනන ජාතිකයකුගේ අත් බෑගයේ තිබූ රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා ඇමෙරිකානු ඩොලර් 14,000 ක මුදලක් ඔහු අසල ගමන් ගත් චීන ජාතිකයකු සොරාගෙන ඇතැයි ගුවන්තොටුපොළ පොලිසිය කියයි. 14 December 2023
මව සමග ගමන් ගත් සිසුවිය පැහැර ගනී පෞද්ගලික උපකාරක පංතියකට ගොස් මව සමග යමින් සිටි සිසුවියක ඇගේ පෙම්වතා බව කියන තරුණයකු මවට පහරදී සිසුවිය පැහැරගත් බවට මවක අද (13) පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව මතුගම පොලිසිය පවසයි. 13 December 2023
අයවැයට කථානායක සහතිකය පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද 2024 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද සිය සහතිකය සටහන් කළේය. 13 December 2023
කහවත්තේ මවක් කපා කොටා මරලා කහවත්ත වැල්ලඳුර නිවසක් තුළ කාන්තාවක් කපා කොටා මරා දමා ඇතැයි කහවත්ත පොලීසිය සඳහන් කරයි. 13 December 2023
කෝටි හතක් සමග සුපිරි හෝටලයෙන් ඇල්ලූ අට දෙනාට ඇප කොල්ලුපිටියේ සුපිරි හෝටලයකදී රුපියල් හත් කෝටි අසූහත් ලක්ෂ පනස් දහසක් සමඟ අත් අඩංගුවට ගත් සැකකරුවන් අට දෙනා එක් එක් සැකකරුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ(13) නියෝග කළේය. 13 December 2023
අය වැය ඡන්ද 41කින් සම්මතයි ලබන වසර ( 2024) සඳහා වන අයවැය ලේඛනය ( අයවැය විසර්ජන පනත් කෙටුම්පත) වැඩි ඡන්ද 41 කින් පාර්ලිමේන්තුවේදී ඊයේ (13) පස්වරුවේ සංශෝධන සහිතව සම්මත විය. 13 December 2023
මැතිසබය තහනම් කළ තිදෙනාට අයවැයට ඡන්දය දෙන්න අවසර මාසයක කාලයක් සඳහා පාර්ලිමේන්තුව තහනම් කරන ලද මන්ත්‍රීවරුන් තිදෙනාට අයවැය ඡන්දය සඳහා සහභාගී වන්නට ඉඩ ලබා දෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය. 13 December 2023
‘‘අයවැය සම්පූර්ණ වෙන්න කඹයකුත් දෙන්න‘‘ අයවැය යෝජනා ඉදිරිපත් කරද්දී ආණ්ඩුවට එක දෙයක් අමතක වී ඇතැයි ද බදු බරින් පීඩිත ජනතාවට එල්ලෙන්න කඹයෙකුත් දුන්නා නම් අයවැය යෝජනා සම්පූර්ණ බවද සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පාර්ලිමේන්තුවේ දී අද (13)පැවසීය. 13 December 2023
අයවැයට මම විරුද්ධයි අයවැය අවසාන ඡන්ද විමසීමේදී තමා ඊට විරුද්ධව ඡන්දය දෙන බව හිටපු ක්‍රීඩා අමාත්‍ය පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 13 December 2023
ලොකු ලුනූ කන්ටේනර් තුනකට සීල් මාස තුනකට කලින් ගෙන්වන ලද මිනිස් පාරිභොජනයට නුසුදුසු ලොකු ලූනු කන්ටේනර් තුනකට සීදූව, ලියනගේමුල්ල සෙන්තෝමස් පාරේ පිහිටි භාණ්ඩ රදවා තැබීමේ ගුඳමේදී සීල් තැබීය. 13 December 2023
බිත්තර- කුකුළු මස් අඩු නොකලොත් රජයෙන් පියවර දෙකක් බිත්තර හා කුකුළු මස් මිල සතියක් ඇතුලත පාලනය කිරීමට පියවර නොගතහොත් රජය ඊට මුහුණදීම සඳහා පියවර දෙකක් ගන්නා බව කෘෂිකර්ම සහ වැවිදි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 13 December 2023
අභ්‍යාස පොතට සහනයක් පාසල් දරුවන්ට අභ්‍යාස පොත් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් සහන මිල ගණන් යටතේ ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ජනමාධ්‍ය රාජ්‍ය මාධ්‍ය ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී අද (13) පැවසීය. 13 December 2023
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026