(ගයාන් සූරියආරච්චි)

2022 වසරේ අහුංගල්ල ප්‍ර දේශයේ හෝටලයක් අසලදී පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකර ඇපමත නිදහස්ව සිටි අපරාධකරුවකු හෙරොයින් මත්කුඩු සමග රඹුක්කන මාගොල්ලවත්ත හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

2017 වර්ෂයේ දි ඇඹිලිපිටිය ගොඩකවෙල ප්‍රදේශයේ දී මිල කළ නොහැකි මැණික් කොල්ලකෑමක් මෙන්ම 2017 වර්ෂයේ රාගම ප්‍රදේශයේ බැසිලිකා පාසල අසල දී මෙම පුද්ගලයා ඇතුළු පුද්ගලයින් සිවු දෙනෙකු වැන් රථයකට වෙඩිතබා රුපියල් ලක්ෂ 78 ක මුදලක් කොල්ලකෑම සම්බන්ධයෙන් ද සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතව සිට ඇති බව විශේෂ කාර්ය බළකාය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 42 ක වියැති රඹුක්කන ප්‍රදේශයේ පුද්ගලයකු බව පොලිසිය පවසයි.

සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 820 ක් ද විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන සදහා සැකකරු රඹුක්කන පොලිසියට බාරදී තිබේ.