මන්ත්‍රී අහමඩ් ඉවත් කිරීම නීත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් නෙරපීම නීත්‍යානු කූල බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය. 06 October 2023
අනුරාධපුරයේ සෝයා බෝංචි මුළු අස්වැන්නම මිලදී ගනී සෝයා බෝංචි අස්වැන්න කිලෝග්‍රෑම් ලක්ෂ පහක් අලෙවි කර ගැනීමට නොහැකිව සිටි අනුරාධපුර සෝයා බෝංචි ගොවීන්ගේ මුලු අස්වැන්නම මිල දී ගැනීමට ආහාර ප්‍රවර්ධන මණ්ඩලය තීරණය කර තිබේ. 06 October 2023
කූබිච්චන්කුලමේ මාළු මැරේ අනුරාධපුර, කුබිච්චන්කුලම වැවේ මසුන් දහස් ගානක් හිටි හැටියේම මිය ගොස් වැව්බැම්ම ආසන්නයේ ගොඩ ගසා ඇතැයි ප්‍රදේශවාසීහු කියති. 06 October 2023
කුලියාපිටියෙත් බස් අනතුරක් සිසුන් 15ක් රෝහලට කුලියාපිටිය කරන්තිප්පලදී සිදුවූ බස් රථ අනතුරකින් තුවාල ලැබූ පාසල් සිසුන් 15 දෙනකු රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි. 06 October 2023
ටිපර්- බස් ගැටීමෙන් බසයේ රියදුරු මරුට මීරිගම මීගමුව මාර්ගයේ ධාවනය කරන පුද්ගලික බස් රථයක් කොටදෙණියාව වරාදල ප්‍රදේශයේ දී අද( 6) උදේ රිය අනතුරට ලක්ව රියදුරා මරණයට පත්ව ඇතැයි කොටදෙණියාව පොලිසිය කියයි . 06 October 2023
ජනපතිගෙන් ගුරු පරපුරට මල්මිටක් සමස්ත ගුරු පරපුරේ අයිතීන් සුරක්ෂිත කරමින් ඔවුන්ට සමාජයේ ලබාදිය හැකි ඉහලම ඇගයීම හා ගෞරවය ලබාදීමට තමා ඇතුළු රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 06 October 2023
මෝටර් රියේ ගැටී පෙරපාසල් ගුරුවරිය මරුට සිය දියණිය සමග කැස්බෑව හල්පිට පදික මාරුව මතින් ගමන් ගත් පෙර පාසල් ගුරුවරියක් මෝටර් රථයක ගැටීමෙන් මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය කියයි. අනතුරෙන් පසු මෝටර් රථය පලා ගොස් ඇත. 06 October 2023
ණය පහසුකම් අනුපාතිකය පහළට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පැවැත්වූ රැස්වීමේදී නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 100 කින් පහළ දැමීමට තීරණය කර තිබේ. 06 October 2023
වයසත් කජ්ජක් ද අලුත් දෙයක් අත්හදා බැලීමට වයස ප්‍රශ්නයක් නොවන බව ලොවට පෙන්වා දෙමින් වයස අවුරුදු 104 ක ආච්චි අම්මා කෙනෙක් අඩි 13500 ඉහළ අහසේ සිට පැරෂුටයක් ආධාරයෙන් පහළට පැන ඇත. 06 October 2023
ඩුප්ලිකේෂන් මාර්ගය වසා දමයි කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් මාර්ගය තාවකාලිකව වසා දැමූ බව කොල්ලුපිටිය පොලිසිය කියයි. 06 October 2023
වැස්ස අදත් අඩුවක් නෑ බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 06 October 2023
බසයක් එනතුරු සිටි කත පැහැරගෙන සුද්දයක් දීලා පූනරින් තම්බි රායි මාර්ගයේ බස් නැවතුමක සිටි කාන්තාවක මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් තිදෙනකු පැහැරගෙන ගොස් ඇය සතුව තිබූ රන් මාලයක් කරාබු ජෝඩුවක්,රන් වළලු දෙකක් සහ මුදල් පැහැරගෙන එම කාන්තාව මාර්ගයේ අතහැර දමා පලා ගොස් ඇතැයි පුනරින් පොලීසිය පවසයි. 06 October 2023
බසයක් මතට ගසක් කඩා වැටේ:පහක් මරුට ලිබර්ටි වටරවුම අසලදී බසයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් බසයේ ගමන් ගත් පස් දෙනකු මියගිය බව කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් කීය. 06 October 2023
බස්, බවුසර් කන්ටේනර් ගැටි 20ක් රෝහලට කොළඹ මහනුවර මහා මාර්ගයේ බටලීය කජුපුරයේ දී අද 6 අලුයම පහට පමණ පෞද්ගලික මගී බස් රථයක්, බවුසරයක් හා කන්ටේනරයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් 20ක පමණ පිරිසක් තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි . 06 October 2023
පොලිස් ලොක්කාගේ පුතාගේ රියේ හැපුණු පී.සී මරුට කොළඹ කුරුඳුවත්ත නිදහස් වටරවුමේ රථවාහන හැසිරීමේ රාජකාරියේ නිරතව සිටියදී අධික වේගයෙන් ධාවනය වූ සුඛෝපභෝගී කාර් රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී පොලිස් කොස්තාපල්වරයා අද ( 6)අලුයම මියගිය බවරෝහල් පොලීසිය පවසයි. 06 October 2023
සිරියාවේ හමුදා පාසලකට ප්‍රහාරයක් සිරියාවේ හොම්ස් නුවර හමුදා පාසලකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වීමෙන් 80 ක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 200 ඉක්මවයි. 06 October 2023
රුසියන් ප්‍රහාරයකින් යුක්රේන වැසියෝ 51 ක් මරුට ගිණිකොනදිග යුක්රේනයේ කාර්කිව් පළාතේ, රෝසා නමැති කුඩා ගම්මානයට රුසියන් හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රහාරයෙන් අට හැවිරිදි දරුවකු ද ඇතුළු යුක්රේන වැසියන් 51 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් මාධ්‍ය වාර්තා කරයි. 06 October 2023
දුම්රිය ගැටුම ගැන සොයන්න කමිටුවක් දුම්රිය උප නියාමකවරයකු හා දුම්රිය ආරක්ෂක හමුදා සැරයන්වරයකු අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සොයා බලා පරීක්ෂණයක් සිදු කිරීම සඳහා දුම්රිය උසස් නිලධාරීන් තිදෙනකු ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ. 05 October 2023
යනවාද? නැද්ද? ඔබම තීරණය කරන්න අභියෝග හමුවේ රට හැර යනවා ද? නැද්ද? යන කාරණය තීරණය කළ යුත්තේ උපාධිධාරී බුද්ධිමත් මානව සම්පත විසින් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 05 October 2023
ලක්ෂ 9ක් ගත්තැයි භූ විද්‍යාවේ හම්බන්තොට ලොක්කකු අල්ලයි රුපියල් ලක්ෂ නවයක අල්ලසක් ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ හම්බන්තොට දිස්ත්‍රික් ප්‍රධාන ඉංජිනේරුවරයා සහ රියදුරා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් හම්බන්තොටදී ඊයේ (5) රාත්‍රී අත්අඩංගුවට ගනු ලැබූහ. 05 October 2023
බඹර ප්‍රහාරයෙන් අයෙක් මරුට: 11 ක් රෝහලේ දඹගොල්ල වැවේ ප්‍රතිසංස්කරණය කිරිමේ නිරතව සිටි සේවකයන් පිරිසකට එල්ල වු බබර ප්‍රහාරයකින් බර වාහන ක්රියාකරැවෙකු අද (05)දින මිය ගොස් ඇතැයි දිවුල්වැව පොලිසිය කියයි. 05 October 2023
නවසීලන්තය කඩුලු 9 කින් එංගලන්තය පරාජය කරයි දහතුන්වැනි එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අහමදාබාද්හිදී අද (5) පැවති තරගයේදී නවසීලන්ත ක්‍රීඩකයෝ කඩුලු 9 කින් එංගලන්තය පරාජය කරමින් විශිෂ්ට ජයක් ලැබීමට සමත් වූහ. 05 October 2023
දීනේෂ් ෂාෆ්ටර්ට කෝටි 144ක් වංචා කළාට බ්‍රයන් තෝමස්ට නඩු ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ හිටපු අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගෙන් රුපියල් කෝටි 144කට ආසන්න මුදලක් ලබාගෙන ආපසු නොදී වංචා කළ බවට ප්‍රවීණ ඉංග්‍රීසි ක්‍රිකට් විචාරක බ්‍රයන් තෝමස් මහතාට එරෙහිව චෝදනා 10ක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ අද (05) නඩු 07ක් ගොනු කළේය. 05 October 2023
සාහිත්‍ය සඳහා හිමි නොබෙල් ත්‍යාගය ජෝන් ෆෝස්ට නොර්වේජියානු ලේඛකයෙකු වන ජෝන් ෆෝස් මෙවර 2023 වසරේ සාහිත්‍ය සඳහා හිමි නොබෙල් ත්‍යාගය දිනා ගනු ලැබුවේය.ජෝන් ෆෝස් සාහිත්‍ය සඳහා හිමි නොබෙල් ත්‍යාගය දිනාගනු ලැබූ හතරවෙනි නොර්වේජියානු ජාතිකයාද වේ. 05 October 2023
කඳපොළ වත්තකින් අත්බෝම්බ තුනක් සොයා ගෙන කඳපොල කෝටි ලෝජ්වත්තේ වගා බිමක වළ දමා තිබූවිදේශිය නිෂ්පාදිත අත්බෝම්බ තුනක් සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 05 October 2023
කාන්තාවක බියවද්දා ලක්ෂ 30 ක් කොල්ල කෑ ‘රෝසා‘ - ‘කිටි‘ මාට්ටු මොරටුව ප්‍රදේශයේ නිවසකට කඩා පැන තියුණු ආයුධ පෙන්වා කාන්තාවක බිය වද්දා ලක්ෂ 30ක මුදල් සහ රන් ආභරණ මෙන්ම විදේශ මුදල් කොල්ල කෑ බව කියන රෝසා සහ කිටි නමැති සැකකරුවන් දෙදෙනා අද (5) සන්ධ්‍යාවේ අත්අඩංගුවට ගත් බව මොරටු පොලිසිය පැවසීය. 05 October 2023
දොස්තර ගේ පුතා පැදවූ මෝටර් රථයට හැපුණු කොස්තාපල්ට බරපතළයි අධික වේගයෙන් ධාවනය වු සුඛෝපභෝගී මෝටර් රථයක් අද (5) පස්වරුවේ කොළඹ කුරුදුවත්ත නිදහස් වටරවුමේ රථවාහන හැසිරවීමේ රාජකාරියේ නිරත සිටි පොලිස් කොස්තාපල්වරයකු ද යටකරගෙන යාම හේතුවෙන් එම කොස්තාපල්වරයා බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි. 05 October 2023
දියලපේ කන්ද නාය ගිය හැටි අකුරැස්ස දියලපේ, තැන්නපිටහේන කන්ද නායයෑමත් සමග ඊට පහළ පදිංචි පවුල් 21 ක සාමාජිකයින් 73 කු ඉන් ඉවත් කර තාවකාලිකව ඔවුන් අකුරැස්ස දියලපේ කනිටු විදුහලේ පදිංචි කිරීමට අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කේ.ජී.ඩී.අනෝජා මහත්මිය කටයුතු කළේය . 05 October 2023
තරුණයෙකු පැහැරගෙන පහරදී මග දමාගිය සරසවි සිසුහු 4 ක් දැලේ කුරුඳුවත්ත තුරග තරග පිටිය අසල දී තරුණයකු පැහැරගෙන මෝටර් රථයකින් රැගෙන ගොස් පහර දී රන් මාලයක් ද කොල්ල කා කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසල දමා ගිය රාජගිරිය පෞද්ගලික විශ්ව විද්‍යාලයක සිසුන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි 05 October 2023
දේශීය ඌරු මස් කෑවට නීපා බෝවෙන්නෙ නෑ ඌරු මස් අනුභවයෙන් “නීපා” වෛරසය මෙරට බෝවීමේ අවදානමක් නැතැයි පශු සම්පත් විශේෂඥයන් කෘෂිකර් ම අමාත්‍යංශයට දැනුම් දී තිබේ. 05 October 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026