IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


සා.පෙළ අවසන් වූ විගස උසස් පෙළට පන්ති

(ආරියරත්න රණබාහු)

ලබන හයවෙනිදා ආරම්භ කරන අධ්‍යයන පොදු  සහතිකපත්‍ර  සාමාන්‍ය පෙළ විභාගය අවසන් වු වහාම එම විභාගයට පෙනී සිටි  සිසුන් සඳහා පාසල්වල උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල්  ප්‍රේමජයන්ත මහතා පවසයි

පසුගිය කොවිඩ් ව්‍යසන සමයේ පාසල් වසා තැබීම නිසා අතපසු අධ්‍යන කටයුතු හා පාසල් විභාග කාලසටහන යථාවත් කිරීමේ වැඩපිළිවෙල අනුව මෙම තීරණය ගත් බවද ඇමතිවරයා කීය.

මේ සඳහා මේ වන විටත් උසස් පෙළ විද්‍යා ගණිත තාක්ෂණවේදය හා විදේශ භාෂා විෂය ධාරා ඉගැන්වීමට අලුතෙන් ගුරුවරුන් තුන්දහසක් බඳවා ගන්නා බවද ඇමතිවරයා සඳහන් කළේය .

මෙම සතිය තුළ එම පිරිස බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පවත්වා අවසන් වන කරන බවද හෙතෙම සඳහන් කළේය

ජාතික අධ්‍යාපන ආයතනයේ නිල අන්තර්ජාල ගුවන් විදුලි නාලිකාව ආරම්භ කිරීම අවස්ථාවට සහභාගි වෙමින් ඇමතිවරයා මෙම කරුණු පැවසීය. 



අදහස් (4)

සා.පෙළ අවසන් වූ විගස උසස් පෙළට පන්ති

ජයනාත් Monday, 29 April 2024 09:47 PM

උසස් පෙල විෂය ධාරා වලට එතකොට සාමාන්‍ය පෙල ප්‍රතිඵල අදාල නැති ද... තවත් අවුල් ජාලයකට මුල..

:       5       12

පාඨකයෙක්Tuesday, 30 April 2024 12:12 AM

දැනට වසර 30ට පෙර සිටත් මෙම ක්‍රමවේදය මෙරට පෞද්ගලික පාසල්වල සාර්ථකව ක්‍රියාත්මක විය. එකල උසස් පෙළ විභාගයට විෂයන් 4ක් හැදෑරීම අනිවාර්ය වූ අතර, සාමාන්‍ය පෙළ විභාගයට පෙර පවත්වනු ලැබූ කඩඉම් විභාගයේදී ලබා ගත් ලකුණු, උසස් පෙළ විෂයන් හැදෑරීමට ප්‍රවේශය විය. එහිදී විද්‍යා විෂය ධාරාවලට සිසුන් ඇතුලත් කිරීමෙදී කඩඉම් විභාගයේදී විද්‍යා විෂයට විශිෂ්ට සම්මානයක් ද ගණිතය විෂය ධාරාවටනම් ගණිත විෂයට විශිෂ්ට සම්මානයක් ද ලබා තිබිය යුතු විය.

:       0       1

nuwan Tuesday, 30 April 2024 06:03 AM

A/L කියන්නේ O/L රිසාල්ට් එක මත බේස් උන විභහගයක් .එතකොට කොහොමද එහෙම කරන්නේ ,අනිවාර්යයෙන්ම O/L ෆේල් වෙන පිරිසක් ඉන්නවා.අනික A/L පන්ති 3 ක් කරන්න ගුරුවරු , පන්ති කාමර කිසිම පාසලක නැහැ.මේක ප්‍රශ්න රැසක් නිර්මාණය කරන අවුලක්.එක්සෑම් කල් යන අවුලට වඩා ලොකු අවුලක් වේවි

:       0       3

Rifan Tuesday, 30 April 2024 08:17 AM

මුන්ට අමු කැවිලාද කොහෝදෝ, ළමයෙක් ලියපු විභාගයේ ප්‍රථිපලය නියමිත වේලාවට දෙන්න බැරි එක හඳනවා වෙනුවට ළමයි අසරණ කරන වැඩක් මේ කරන්න හදන්නේ. මුන්ට ඉදිරි ඡන්දයත් එක්ක මොළේ විකාති වෙලා පිස්සු කෙලිනවා. අඩුම ගාණේ ගියවර උසස් පෙල ප්‍රථිපලය නිකුත් කරන දිනයක් නිශ්චිතව පුළුවන්නම් කියපල්ල බලන්න.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site